හමාස් ප්‍රාණ ඇපකරුවෝ: 'මට අම්මයි, ලේලියි ගැන දුක් වේවි ඉන්න වෙලාවක් නෑ, මට මගේ දරුවෝ බේරගන්න වෙලා තියෙනවා'
හමාස් ප්‍රාණ ඇපකරුවෝ: 'මට අම්මයි, ලේලියි ගැන දුක් වේවි ඉන්න වෙලාවක් නෑ, මට මගේ දරුවෝ බේරගන්න වෙලා තියෙනවා'
Published
හදාස් කැල්දෙරොන් ජීවත් වන්නේ කිසිවක් සිතාගත නොහැකි තත්ත්වයකිනි. ඇයගේ දරුවන් දෙදෙනා සහ දරුවන්ගේ පියා තවත් 200කට අධික පිරිසක් සමග ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටී.
හමාස් සටන්කාමීන් විසින් ඔවුන් අල්ලා ගන්නා ලද්දේ, ඔක්තෝබර් 07 වන දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය අතරතුරදී ය.
හමාස් සටන්කාමීහු හදාස්ගේ මව සහ ලේලිය ද ඝාතනය කළහ. එවැනි විශාල අහිමි වීමක් මැද, හදාස් ලෝක නායකයින්ගෙන් සහ ඊශ්‍රායල් රජයෙන් ඉල්ලා සිටින්නේ, පළමුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසය.