බෝම්බ පිපිරීමකින් රුසියානු න්‍යෂ්ටික ආරක්ෂක බලකායේ ප්‍රධානියා මරුට

A view shows a scene of an explosion, which reportedly killed two army officers, in Moscow, Russia December 17, 2024 024 දෙසැම්බර් 17 වන දින රුසියාවේ මොස්කව්හිදී හමුදා නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා වූ පිපිරීමක දර්ශන

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මොස්කව්හි සිදුවූ පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු සහ ඔහුගේ සහයකයා මිය ගොස් තිබේ.

ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් රුසියානු න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක, රසායනික ආරක්ෂක බලකායේ (NBC) ප්‍රධානියා වන අතර ඔහු අලුයම නේවාසික ගොඩනැගිල්ලෙන් පිටව යමින් සිටියදී ස්කූටරයක සඟවා තිබූ බෝම්බයක් පුපුරුවා හැර ඇති බව රුසියානු විමර්ශන කමිටුව පවසයි.

එම ස්ථානයේ ඇති පින්තූරවල දැක්වෙන්නේ ගොඩනැගිල්ලකට ඇතුළු වන දොරටුව දැඩි ලෙස හානි වී ඇති අතර බිත්තිවල පිළිස්සුම් සලකුණු සහ ජනේල බිඳී ගොස් ඇති බවයි. මාර්ගයේ මළ සිරුරූ දැමූ බෑග් දෙකක් දැකගත හැකි විය.

ඔක්තෝම්බර් මාසයේදී, බ්‍රිතාන්‍යය විසින් කිරිලොව්ට සම්බාධක පැනවිය. ඒ , ඔහු යුක්රේනයේ රසායනික අවි භාවිතය සහ ක්‍රෙම්ලිනයේ දුස්තොරතුරු ප්‍රචාරණ ව්‍යාප්ත කිරීම අධීක්ෂණය කළ බව පවසමිනි.

සඳුදා, යුක්රේනයේ රහස් ඔත්තු සේවය වන SBU ඔහුට නොමැතිව නඩු පැවරීම උදෙසා ඔහුට එරෙහිව චෝදනා ගොනු කළ අතර "තහනම් රසායනික අවි විශාල වශයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු" බව ටෙලිග්‍රාම් හි ප්‍රකාශ කර තිබේ.

රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

රුසියාවේ ප්‍රධාන විමර්ශන අධිකාරිය වන විමර්ශන කමිටුව ප්‍රකාශ කළේ "සේවා භටයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩුවක් ආරම්භ කර ඇති" බවයි.

"විමර්ශකයින්, අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සහ මෙහෙයුම් සේවා එම ස්ථානයේ රාජකාරී කරමින් සිටිනවා," එම කමිටුව පවසයි.

"අපරාධයේ සියලු තොරතුරු නිශ්චය කිරීම සඳහා විමර්ශන සහ සෝදිසි කිරීම් සිදු වෙමින් පවතී."

Igor Kirillov, who has a bald head and wears green military overalls, speaks into a mic during a press conference කොළ පැහැති මිලිටරි ඇඳුම් ඇඳ සිටින ඊගෝර් කිරිලොව් මාධ්‍ය හමුවකදී කතා කරමින්

ඡායාරූප මූලාශ්‍රය, AP

බ්‍රිතාන්‍යයේ සම්බාධක යටතේ, කිරිලොව් වත්කම් අත්හිටුවීම සහ සංචාරක තහනමකට මුහුණ දුන්නේය, විදේශ කාර්යාලය ඔහුව හැඳින්වූයේ "ක්‍රෙම්ලිනයේ සාවද්‍ය තොරතුරුවල ප්‍රධාන ප්‍රවර්ධකයෙකු" ලෙසිනි.

"යුද උපක්‍රමයක්" ලෙස රුසියාව යුක්රේනය තුළ රසායනික අවි යොදවන බවට අමෙරිකාව මැයි මාසයේදී චෝදනා කළේ ඒවා භාවිතය තහනම් කර ඇති ජාත්යන්තර නීති උල්ලංඝනය කරන බව පවසමිනි.

රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ රුසියාව යුක්රේනයට එරෙහිව "යුද පිටියේ ජයග්‍රහණ" උදෙසා හුස්ම සිරකරන ක්ලෝරොපික්‍රින් භාවිතා කළ බවයි.

ක්‍රෙම්ලීනය එකල එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ඒවා "පදනම් විරහිත" ලෙස හඳුන්වමිනි.