පුංචි ඡන්දයට අදාළ ගැස්ට්ටුව නිකුත් කරයි: භාණ්ඩාගාරයට මුදල් නැතැයි පවසා මැතිවරණය කල් යැවෙයිද?

A locked paddle lock is seen on a taped ballot box as Chairman of Election Commission of Sri Lanka, Mahinda Deshapriya (unseen) explains how the Ballot boxes have been re-designed to stop any election fraud during a press conference at Colombo, Sri Lanka, on 03 August 2020

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙවර පළාත් පාලන මැතිවරණය කල්දැමීමට රජයේ උත්සාහයක් ඇති බවට දේශපාලන වේදිකාවන් වලින් ඇසෙන චෝදනාත්, මාධ්‍ය හමුවේ පළවෙමින් ඇති විවිධ මත හමුවේත් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් නැවත නැවතත් ජනතාව තුළ අවිනිශ්චිතතාවක් ඇති කොට තිබේ.

එවන් පසුබිමක මැතිවරණ කොමිසම විසින් එළඹෙන මාර්තු 9 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කොට ඇත.

මැතිවරණය පැවැත්වීමට අදාළ ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 262 අධිකාරයේ 38(1) (ඇ) උපවගන්තිය ප්‍රකාරව අති විශේෂ ගැසට් පත්‍ර මගින් ඒ ඒ අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් ජනවාරි මස 30 වැනිදා නිකුත් කර තිබේ.

ඒ අනුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ 58 කින් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් තරග කරන බව මැතිවරණ කොමිසම පවසයි.

මෙම අදාළ ගැසට් පත්‍ර නිකුත් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමු කර නොමැති බවට පසුගිය ජනවාරි මස 29 වැනිදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් ද නිකුත් කොට තිබු පසුබිමකය.

Gov New direct gen letter

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Information

රජයේ වියදම් තවදුරටත් සීමා කිරීමට ජනපතිගෙන් උපදෙස්

රජයට සම්බන්ධ මැති ඇමතිවරුන් පවසන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ විශාල වියදමක් දරමින් පළාත් පාලන ඡන්ද විමසීම මේ මොහොතේ පැවැත්වීම රජයට බරක් බවයි.

මේ අතර දැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල සටහනක් තබමින් පෙන්වා දී තිබෙන බවට ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් සඳුදා (ජනවාරි 31) පැවසීය.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

"රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධනය, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බව ද ජනාධිපතිවරයා එමඟින් පෙන්වා දී ඇත."

"එබැවින් මේ වන විටත් ක්‍රියාත්මක බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි." එහි සඳහන්ය.

නිවේදනයේ වැඩි දුරටත් "ඒ සඳහා ප්‍රමුඛතා නිර්ණායකයන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කරන බවත්, එතෙක් සුළු වියදම් සඳහා වෙන් කෙරෙන මුදල් නිදහස් කිරීම සීමා කෙරෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත."

"රාජ්‍ය ආයතන සදහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වැළකිය යුතු අතර, එය කඩ කරන ඕනෑම නිලධාරියෙකු එම වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ." යනුවෙන් සඳහන් කොට තිබේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර පසුගියදා මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන රාජ්‍ය මුදල් කළමනාකරණය ඉතා අභියෝගාත්මක තත්ත්වයක් බවට පත්ව ඇති බැවින් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති බව දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර ඉදිරිපත්කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම පසුගියදා සිදු කළේය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 වසංගතය තත්ත්වයෙන් පසුව 2021 වසරේ මෙරට අපනයන ආදායම 8.2%කින් පහත වැටුනු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ අයවැය පරතරය 11.6% කින් ඉහළ ගිය බවයි.

රාජ්‍ය වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් බිලියන 90 ක් ද විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 28 ක් ද ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තවත් බිලියන 28 ක් ද වැය කිරීමට සිදුවන බවත් රාජ්‍ය ආදායම බරපතළ ලෙස කඩා වැටීම හේතුවෙන් එම අත්‍යවශ්‍ය කටයුතු පවා ඉටු කර ගැනීමට දැඩි අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවට ඔහුගේ එම දිවුරුම් ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

මෙයට අමතරව පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 114 කට ආසන්න මුදලක් ද ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 169 ක පමණ මුදලක් ද 2022 වසරෙහි වැය කිරීමට සිදු වූ බවත් එම දිවුරුම් පෙත්සමේ සඳහන් කර ඇත.

