ඉරානය මෙතරම් ගෝලීය ගැටුම්වලට පැටලීමට හේතු පහක්

ඉරානය මෙතරම් ගෝලීය ගැටුම්වලට පැටලීමට හේතු පහක්

ලොව පුරා සිදුවෙමින් පවතින දරුණු අර්බුද වලදී මෙන් ම මැදපෙරදිග දී අර්බුදයක් ඇති වන සෑම අවස්ථාවකම කියවෙන නමක් බවට පත්ව ඇති රට වන්නේ ඉරානය යි.

භූගෝලීය වශයෙන් දුරක පිහිටියත්, ඊශ්‍රායලය සහ හමාස් අතර ගාසා තීරයේ ඇති වී ඇති ගැටුම්වල සිට, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මෙන්ම සිරියාවේ සිවිල් යුද්ධය දක්වා ගැටුම්වල දී ඉරානය වක්‍ර භූමිකාවක් ඉටු කර තිබේ.

ඉරානය සහ එක්සත් ජනපදය අතර දශක ගණනාවක් තිස්සේ පවතින අර්බුදය සහ එහි ආරක්ෂක උපාය මාර්ග සියල්ලම ද මෙම තත්ත්වය ඇතිවීමට හේතු වී තිබේ.

ඉරානය ලොව පුරා ඇතිවන විවිධ අර්බුද රාශියකට සම්බන්ධ වීමට ප්‍රධාන හේතු පහ අපි විමසා බලමු.