ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පැනරාමා වැඩසටහනේ සිය කතාව සංස්කරණය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් බීබීසීයට එරෙහිව ඩොලර් බිලියන 5 ක අපහාස නඩුවක් ගොනු කරයි
පැනරාමා වාර්තා වැඩසටහනකදී 2021 ජනවාරි 6 වන දින තමා කළ කතාව සංස්කරණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බීබීසීයට එරෙහිව ඩොලර් බිලියන 5 (පවුම් බිලියන 3.7) ක නඩුවක් ගොනු කර තිබේ.
ෆ්ලොරිඩාවේ ගොනු කරන ලද නඩුවේ අධිකරණ ලේඛනවලට අනුව, අපහාස කිරීම සහ වෙළඳ පිළිවෙත් නීතියක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් බීබීසීයට චෝදනා නඟා ඇත.
පසුගිය මාසයේදී බීබීසී විසින් ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටි නමුත් වන්දි සඳහා ඔහුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර "අපහාසය පිළිබඳ ඉල්ලීමක් සඳහා කිසියම් පදනමක්" ඇති බවට එකඟ නොවීය.
"හිතාමතාම, ද්වේෂ සහගතව සහ නොමඟ යවන ආකාරයෙන් ඔහුගේ කතාව විකෘති" කර ඇති බවට ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම බීබීසීයට චෝදනා කර තිබේ. මෙම නඩුවට බීබීසී තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.
බීබීසී අභ්‍යන්තර ලේඛනයක සඳහන් වූයේ, 2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප් කළ කතාවක කොටස් දෙකක් එකට සම්බන්ධ කිරීමෙන් මෙම වැඩසටහන නරඹන්නන් නොමග යවා ඇති බවත්, එමගින් ඔහු මැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට පහර දෙන ලෙස ජනතාවගෙන් පැහැදිලිව ම ඉල්ලා සිටින බවක් පෙනෙන්නට ඇති බවත් ය.
බීබීසී ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඩෙබෝරා ටර්නස්, අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සමග ඉල්ලා අස්වීමෙන් පසු, සංස්ථාව "ආයතනික වශයෙන් පක්ෂග්‍රාහී" නොවන බව අවධාරණය කළා ය.
බීබීසී පුවත් සේවයේ සංස්කරණ ප්‍රමිති කමිටුවේ හිටපු ස්වාධීන බාහිර උපදේශකයෙකු වන මයිකල් ප්‍රෙස්කොට් විසින් ලියන ලද සංදේශයක් පසුගිය සතියේ ටෙලිග්‍රාෆ් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ පසු එල්ල වූ පීඩනය ඉහළ යාම හේතුවෙන් ඔවුන්ගේ ඉල්ලා අස්වීම් සිදුවිය.
ගාසා වාර්තාකරණය, ට්‍රම්ප් විරෝධී සහ ඊශ්‍රායල විරෝධී පක්ෂග්‍රාහීත්වය සහ ඒකපාර්ශ්වික සංක්‍රාන්ති ලිංගික වාර්තාකරණය ඇතුළු අනෙකුත් "ගැටලු" සම්බන්ධයෙන් අදාළ ලේඛනය මගින් චෝදනා කර තිබේ. එය පැනරාමා වැඩසටහනේ ට්‍රම්ප්ගේ කතාවේ සංස්කරණය පිළිබඳව ද සඳහන් කර තිබිණි.
සඳුදා දිනයේදී බීබීසී සභාපති සමීර් ෂා, වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් "විනිශ්චයේ දෝෂයක්" සිදු කර ඇති බවත්, සංස්කරණය කරන ලද කතාව "ක්‍රියාත්මක වීම සඳහා ඍජු කැඳවීමක්" ලෙස හැඟීමක් ඇති කළ බවත් පිළිගත් අතර, බීබීසී ඒ සඳහා සමාව අයැදීමට කැමති බව පැවසීය.
