ජීවිතය රෝගයකට භාර නොදුන් දියණිය 'ගිරිජා'

වීඩියෝ ශීර්ෂ වැකිය, ජීවිතය රෝගයකට භාර නොදුන් දියණිය ‘ගිරිජා’
ජීවිතය රෝගයකට භාර නොදුන් දියණිය 'ගිරිජා'

පහසුවෙන් බිඳෙනසුළු අස්ථි සහිතව උපත ලැබූ 29 හැවිරිදි ගිරිජා 'ඔස්ටියෝජෙනසිස් ඉම්පර්ෆෙක්ටා' (Osteogenesis Imperfecta) රෝගයෙන් පෙළෙන්නී ය. ඇයට වෙනත් අයෙකුගේ සහයෝගයක් නොමැතිව ඇවිදීමට හෝ වාඩි වීමට නොහැක.

එහෙත්, එම රෝගී තත්ත්වයට සිය ජීවිතය පාලනය කිරීමට ඇය ඉඩ නොදෙයි. කලාවට සම්බන්ධ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ සිට වේෂ නිරූපණය සහ නිර්මාණශීලී ක්‍රියාකාරකම් හරහා ජීවිතයට සතුටක් සොයා ගැනීම දක්වා, ගිරිජා තමන්ට ඇති සීමා නොතකමින් නොපසුබස්නා උත්සහය තෝරාගෙන තිබේ.

මිතුරියක සහ රැකබලා ගන්නියක ලෙස ඇය සමග සිටි ඇගේ මව සමග එක්ව, ගිරිජා ධෛර්යය, ස්වාධීනත්වය සහ නොබිඳිය හැකි බැඳීමක කතාවක් අප සමග බෙදා ගනියි.