'රැස්වීම්වල දී මගෙ අදහස් ගණන් ගැනුනේ නෑ. ඉතින් මම ඒකට විසඳුමක් හොයාගත්තා.'

වීඩියෝ ශීර්ෂ වැකිය, රැකියාවේ දී ඉදිරියට යෑමට හැකි ආකාරය පිළිබඳ උපදෙසක්
'රැස්වීම්වල දී මගෙ අදහස් ගණන් ගැනුනේ නෑ. ඉතින් මම ඒකට විසඳුමක් හොයාගත්තා.'

ගෝලීය තොරතුරු තාක්ෂණ උපදේශන ආයතනයක් වන ඇවනේඩ්හි ප්‍රධාන විධායක නිලධාරිනී පැමෙලා මේනාඩ්, මේ වීඩියෝව හරහා රැකියාවේ දී ඉදිරියට යෑමට හැකි ආකාරය පිළිබඳ ඇගේ උපදෙස් බෙදාගන්නී ය.

තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිටින ඉතාම අඩු සංඛ්‍යාවක කළු වාර්ගික කාන්තාවන්ගෙන් අයෙකු වන ඇය, රැස්වීම්වල දී ඇගේ අදහස් ඉදිරිපත් කිරීමේ දී අවධානය නොලැබීමේ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා ය.

ඇගේ කළමනාකරුගේ සහායෙන් එම අභියෝගය ජයගත් ආකාරය මෙම වීඩියෝවෙන් ඇය ඉදිරිපත් කරයි.