එහෙත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා කමිටුවේ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ, අදාළ ලේඛනය නිසා බීබීසී "වළලා දැමීමට උත්සහ කළ" කරුණු අනාවරණය වී ඇති බව "සරලව ම සත්‍ය නොවේ" - එමෙන් ම ලේඛනයේ මතු වූ ගැටලු විසඳීමට බීබීසී කිසිවක් කර නොමැති බව පැවසීම නිවැරදි නොවන බව ය.
බීබීසීයට ලැබුණු ට්‍රම්ප්ගේ ලිපියෙන්, සමාව අයැද සිටින ලෙසත්, සංස්ථාව ජනාධිපතිවරයාට "සුදුසු වන්දි" ගෙවන ලෙසත් ඉල්ලා තිබේ.
ඔහු පිළිබඳව "අසත්‍ය, අපහාසාත්මක, අවමන්සහගත, නොමග යවනසුලු සහ ගිනි අවුළුවන ප්‍රකාශ" සිදු කළ බවට එම ලිපිය මගින් බීබීසීයට චෝදනා කරයි.
ට්‍රම්ප්ගේ නීතිඥ ඇලෙජැන්ඩ්‍රෝ බ්‍රිටෝ ද ෆ්ලොරිඩා නීතිය යටතේ බීබීසී ආයතනය අපහාසයක් සිදු කළ බවට චෝදනා කළේ ය.
පාර්ලිමේන්තු කමිටුවට යැවූ ලිපියේ බීබීසී සභාපති සමීර් ෂා පැවසුවේ, අභ්‍යන්තර ලේඛනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බීබීසීයට පැමිණිලි 500කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබූ බව ය.
බීබීසී පුවත් සේවයේ එක්සත් ජනපද මැතිවරණ ආවරණය පිළිබඳ පුළුල් සමාලෝචනයක කොටසක් ලෙස, මෙම වසරේ ජනවාරි සහ මැයි මාසවලදී බීබීසී සංස්කරණ මාර්ගෝපදේශ සහ ප්‍රමිති කමිටුව විසින් පැනරාමා සංස්කරණය සාකච්ඡා කර තිබූ බව ඔහු පැවසීය.
ප්‍රෙස්කොට් සහ ඇතැම් කමිටු සාමාජිකයින් ඒ ගැන කනස්සල්ල පළ කළ බව ඔහු තවදුරටත් පැවසීය.
"වීඩියෝව සංස්කරණය කිරීමේ අරමුණ කතාවේ පණිවිඩය ප්‍රකාශ කිරීම බව බීබීසී ප්‍රවෘත්ති හරහා තමාට අසන්නට ලැබුණු බව" ෂා තවදුරටත් පැවසීය.
මේ හරහා "ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් එය පිළිගෙන ඇති ආකාරය සහ ඒ අවස්ථාවේ භූමියේ සිදුවෙමින් පවතින දේ වඩා හොඳින් තේරුම් ගැනීමට" පැනරාමාවේ ප්‍රේක්ෂකයින්ට හැකි විය.
"එය සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාර ආකර්ෂණය කර නොගත් නිසාත් එක්සත් ජනපද මැතිවරණයට පෙර සම්ප්‍රේෂණය කර තිබූ නිසාත්" එම කරුණ තවදුරටත් ඉදිරියට ගෙන නොගිය බව ඔහු පැහැදිලි කළේ ය.
"ඉදිරියේදී මෙවැනි අවස්ථාවලදී, වඩාත් විධිමත් ක්‍රියාමාර්ග ගැනීම වඩා යෝග්‍ය වනු ඇත," ඔහු තවදුරටත් පැවසීය.
2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප්ගේ කතාවේදී ඔහු මෙසේ පැවසීය: "අපි කැපිටල් වෙත ඇවිද යන්නෙමු, අපගේ නිර්භීත සෙනෙට් සභිකයින්, කොන්ග්‍රස් සභිකයින් සහ කාන්තාවන් වෙනුවෙන් අපි ඔල්වරසන් දෙන්නෙමු."
