Middle-earth: The Lord of the Rings කතා මාලාවේ ටෝකීන් මැවූ ෆැන්ටසි ලෝකය සොයා සැබෑ ජීවිතයේ ගිය ගමන

ටෝකීන්ගේ කතා, පරිකල්පිත ලෝකයක් වන මිඩ්ල්-අර්ත් (Middle-earth) තුළ දිගහැරුණ ද ඔහුගේ පොත් මෙන් ම ඒවා ඇසුරෙන් බිහිවුණු චිත්‍රපට සහ ටෙලි නිර්මාණවල ඇතුළත් අතිශය සුන්දර ස්ථාන ඔබ සිතනවාට වඩා ඔබට සමීප ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ටෝකීන්ගේ කතා, පරිකල්පිත ලෝකයක් වන මිඩ්ල්-අර්ත් (Middle-earth) තුළ දිගහැරුණ ද ඔහුගේ පොත් මෙන් ම ඒවා ඇසුරෙන් බිහිවුණු චිත්‍රපට සහ ටෙලි නිර්මාණවල ඇතුළත් අතිශය සුන්දර ස්ථාන ඔබ සිතනවාට වඩා ඔබට සමීප ය.

ජේ ආර් ආර් ටෝකීන්ගේ The Lord of the Rings පොත් ත්‍රිත්වයේ පළමු පොත, The Fellowship of the Ring නිකුත් කෙරුණේ මීට වසර 70කට පෙර, එනම්, 1954 ගිම්හාන ඍතුවේදී ය. කෙසේ වෙතත්, එය ටෝකීන්ගේ පරිකල්පිත ලෝකය පිළිබඳව සඳහන් වන ඔහුගේ එක ම, ආසන්නත ම නිර්මාණය නොවේ. ඒ ගැන කියැවෙන අද්විතීය රූපවාහිනී කතා මාලාවක් වන The Rings of Power 2024 අගෝස්තු 29 දින නිකුත් විය.

අද්විතීය ෆැන්ටසි කතා මාලාවකට උචිත අයුරින් එහි සිදුවීම් අතිශය සාමකාමී, හරිත කෙත්වතුවල සිට බෑවුම්වලට මැදි වූ සුන්දර නිම්න සහ ජීවයෙන් තොර කාන්තාර දක්වා විහිද යයි. ටෝකීන්ගේ කතා, පරිකල්පිත ලෝකයක් වන මිඩ්ල්-අර්ත් (Middle-earth) තුළ දිගහැරුණ ද ඔහුගේ පොත් මෙන් ම ඒවා ඇසුරෙන් බිහිවුණු චිත්‍රපට සහ ටෙලි නිර්මාණවල ඇතුළත් අතිශය සුන්දර ස්ථාන ඔබ සිතන ආකාරයට වෙනත් ලෝකයකට අයත් ඒවා නොවේ. ඒවායින් බොහොමයක් සැබෑ ලෝකයේ පවතින ස්ථාන වන අතර ඒවා නැරඹීමෙන් ඒවායේ සුන්දරත්වය පමණක් නොව මනඃකල්පිත ලොවක් නිර්මාණය කිරීමට ඒවා ටෝකීන්ට අභාෂය දුන් ආකාරය අත්විඳිය හැකි වේ.

ද ටෝකීන් ට්‍රේල් (The Tolkien Trail) : ලැන්කෂයර්, එංගලන්තය

1940 දශකයේ The Lord of the Rings රචනා කරන අතරතුර ටෝකීන්, සිය පුත්‍රයා ගුරුවරයෙකු ලෙස සේවය කළ ලැන්කෂයර්හි කීර්තිමත් නේවාසික පාසලක් වන ස්ටෝනිහර්ස්ට් කොලීජියේ කෙටි කලක් දිවි ගෙවීය. ඔහු අවට රිබල් නිම්නයේ වූ වනලැහැබවල් සහ කඳුයායවල් හරහා නිතර ඇවිද ගිය බව ඉතා හොඳින් දන්නා කාරණයක් වන අතර හොබිට්වරුන්ගේ ග්‍රාම්‍ය නිජබිම වන 'ෂයර්' නිර්මාණය කිරීමේදී ඉන් ආභාෂය ලද බවට විශ්වාස කෙරේ.

