පොලිසියේ ලොකු පුටු මාරුවෙන් කාන්තා නිලධාරිනියන්ට ලොකු වගකීම්

ජාතික පොලිස් කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී අත්තේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් පිරිසකට ද නව වගකීම් පවරමිනි.

එසේ ස්ථාන මාරුවිම් ලැබු පොලිස් ජ්‍යෙෂ්ඨයන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකු සිටින අතර ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු ඇතුළත් වේ.

ඉතිහාසය දෙවතාවක් අලුත් කළ කාන්තා පොලිස් නිලධාරිනිය

මෙම ස්ථාන මාරුවේදී පළමු වතාවට පොලිස් නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබීම මෙරට පොලිස් ඉතිහාසයේ සුවිශේෂි සිදුවීමකි.

එසේ අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ පළමු නිලධාරිනිය වු කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල යි.

2008 වසරේ දී කාන්තා සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් පොලිස් සේවයට එක් වී ඇති ඇය, මෙරට පොලිස් ඉතිහාසයේ කාන්තා සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වු නිලධාරිනියන් තිදෙනාගෙන් අයෙකි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී සහ විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිනියක් ද වේ.

එමෙන්ම ඇය මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි.

“ඇත්තටම සතුටුයි කාන්තාවක් විදියට මේ වගේ අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන්. මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා පොලිසියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වගේ වගකීම් වැඩි ස්ථානයකට කාන්තාවක් පත් කරපු එක ගැන.” යැයි නව පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල බීබීසි සිංහල වෙත පැවසුවාය.

මෙවැනි පත්විම් හරහා ස්ත්‍රී පුරුෂ සමානතාවය ඇති වෙමින් ලෝකයේ අවශ්‍යතාවන්ට අනුව මෙරට ද වෙනස් වෙමින් පැවතීම සම්බන්ධයෙන් ඇය සතුටු පළ කළාය.

විනිවිදභාවයෙන් යුතුව විමර්ශන සිදුකරමින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නව අධ්‍යක්ෂවරිය අවධාරණය කළාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වෙනසක්

එමෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය දරූ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව හට එම ධූරය අහිමිව ගොස් ඇති අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග පත් කර තිබේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව විසින් අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරනු ලබයි.

ස්ථාන මාරු වු නියෝජ්‍ය පොලිස්පතිවරුන්

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි සෙනවිරත්න, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා පත්කර ඇත.

නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ.යු සරත් කුමාර කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරටත්, පොලිස් ශිෂ්‍යභට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂත් පත්විම් ලබා තිබේ.

එමෙන්ම කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

ස්ථාන මාරු වු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරින් කවුද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කළ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙ අණ දෙන නිලධාරි ලෙස ස්ථාන මාරුකර තිබේ.

විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එම්.එල්.ආර් අමරසේන පත් කර ඇත.

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.එම්.එන්.ටී. කුමාර කටයුතු කරනු ලබයි.

කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.පී.බී සමරපාල පත් කර ඇති අතර කොළඹ මධ්‍යම කොට්ඨාස භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් කුමාර ස්ථාන මාරු විම් ලබා ඇත.

කන්කසන්තුරේ කොට්ඨාස භාර නිලධාරි ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.ආර්. අඹේපිටිය යි.

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ.එම්. ආරියසේන වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර ලැබ තිබේ.

අම්පාර කොට්ඨාසය භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජී.එස්.ගුණතිලක පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයී.බී. ක්‍රිෂාන්ත කැබිතිගොල්ලෑව ස්ථාන භාර නිලධාරි ලෙස ස්ථාන මාරුකර ඇත.

විභාග කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.කේ. රූපසිංහ කටයුතු කරනු ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරිවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ.

යාපනය කොට්ඨාස භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එස්. ජයමහා පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.ඩී ලියනගේ සීතාවකපුර කොට්ඨාස භාර නිලධාරි ලෙස පත් කර ඇත.

මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයේ වගකීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.එදිරිමාන්න හට පවරා තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.යූ.කේ ලොකුහෙට්ටි යි.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.කේ. විතානගේ කන්තලේ කොට්ඨාසය භාර නිලධාරි ලෙස රාජකාරි කරනු ලබයි.

කිලිනොච්චි කොට්ඨාස භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ටී. සිසිර පත් කර ඇති අතර මඩකලපුව කොට්ඨාස භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.එල්. ලීලාරත්න පත් කර ඇත.

ඇල්පිටිය කොට්ඨාස භාර තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ.ඩී.ඒ.එල් රන්දෙණිය ස්ථාන මාරුවිම් ලබා තිබේ.

පොලිස්පති පෞද්ගලික සහකාර ලෙස සහ පොලිස් ලේකම් කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.සී. බමුණුආරච්චි පත්වීම් ලබා ඇත.

කැලණිය කොට්ඨාස භාර තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ වික්‍රමනායක පත් කර තිබේ.

මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජේ.එස්. කරුණාසිංහ යි.

සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ලාල් පත් කර ඇති අතර කොළඹ දකුණ භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එල්.ඒ. සූරියබණ්ඩාර පත්විම් ලබා ඇත.

හලාවත කොට්ඨාස භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.අයි.ආර්.එන්. පෙරේරා පත්විම් ලබද්දි, පුත්තලම කොට්ඨාස භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.එච්.එම්.එම්. බණ්ඩාර පත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

තංගල්ල කොට්ඨාස භාර නිලධාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යූ.පී. සෙනවිරත්න කටයුතු කරනු ලබයි.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධූරය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.ගුණසේකර හට ලබා දී තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරය ලබා දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඩී.කේ.එස්. පෙරේරාට ය.

අමාත්‍ය සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කේ. පෙරේරා පත් කර තිබේ.

ආධුනිකයින් බඳවා ගැනිමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.එම්. සමරකෝන් පත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ස්ථාන මාරු වු පොලිස් අධිකාරිවරුන්

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත්තේ, පොලිස් අධිකාරි එම්.එන්.ජයපත්ම යි.

පොලිස් අධිකාරි උදය කුමාර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මරුවීම් ලබා තිබේ.

බස්නාහිර පළාත දකුණ රථ වාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර පත් කර ඇත්තේ පොලිස් අධිකාරි ඩබ්.වී.ඩී.ජී සමන්තිලක යි.

මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, පොලිස් අධිකාරිවරුන් හතරදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් හත්දෙනෙකු සඳහා ද වහාම ක්‍රියාත්මක පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.