ජාත්‍යන්තර ණය ශ්‍රෙණිගත කිරීමේ දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව පහත හෙළා ඇති නිසා ජාත්‍යන්තර වෙළෙඳ පොළින් අරමුදල් සම්පාදනය කර ගැනීමද අපහසු තත්වයක් උද්ගතව තිබෙන බවත් එම නිසා අරමුදල් සම්පාදනය කර ගැනීමේ දී බැංකු නොවන මූලාශ්‍රවලින් අධික පොලී යටතේ අරමුදල් සම්පාදනය කර ගැනීමට සිදුවනු ඇති බවත් එහි සඳහන්ය.

රාජ්‍ය වැටුප් ගෙවීමට පවා අපහසු තත්වයක් නිර්මාණය වී ඇති හෙයින් රාජ්‍ය සේවක වැටුප් කොටස් දෙකකින් ගෙවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය යෝජනාවක් සම්මත කර ගත් බවද ඔහු එහි දක්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නැගීමට රජය සැලසුම් කරමින් සිටින මෙම අවස්ථාවේදී රට තුළ දේශපාලන ස්ථාවරභාවය පවත්වාගැනීම ඉතා වැදගත් බවත් ඊට විවිධ බාධා එල්ල වීම නුසුදුසු බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙහි සඳහන් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීමට අපහසු තත්ත්වය නිර්මාණය වී තිබියදී , මැතිවරණයක් පැවැත්වීමට සිදු වූවොත් ඒ සඳහා අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවත් ඒ හරහා මෙරට ආර්ථික තත්ත්වය වඩාත් අයහපත් තත්ත්වයකට පත්වනු ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වැඩිදුරටත් සඳහන් කරයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත ද?

මුදල් නොමැති බව පවසා ඡන්දය කල් යැවෙයිද?

විපක්ෂය දිගින් දිගටම චෝදනා නගන්නේ පවතින රජයට ජනමතයක් නොමැති බැවින් ජනතාවට එය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් රජය 75 වැනි නිදහස් දින සැමරුම හා අනෙකුත් වියදම් කපාහැරීමකින් තොරව පවත්වාගෙන යමින් මැතිවරණය පමණක් පැවැත්වීමට මුදල් නොමැති බවට ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණක් බවයි.

ඔවුන් පවසන්නේ විවිධ පාර්ශවයන් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් අස්වූ බවට ප්‍රකාශ නිකුත් කරමින් මෙන්ම සාමාජිකයින්ට තර්ජනය කර අස්වීමට බල කරමින් මැතිවරණය කාඩා කප්පල් කිරීමට උත්සාහ කරන බවයි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියාසිටියේ "ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා කරන ආයෝජන වලින් නැවත සෘජු මුල්‍ය ප්‍රතිලාභ නොලැබුණ ද ආර්ථික අපහසුතා පෙන්වමින් ඡන්ද කල් දැමීම නොකළ යුතු ක්‍රියාවක්" බවයි.

''ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පවත්වාගෙන යෑමට වගේම රට කරවන අය ඒ සඳහා මහජන අනුමැතිය ලබා ගැනීමට ඡන්දය පැවැත්විය යුතුයි. ඒකට සල්ලි නෑ කියලා කියන්න බෑ. මැති ඇමතිවරුන්ගේ වියදම් සිට විපක්ෂ නායකගේ වියදම් දක්වා බැලුවම තීරණාත්මක වියදම් කපා හැරීමක් පේන්න නෑ. අනික දැනට ගණන් බලලා තියෙන විදියට මේ වියදමත් ප්‍රශ්නයක් නෙමෙයි. ''

''අනික ඒක දරා ගන්නම බැරි වියදමක් නම් තව තියෙනවා ක්‍රම. උදාහරණයකට මැතිවරණ රාජකාරි කරන රජයේ සේවකයන්ට ගෙවන්නේ අවුරුද්දකින් කිවුවොත් එකඟ වෙන රාජ්‍ය සේවකයෝ ඉන්නවා ඕනෑතරම්. සමහර විදියට ස්වේච්ඡාවෙන් සේවය ලබා දෙන්න ඉදිරිපත් වෙන අයත් ඉන්නවා. ඒ නිසා එවැනි ක්‍රම අත්හදා බලන්නේ නැතුව සල්ලි නෑ කියලා ඡන්ද කල් දාන්න පාලකයන්ට බෑ.'' යනුවෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්ති BBC සිංහල සේවයට පැවසීය.