සැතපුම් හතක ටොල්කියන් ට්‍රේල් මගින් ලේඛකයා ලැන්කෂයර්හි සුන්දර භූ දර්ශනවලින් ආභාෂය ලැබූ ආකාරය හෙළි කරයි (අයිතිය : ඩැනියෙල් ස්ටේබල්ස්)

ඡායාරූප මූලාශ්‍රය, Daniel Stables

2002 වසරේදී විවෘත කෙරුණු 'ටෝකීන් ට්‍රේල්' ඔස්සේ අද ඔහුගේ රසියකයින්ට මෙම ප්‍රදේශය ගවේෂණය කළ හැකි අතර ඔහුට ආභාෂය ලබා දුන් එම භූ දර්ශනය ම අත්විඳිමින් ඔවුන්ට එහි ඇවිද යා හැක. එම ගමන් මග ඇරඹෙන්නේ 17 වන සියවසේ ආරම්භ කරන ලද, ඊට ම ආවේනික වූ හැඟීමක් ගෙන දෙන, ටෝකීන් ද නිතර ආගිය ෂර්බර්න් ආර්ම්ස් අවන්හල පිහිටා ඇති හර්ස්ට් ග්‍රීන් ගම්මානයෙනි. අනතුරුව එය සැතපුම් හතක් පමණ දුර, තරමක් උස් සහ පහත් බවින් යුක්ත ගොවිබිම් හරහා ඇදී යන්නේ, ස්ටෝනිහර්ස්ට් කොලීජියේ සුවිසල් ගොඩනැගිලි පසු කරමින් සහ තවලම් අශ්වයින් ගෙන යාමට යොදාගත්, ඔලිවර් ක්‍රොම්වෙල් විසින් ඉංග්‍රීසි සිවිල් යුද්ධයේදී භාවිත කරන ලද මේ වන විට වල් වැදී ඇති ක්‍රොම්වෙල්ස් පාලම වැනි ඓතිහාසික සංධිස්ථාන ඔස්සේ ය.

මෙම මග දිගේ වැටී ඇති ස්ථානවලින් සිදුවුණු බලපෑම පිළිබඳව ටෝකීන් ඍජුව සඳහන් නොකළ ද ඔහු ඒවායින් ආභාෂය ලත් බව කිව හැකි මූලාශ්‍ර කිහිපයක් තිබේ. එය හැකින් හෝල් (Hacking Hall) නමැති සුවිසල් මන්දිරයක් පසු කර යන අතර ටෝකීන්ගේ අවධියේදී එහි රිබල් ගඟ හරහා මිනිසුන් රැගෙන ගිය ලීයෙන් තනන ලද 'හැකින් ෆෙරී' (Hacking Ferry) ලෙස හැඳින් වූ පාරුවක් තිබී ඇත. The Fellowship of the Ringහි ඇති බකල්බෙරී පාරුව (Bucklebury Ferry) ද [බ්‍රැන්ඩි හෝල් නමැති සුවිසල් මන්දිරය පිටත ඇත], ඒ හා සමාන ආකාරයකින්, බියකරු අද්භූත අශ්වාරෝහකයෙකුගෙන් මිදී පළා යන හොබිට්වරුන් බ්‍රැන්ඩිවයින් ගඟ හරහා රැගෙන යයි