පැනරාමා වැඩසටහනේදී, ඔහු මෙසේ පවසනු පෙන්වන ලදී: "අපි කැපිටල් වෙත ඇවිද යන්නෙමු... මම ඔබ සමග එහි සිටිමි. අපි සටන් කරමු. අපි උපරිමයෙන්ම සටන් කරමු."
එකට සම්බන්ධ කරන ලද කොටස් දෙක සැබෑ කතාව තුළ මිනිත්තු 50කට වඩා වැඩි පරතරයකින් යුක්ත විය.
බීබීසී වටා ඇති "වත්මන් විවාදය" ඔහු ඉල්ලා අස්වීමට ගත් තීරණයට එක ම හේතුව නොවන බවත්, එහෙත්, එය "ඊට බලපෑ" බවත් ඩේවි ඉරිදා පැවසීය.
"සමස්තයක් වශයෙන් බීබීසී හොඳින් ක්‍රියාත්මක වෙනවා, නමුත් යම් යම් වැරදි සිදුවී ඇති අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මම අවසාන වගකීම භාර ගත යුතු යි."
2022 සිට ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් වැඩසටහන් අධීක්ෂණය කළ ටර්නස්, ඉල්ලා අස්වන බව නිවේදනය කිරීමෙන් පසු ඇයගේ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයේදී සඳුදා පැවසුවේ, බීබීසීය "ආයතනික වශයෙන් පක්ෂග්‍රාහී නොවන" බව ය.
"වැරදි සිදු වෙනවා" නමුත් බීබීසී මාධ්‍යවේදීන් "අපක්ෂපාතීත්වය සඳහා වෙහෙසෙන වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසුන්" යැයි ඇය ලන්ඩන් විකාශක මූලස්ථානයෙන් පිටත වාර්තාකරුවන්ට පැවසුවා ය.
බීබීසී පුවත් සේවය "ආයතනික වශයෙන් පක්ෂග්‍රාහී" බව අගමැතිවරයා විශ්වාස නොකරන බව ශ්‍රීමත් කියර් ස්ටාර්මර්ගේ ප්‍රකාශකයෙක් පැවසීය.
බීබීසී "දූෂිත" බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය ද ප්‍රතික්ෂේප කළේ ය. "දූෂිත" යන වචනය ට්‍රම්ප් බීබීසී පුවත් සේවයේ ඇතැම් මාධ්‍යවේදීන් හැඳින්වීමට භාවිත කළ වචනයකි.
බීබීසී තුළ "දීර්ඝ කාලයක් තිස්සේ පිළිතුරු දිය යුතු බරපතළ ප්‍රශ්න" තිබූ බව පැවසූ කොන්සර්වේටිව් නායක කෙමී බැඩනොක්, වාර්තාමය වැඩසටහනේ සිදුවීම "සැබෑ ගැටලුවක්" බව පැවසීය.
"බීබීසී විනාශ කර අපේ මුදල් ලබා ගැනීමට" ට්‍රම්ප්ට අවශ්‍ය වී ඇතැයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩේවි පැවසූ අතර, Reform UK පක්ෂයේ එක්සත් රාජධානියේ නායක නයිජල් ෆරාජ් "ඔහු පොළඹවන" බවට චෝදනා කළේ ය.
සිකුරාදා ට්‍රම්ප් සමග කතා කළ බව ලන්ඩන් මාධ්‍ය හමුවකදී ෆරාජ් පැවසීය: "ඔහු මට කිව්වා: 'ඔබ ඔබේ හොඳ ම සගයාට සලකන්නේ මෙහෙම ද? කියලා".
ඊශ්‍රායල්-ගාසා යුද්ධය පිළිබඳ බීබීසී අරාබි සේවයේ වාර්තාකරණයේදී, පක්ෂග්‍රාහීත්වයේ "ක්‍රමානුකූල ගැටලු" ලෙස ඔහු විස්තර කළ දේ විසඳීමට ක්‍රියාමාර්ග නොමැතිකම පිළිබඳව ප්‍රෙස්කොට් කනස්සල්ල පළ කර තිබිණි.
