දේශපාලන ප්‍රචණ්ඩත්වයේ නව සාමාන්‍යයකට මුහුණ දෙන ඇමෙරිකාව

වීඩියෝ ශීර්ෂ වැකිය, ට්‍රම්ප්ගේ ගොල්ෆ් පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු ගැන පොලිසිය විස්තර කරමින්
    • Author, ඇන්තනි සර්චර්
    • Role, උතුරු ඇමෙරිකානු වාර්තාකරු

ප්‍රධාන පක්ෂයක ජනාධිපති අපේක්ෂකයෙකු වෙත කිසිදු දේශපාලන ප්‍රචණ්ඩත්වයකින් තොර දශක ගනනාවක් පුරා පැවති වාතාවරණයකින් පසු, එක්සත් ජනපදය දැන් මාස දෙකක් ඇතුළත දෙවතාවක්ම මෙම තර්ජනයට මුහුණ දී ඇත - අවස්ථා දෙකේදීම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්කය විය.

ජූලි මැද භාගයේදී, පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැස්වීමකදී තුවක්කුකරුවෙකු ඔහුට තැබූ වෙඩි පහරක් හිසට වැදී යාමෙන් ඔහු යාන්තමින් බේරුණි. ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ වෙඩි තැබීමකින් 20 හැවිරිදි ප්‍රහාරකයා එහිදී මිය ගියේය.

ඉන් මාස දෙකකට පසු, ඉරිදා පස්වරුවේ, ගොල්ෆ් ක්‍රීඩා කරන අතරතුර, ඔහු තවත් ඝාතකයෙකුගේ ඉලක්කය වී ඇති බව FBI අනාවරණ කළ අතර සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශකයින් පැවසුවේ, ට්‍රම්ප් ඔහුගේ වෙස්ට් පාම් බීච් ගොල්ෆ් පිටියේ ක්‍රීඩා කරමින් සිටියදී AK-47 වර්ගයේ රයිෆලයකින් සන්නද්ධ පුද්ගලයෙකු පඳුරු අතර රැඳී සිටින අයුරු රහස් සේවා නියෝජිතයන් දැක ඇති අතර ප්‍රහාරකයා එහිදී වෙඩි තබා ඇති බවය.

ඇමෙරිකානුවන්ට පසුගිය වසර කිහිපය තුළ නිතිපතාම පාහේ දේශපාලනයේ “නව සාමාන්‍ය තත්ත්වයන්ට” හැඩගැසීමට සිදුවී ඇත. ජාතික කතිකාව රළු මුහුණුවරක් ගෙන ඇති අතර, පක්ෂග්‍රාහී බෙදීම් තියුනු වී වඩාත් මුල් බැස ගෙන ඇති අතර අපේක්ෂකයින්ගේ හැසිරීම් පිළිබඳ සම්මතයන් ඛාදනයට ලක් වී ඇත.

ඇමෙරිකාව පුරා වසංගතයක් මෙන් පැතිරී ඇති ගිනිඅවි ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගත්විට, මෙවැනි ප්‍රහාර සමහර විට තවත්, නොවැළැක්විය හැකි නව සාමාන්‍ය තත්ත්වයක් විය හැකිය. නමුත් තවමත් එය කම්පනයකි.

ෆ්ලොරිඩාවේ සිදුවීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප්ගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා ද වන උප ජනාධිපති කමලා හැරිස් කියා සිටියේ ‘ඇමෙරිකාවේ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ’ යනුවෙනි.

ඝාතන ප්‍රයත්නයේ විස්තර - විශේෂයෙන් ප්‍රහාරකයාගේ අනන්‍යතාවය සහ අරමුණ - තහවුරු කර ගැනීම තුළින් අවසානයේ මෙය ඇමෙරිකානු දේශපාලනයට ඇති කරන බලපෑම තීරණය කරනු ඇත. එහෙත්, මේ මොහොතේ, පෙනී යන්නේ - උප ජනාධිපතිවරියගේ ප්‍රකාශයන් නොතකා - මෙවැනි ප්‍රචණ්ඩත්වය වඩ වඩාත් නූතන ඇමරිකාවේ කොටසක් වී ඇති බව ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ජීවිතයට එල්ල වූ තර්ජනය පිළිබඳ සිය පළමු ප්‍රකාශයේ දී, අවධාරණය කර සිටියේ මේ කිසිවක් තුළින් තම කටයුතු මන්දගාමී කිරීමට හෝ යටත් වීමකට ඉඩ නොතබන බව ය.