මේ අතර, ස්ටෝනිහර්ස්ට් අසල ඉඩමකට හිමිකම් කී එම ප්‍රදේශයේ ම දිවි ගෙවූ 'ෂර්බර්න්ස්' ලෙස හැඳින්වූ පවුලේ නමින් ටෝකීන්ගේ මිඩ්ල්-අර්ත්හි හමුවන ගඟක් වන 'ෂර්බර්න්' ගඟ (River Shirebourne) නම් තබා ඇති බව දක්නට ලැබේ. මේ අතර, ටෝකීන්ගේ සිතියම්වල ෂර්බර්න්, විතීවින්ඩ්ල් සහ බ්‍රැන්ඩිවයින් යන ගංගා එකිනෙක හමුවීම නිරූපණය කරන්නේ, ලැන්කෂයර්හි හොඩර්, රිබල් සහ කල්ඩර් යන ගංගා එකිනෙක හමුවන ආකාරයට ම ය. ඊට අමතරව, නිව්චර්ච්-ඉන්-පෙන්ඩ්ල් ගම්මානය ආසන්නයේ පිහිටා ඇති සාන්ත මරියා දෙව්මැදුරේ තරමක් විශේෂ ලක්ෂණයක් දක්නට ලැබේ. එහි ඇති කුළුණේ අඩක් පමණක් උසින් ඇති 'දෙවියන්ගේ ඇස' (Eye of God) ලෙස හඳුන්වන, ඇසක් හැඩැති කැටයම, Lord of the Rings පොත් සහ චිත්‍රපටවල දක්නට ලැබෙන, සියලු දේ දැකීමේ හැකියාව ඇති 'සරොන්ගේ ඇසට' (Eye of Sauron) සමාන ලෙස දිස් වේ.

caves of Cheddar Gorge inspired his work

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

චෙඩර් ගෝජ් (Cheddar Gorge) : සමර්සෙට්, එංගලන්තය

මිඩ්ල්- අර්ත්හි ඇති ස්ථාන ටෝකීන්ගේ පරිකල්පිත අධ්‍යයන ලෝකය මත පදනම් ව බව පැවසුව ද, ඔහු විසින් ම තහවුරු කරනු ලබන, The Lord of the Rings සඳහා සැබෑ ජීවිතයේදී ආභාෂය ලද ස්ථානයක් තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ටෝකීන් සහ ඔහුගේ බිරිඳ 1916දී විවාහ වූ අතර ඔවුන් මධුසමය ගත කළේ, ක්ලීව්ඩන්හි සමර්සෙට් ගම්මානයේ ය. එහි සිටියදී ඔවුන් බ්‍රිතාන්‍යයේ වඩාත් ම දර්ශනීය ස්ථානයක් වන චෙඩර් ගෝජ් වෙත ගොස් තිබේ. එය හුණුගල් පාෂාණවලින් සෑදූණු බෑවුම් සහිත අලංකාර නිම්නයකි. එහි තැනින් තැන ගුහා ඇති අතර ඒවායේ බිත්ති මැණික් ගල් මෙන් දිස්වන, ඛාදනය වී ගිය පාෂාණවලින් හැඩ වී ඇත.

මධුසමය ගත කරමින් සිටිය ද, රාජකාරිය සඳහා වැඩි අවධානයක් යොමු කළ මෙම කතුවරයා සටහන් තබා ගනිමින් සිටියේ ය. 1971දී ඔහු පෞද්ගලික ලිපියක් මගින් තහවුරු කළේ, (එය 1981දී The Letters of J.R.R. Tolkienහි කොටසක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි) The Lord of the Ringsහි හෙල්ම් අගාධයේ (Helm's Deep) දිලිසෙන ගුහා (Glittering Caves) සඳහා චෙඩර් ගෝජ්හි ගුහාවලින් ආභාෂය ලත් බව ය.

චෙඩර්හි පිහිටා ඇති ගුහා අතරින් වඩාත් ප්‍රසිද්ධ ගොෆ් ගුහාව (Gough Cave) වෙත පිවිසිය හොත් ටෝකීන්ගේ 'දිලිසෙන ගුහා' පිළිබඳ විස්තරයේ මූලිකාංග ඔබ හඳුනා ගනු ඇත: "සුදු හා කුංකුම සහ අලුයම අහසේ ඇති රෝස පැහැ ගැන්වුණු ස්ථම්භ... ඉතා සියුම් ලෙස කැටයම් කළ, මායාවක් සේ දිස්වන."

