ෂෙල් ප්‍රහාර සහ විදුලි කප්පාදු මධ්‍යයේ ගාසා තීරයේ සිදුකළ දරු ප්‍රසූතිය

වීඩියෝ ශීර්ෂ වැකිය, නිරන්තර ගුවන් ප්‍රහාර සහ අවතැන්වීම් මධ්‍යයේ තම දරුවා ආරක්ෂිතව ලෝකයට ගෙන ඒමට ජුමානා ඉමාඩ් මාධ්‍යවේදිනිය දැරූ උත්සාහය මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
ෂෙල් ප්‍රහාර සහ විදුලි කප්පාදු මධ්‍යයේ ගාසා තීරයේ සිදුකළ දරු ප්‍රසූතිය

ජුමානා ඉමාඩ් යනු ගාසා නගරයේ නිදහස් මාධ්‍යවේදිනියක් වන අතර ඇය වත්මන් ගැටුම හටගන්නා විට මාස නවයක ගැබිනියක්ව සිටියාය.

ඇය දිනපතා මුහුණදෙන තත්ත්වයන් වීඩියෝ දිනපොතක් ලෙස පවත්වාගෙන ගිය අතර එය BBC අරාබියේ ඩලියා හයිඩර් සමඟ බෙදා ගත්තාය.

නිරන්තර ගුවන් ප්‍රහාර සහ අවතැන්වීම් මධ්‍යයේ තම දරුවා ආරක්ෂිතව ලෝකයට ගෙන ඒමට ජුමානා ඉමාඩ් මාධ්‍යවේදිනිය දැරූ උත්සාහය මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.