ඊට අමතරව, සංක්‍රාන්ති ලිංගික ගැටලු පිළිබඳ බීබීසී විසින් කරන ලද ආවරණ පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළ අතර, සංක්‍රාන්ති ලිංගික හිතවාදී න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කළ විශේෂඥ LGBT වාර්තාකරුවන් එය ඵලදායී ලෙස "වාරණය" කර ඇති බව යෝජනා කළේ ය.
බීබීසී අරාබි සේවය පිළිබඳ ගැටලු ඇතුළුව, සංස්කරණ ප්‍රමිති කමිටුව මෙම කරුණු සාකච්ඡා කර ඇති බව ෂාගේ ලිපියේ සඳහන් විය.
ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අනන්‍යතා ආවරණය පිළිබඳ සමාලෝචනයකින් "බොහෝ ආවරණයන් බීබීසීහි අපක්ෂපාතීත්වය සහ නිරවද්‍යතාව පිළිබඳ ප්‍රමිතීන් සපුරා ඇති" බව ඔහු පැවසීය.
"බීබීසීයට වැරදි සිදුවන අවස්ථා ඇති බව කමිටුව පිළිගන්නා" බවත්, අවශ්‍ය විටෙක විනය පියවර, මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම සහ නිවැරදි කිරීම් නිකුත් කිරීම ඇතුළුව පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
"මෙම තනි ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ප්‍රෙස්කොට් විනිශ්චය කළා විය හැකි යි."
"ඒ ඔහුගේ මතයයි - ඒ වගේ ම ඒ තීන්දුව ගත යුත්තේ ඔහු ම යි. කෙසේ වෙතත්, ගැටලු නොසලකා හැර ඇති බව හෝ පියවර ගෙන නොමැති බව පැවසීම සත්‍ය නොවේ."
බීබීසී සංස්කෘතික සංස්කාරක කේටි රසල් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බීබීසී අරාබි සේවය සහ දීර්ඝ පුවත් ඒකකය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග උපුටා දක්වමින් ෂා අවධාරණය කළේ, ගැටලු විසඳීමට බීබීසීය කිසිවක් කර නොමැති බව "සරලවම සත්‍ය නොවේ" යනුවෙනි.
ඊශ්‍රායල්-ගාසා යුද්ධය වාර්තා කිරීමේදී "ඊශ්‍රායල විරෝධී" පක්ෂග්‍රාහීත්වයක් දක්වන බවට එල්ල වූ චෝදනාවලට එරෙහිව ඔහු බීබීසීය ආරක්ෂා කළේ ය.
ප්‍රෙස්කොට් විසින් මතු කරන ලද විවිධ ගැටලු බැරෑරුම් ලෙස සලකන බවත්, ඒවාට "පුද්ගල වැරදි සහ පවතින ගැටලු" ඇතුළත් බවත් ඔහු පැවසූ අතර, ඒ දෙකට ම පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය - නමුත් පද්ධතිමය පක්ෂග්‍රාහීත්වය පිළිබඳ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.
මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දියත් කිරීම හෝ තර්ජනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයාට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, එහි ප්‍රතිඵල විවිධ වේ.
2024 මැතිවරණයට පෙර එවකට උපජනාධිපති සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් රැවටිලිකාර ලෙස සංස්කරණය කළ බවට චෝදනා කරමින් ට්‍රම්ප් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු, ජූලි මාසයේදී බීබීසීහි එක්සත් ජනපද හවුල්කරු CBS ප්‍රවෘත්ති සහ එහි මව් සමාගම වන පැරමවුන්ට් ඩොලර් මිලියන 16 (පවුම් මිලියන 13.5) කට එකඟ විය.
නිව්යෝර්ක් ටයිම්ස්, සීඑන්එන් සහ ඩෙස් මොයින්ස් රෙජිස්ටර් යන මාධ්‍ය ආයතන ද ට්‍රම්ප්ගෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දී තිබේ.