Denize Bluffs in New Zealand’s Mangaotaki Valley provided several LOTR filming locations (Credit: Hairy Feet Waitomo)

ඡායාරූප මූලාශ්‍රය, Hairy Feet Waitomo

ඩෙනීස් බ්ලෆ්ස් (Denize Bluffs) : වයිටෝමෝ, නවසීලන්තය

නවසීලන්තයේ උතුරු දූපතේ පාෂාණ හා පඳුරු සහිත ප්‍රදේශයක් වන ඩෙනීස් බ්ලෆ්ස් The Lord of the Rings රසිකයින්ට ක්ෂණිකව හඳුනා ගත හැකි ය. The Lord of the Rings වෘතාන්තයට පෙර සිදුවීම් ගැන සඳහන් වන The Hobbit: An Unexpected Journey චිත්‍රපටයේ ට්‍රෝල්ෂෝස් (Trollshaws ) ලෙස මෙම ප්‍රදේශය හමුවේ. බිල්බෝ බැගින්ස්ට භයානක යෝධයින් කිහිප දෙනෙකු හමුවන්නේ මෙම කඳුකර වනාන්තරයේදී ය. මේ අතර, රූපවාහිනී කතාමාලාවේ, ඩෙනීස් බ්ලෆ්ස් යනු ප්‍රධාන හොබිට් චරිත වන හාර්ෆුට්ස්වරුන්ගේ නිවහන පිහිටා ඇති ප්‍රදේශය වේ.

සැබෑ ලෝකයේ, ඩෙනීස් බ්ලෆ්ස් පවතින්නේ, පරම්පරා තුනක් තිස්සේ එක ම පවුලකට අයත් බැටළුවන් සහ ගවයින් සිටින ගොවිපළක් පිහිටා ඇති භූමි ප්‍රදේශයක ය. එහි වත්මන් භාරකරුවන් වන වොරික් සහ සුසී ඩෙනීස් තමන්ට අයත් දේපළ The Lord of the Rings නිර්මාණවලට සම්බන්ධ කර ගැනීම නිසා සිටින්නේ ඉතා ආඩම්බරයෙනි. ඔවුන් දැන්, Hairy Feet Waitomo නමින් එහි චාරිකා ක්‍රියාත්මක කරන අතර ඒ ඔස්සේ එහි පැමිණෙන්නන් The Lord of the Rings චිත්‍රපටයේ සහ රූපවාහිනී කතාමාලාවේ දක්නට ඇති පසුතල වෙත රැගෙන යන්නේ එය නිර්මාණය කිරීමේදී සිදුවුණු අපූරු සිදුවීම් පිළිබඳව ද මතකාවර්ජනය කරමිනි. චාරිකාවක නිරත වීමට කල් තියා වේලාවක් වෙන් කර ගත යුතු ය. පියෝපියෝ නගරයේ සිට සැතපුම් අටක් බටහිර දෙසින් මෙම ගොවිපළ හමුවෙයි.

St Edward’s Church in the market town of Stow-on-the-Wold has long been earmarked as a likely source of inspiration for Tolkien

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ස්ටෝ-ඔන්-ද-වර්ල්ඩ් (Stow-on-the-World) : ග්ලස්ටෂයර්, එංගලන්තය

ටෝකීන් ගැඹුරු ආගමික නැඹුරුවක් සහිත මිනිසෙකු විය. නමුත් The Lord of the Rings ක්‍රිස්තියානි තේමාවක් ඔස්සේ නිර්මාණය කරන ලද්දක් යන අදහස ඔහු සැමවිට ම ප්‍රතික්ෂේප කළ ද මෙම කෘතිය අධ්‍යාත්මිකත්වයෙන් පිරී ඇත. ටෝකීන් සිය වෘත්තීය ජීවිතය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස ගත කළ අතර, ඔහු බොහෝ විට ඒ අසල පිහිටි රන් පැහැති ගල්වලින් නිමවන ලද ගොඩනැගිලි ඇති, දර්ශනීය කඳු පිහිටා ඇති, ඡායාරූප සඳහා ඉතා හොඳින් ගැලපෙන දෙව්මැදුරු ඇති කොට්ස්වොල්ඩ්ස් වෙත ගිය බවට ප්‍රසිද්ධ ය.