"අමතක වූ" ඇමරිකානුවන් වෙනුවෙන් කතා කරන නිසා හිටපු ජනාධිපතිවරයා හිංසාවට සහ ප්‍රහාරවල ඉලක්කයක් බවට පත්ව ඇති බවට බොහෝ විට කරනු ලබන තර්කය ඔහුගේ මැතිවරණ ව්‍යාපරය සමග සැසඳී යයි.

ජූලි මාසයේදී ට්‍රම්ප්ගේ පළමු ඝාතන ප්‍රයත්නයෙන් පසු ඔහුගේ ප්‍රකාශය වූ - "සටන් කරන්න, සටන් කරන්න, සටන් කරන්න" - ඔහුගේ ආධාරකරුවන් සඳහා පෙළඹවීමක් බවට පත් විය.

“ඔවුන් මා පසුපස එන්නේ නැහැ, ඔවුන් ඔබ පසුපස එනවා,” ට්‍රම්ප් කියන්න කැමති යි "මම මඟ සිටගෙන ඉන්නවා විතරයි."

දැන් හිටපු ජනාධිපතිවරයාට තම අදහස පැහැදිලි කිරීමට යොදාගත හැකි තවත් නාටකාකාර උදාහරණයක් තිබේ.

Trump was defiant in the moments after being struck by a bullet at a rally in July

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් රැලියකදී වෙඩි උණ්ඩයකට ගොදුරු වීමෙන් පසු..
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වෙතත්, මෙම නවතම සිදුවීම පෙන්සිල්වේනියාවේ බට්ලර් හි සිදු වූ වෙඩි තැබීම තරම් ජනතාවගේ හැඟීම්වලට දැඩි බලපෑමක් ඇති නොකරනු ඇත.

මහජන රැලියකදී එම ප්‍රහාරය එල්ල වූයේ හිටපු ජනාධිපතිවරයා ලේ ගලමින් සිටින අයුරු රූපවාහිනී කැමරාවලට සම්පූර්ණයෙන්ම පෙනෙන පරිදි ය. එහිදී එක් ආධාරකරුවෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.

මෙවර සිදුවීම සිදුවූයේ ට්‍රම්ප්ට අයත් ගොල්ෆ් පිටියක වන අතර හිටපු ජනාධිපතිවරයා වහාම අනතුරින් ගලවා ගැණුනි . දින ගණනක් නැවත නැවත පෙන්වීමට ග්‍රැෆික් රූප නොමැතිව නිමා වු මෙම සිද්ධිය, මහජනයාගේ හෘදය සාක්ෂියට කෙතරම් බලපෑමක් ඇති කරයිද යන්න බලපෑ හැකිය.

කෙසේ වෙතත්, අවම වශයෙන්, පෙනෙන පරිදි ඝාතන උත්සාහය නව සිරස්තල ජනනය කරනු ඇත, එය අවම වශයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට පසුගිය දින කිහිපයේ අභියෝගාත්මක වූ තත්ත්වය තාවකාලිකව බිඳී යනු ඇත.

එය හැරිස්ට එරෙහිව පසුගිය සතියේ පැවති විවාදයේදී ට්‍රම්ප්ගේ ආරක්ෂාකාරී හැසිරීම, කුමන්ත්‍රණ මනසක් ඇති ලෝරා ලූමර් සමඟ ඔහුගේ ඇති සම්බන්ධය විවේචනය කිරීම සහ ගායක ටේලර් ස්විෆ්ට්ට එරෙහිව ඉරිදා උදෑසන සමාජ මාධ්‍ය ඔස්ස‌ේ පැවති කෝපාවිෂ්ඨ බව වෙනත් පසකට තල්ලු කරනු ඇත.

ඉරිදා නාට්‍යාකාර සිද්ධිය කම්පනයට පත් විය හැකි නමුත්, ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සති හතකට වඩා වැඩි කාලයක් ඉතිරිව තිබියදී, තවත් එය පෙරළිකාර වනු ඇතැයි පෙනී යයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ට්‍රම්ප් ඝාතන උත්සාහය ගැන රොස් ඇට්කින්ස්ගේ විග්‍රහය