හිසට වෙඩි තබා ඝාතනය කළ කෙනරගේ කුස තුළ මාස තුනක කළලයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව 2023 වසරේ දී සැප්තැම්බර් 22 දක්වා අලි මරණ 335ක් වාර්තා වී ඇත.
හිසට වෙඩි තබා ඝාතනය කළ කෙනරගේ කුස තුළ මාස තුනක කළලයක්

හිසට වෙඩි තැබීමෙන් පසු කැකිරාව, වෙරුන්කුලම වැව ආසන්නයේ දී මිය ගිය කෙනරගේ කුස තුළ මාස තුනක පමණ කළලයක් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සොයා ගැනුණා.

මෙම කෙනරගේ වයස අවුරුදු 25-30 අතර බවට අනුමාන කරන බව වනජීවී නිලධාරීහු පවසති.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කෙනරගේ හිසේ අඟල් 18ක් පමණ ගැඹුරේ තිබූ වෙඩි උණ්ඩ කොටස් සොයා ගන්නා ලදී. ඔක්තෝම්බර් 04 වැනිදා ගම්වාසීන් මේ කෙනෙර ගැන වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබිණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව 2023 වසරේ දී සැප්තැම්බර් 22 දක්වා අලි මරණ 335ක් වාර්තා වී ඇත. ඉන් ස්වභාවික මරණ වාර්තා වන්නේ අටක් පමණි.