එම දේවස්ථානවලින් එකක් වන ස්ටෝ-ඔන්-ද-වර්ල්ඩ්හි වෙළෙඳ නගරයේ පිහිටි සාන්ත එඩ්වඩ් දේවස්ථානය, ටෝකීන් සඳහා ආභාෂය සැපයූ ස්ථානයක් ලෙස සැලකිල්ලට බඳුන් වී ඇත. එහි උතුරු දොර එරට වැඩි වශයෙන් ඡායාරූපගත වූ දොරවල් අතර වේ. බර දැවවලින් නිමවා කැටයම් කර ඇති එය ආරුක්කු හැඩයක් ගන්නා එහි ඉදිරියෙන් තෙල් යොදා දල්වන ලාම්පුවක් ඇත. එහි වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය නම්, දොරකඩ දෙපස ඇති, සියවස් තුනකට පෙර සිටුවා, මේ වන විට විශාල වී, ඇඹරී ගොස් සහ රළු වී ඇති, පල්ලියේ ව්‍යුහය දක්වා වර්ධනය වී ඇති යූ ගස් ද්විත්වය යි.

ටෝකීන් ඔහුගේ ලේඛනවලට සිතුවම් ද එක්ක කර ගත් අතර ඉන් එකක කුරු මිනිසුන්ගේ නගරය වන කැසඩ්-ඩූම් වෙත රැකවරණය සපයන කන්දක් තුළට ගමන් කළ හැකි සැඟවුණු පිවිසුමක් වන 'ඩෝර්ස් ඔෆ් ඩුරින්' (Doors of Durin) නිරූපණය කරයි. ටෝකීන්ගේ සිතුවම එතරම් තාත්වික නොවුණ ද සාන්ත එඩ්වඩ් දේවස්ථානයේ උතුරු දොරටුවට බොහෝ දුරට සමාන ය. එනම්, ඒ දෙපස ඇති ගස්වල සිට ඊට ඉහළින් එල්ලෙන ලාම්පුවේ ලක්ෂණ එමගින් ඉස්මතු වන්නේ ඔහුගේ මනඃකල්පිත කඳුවල ඇති දොරටු නිර්මාණය කිරීමට අවශ්‍ය ආභාෂය ලද්දේ ඉන් බවට වන කලක් පුරා පවතින ජනප්‍රවාදය යළිත් වරක් පෝෂණය කරමිනි.

Teide in Tenerife was selected as the real-life setting for the realm of Rhûn

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ටෙයිඩේ ජාතික වනෝද්‍යානය (Teide National Park):ටෙනෙරීෆේ, ස්පාඤ්ඤය

The Rings of Powerහි නව දිගහැරුමේ, සඳෙහි පෘෂ්ඨය මෙන් දිස්වන ටෙනෙරීෆේහි ඇති කාන්තාර වැඩි වශයෙන් පෙන්වන්නේ, හිස් මුඩු බිමක් ලෙසිනි. එනම් ඒ, මතකය අහිමි වුණු, මායාකාරයෙකු වන ගුප්ත ගති පැවතුම් ඇති ස්ට්‍රේන්ජර්, හොබිට්වරුන් දෙදෙනෙකු සමග ඒ හරහා ගමන් කරන අවස්ථාවේදී ය. ටෙනෙරීෆේහි ආදිවාසී ගුවාන්චේ ජනයා සම්ප්‍රදායිකව විශ්වාස කළේ, ටෙයිඩේ යනු, දුෂ්ට දේවතාවියක වන ගුවායෝටාගේ අඳුරු ලෝකයට පිවිසෙන දොරටුවක් ලෙසිනි. ඔවුන් එලෙස සිතුවේ ඇයි ද යන්න තේරුම් ගැනීම එහි පවතින දරුණු සුළං, දැඩි උෂ්ණත්වය සහ දූවිල්ලෙන් වැසී ගිය, වියළී ගිය ගස් සමග එතරම් අපහසු නොවේ. මනඃකල්පිත ලෝකයක් වන රූන් (Rhûn) සඳහා සැබෑ ලෝකයේ දර්ශන තලය එය ලෙස තෝරා ගැනීම පුදුමයට කරුණක් ද නොවේ. ටෝකීන්ට අනුව, එය නපුරු බලවේගයන්ගෙන් සහ අඳුරු මායාවන්ගෙන් පිරුණු කලාපයකි.

ටෙයිඩේ කන්ද සක්‍රීය ගිනි කන්දක් (එය 1909 සිට මේ දක්වා පුපුරා ගොස් නැත) වන අතර එය තරණය කිරීම මෙම උද්‍යානයේ ජනප්‍රිය ක්‍රියාකාරකම් අතර වේ. ඔබට වික්‍රමාන්විතභාවයේ අඩුවක් ඇතැයි හැඟේ නම් එහි කේබල් කාර් එකක් ද තිබේ.

Fiordland in New Zealand’s South Island was chosen to represent some of the wildest parts of Middle-earth (Credit: Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ෆියෝඩ්ලන්ඩ් (Fiordland) : සවුත් අයිලන්ඩ්, නවසීලන්තය

The Lord of the Rings චිත්‍රපට මාලාව රූගත කර ඇත්තේ අධ්‍යක්ෂක පීටර් ජැක්සන්ගේ උපන්බිම වන නවසීලන්තයේ බව ප්‍රසිද්ධ කරුණකි. ෆියෝඩ්ලන්ඩ්හි ගංගා සහ වනාන්තර, එනම් හරිත වර්ණයෙන් නැහැ වුණු බෑවුම්, හිමෙන් වැසී ගිය කඳු මුදුන් සහ ග්ලැසියර සහිත දිය දාරා මෙම චිත්‍රපටවල ප්‍රමුඛව දක්නට ලැබේ. මෙය නවසීලන්තයේ ඇසනොගැටුනු සහ ජෛව විවිධත්වය ඇති ඉහළ කලාපය වන අතර, මිඩ්ල්-අර්ත්හි අතිශය ස්වභාවික කොටස් නිරූපණයට ජැක්සන් එය තෝරා ගැනීම පුදුමයක් නොවේ.

ෆියෝඩ්ලන්ඩ්හි වනාන්තර ප්‍රදේශය එන්ට්ස් (Ents) ජීවී කොට්ටාසයේ නිජබිම වන ෆැන්ගෝර්න් වනාන්තරය (Fangorn Forest) නිරූපණය කිරීමට යොදා ගෙන තිබේ. එන්ට්ස් යනු, අඳුරු මායාකරු වන වන සරුමන්ට එරෙහි සටනේදී හොබිට්වරුන්ට උදව් කරන යෝධ කතා කරන ගස් වේ. චිත්‍රපට මාලාවේ දිස්වන ෆියෝඩ්ලන්ඩ්හි අනෙකුත් ස්ථාන අතරට ටෝකීන්ගේ ඇන්ඩුයින් ගංගාව (River Anduin) නිරූපණය කරන වයිඅවු ගඟ (Waiau River) ඇතුළත් වේ. එය The Fellowship of the Ringහි පළමු ගුවන් දර්ශන පෙළේ දිස්වේ. ෆියෝඩ්ලන්ඩ්හි ගවේෂණය කිරීමට, බොහෝ සංචාරකයෝ ටේ ආනවූ නගරයට පැමිණෙති. එය පුළුල් පරාසයක හෝටල්, අවන්හල් සහ ෆියෝඩ්ලන්ඩ්හි ජාතික වනෝද්‍යානය වෙත චාරිකා සහ බෝට්ටු චාරිකා සංවිධානය කරන කණ්ඩායම්වලින් සමන්විත නගරයකි.

ඩැනියල් ස්ටෙබල්ස්