නතාෂා එදිරිසූරිය: මාධ්‍ය හමුවෙන් අධිකරණයට අපහාසවීදැයි සොයන නියෝගය බලරහිත කරන්නැයි පෙත්සමක්

ඡායාරූප මූලාශ්‍රය, Tharindu Uduwaragedara/Facebook
බුදු දහමට අපහාස කළේයැ යි චෝදනා කරමින් නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු ද ඇතුළු පිරිසක් පළකළ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැ යි සොයා බලන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයක් බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙවැනි කරුණක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද අදාළ ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ක්‍රියාව සම්බන්ධයෙන් පසුගිය මැයි මස 29 වන දා මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි.
එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ විදර්ශන කන්නන්ගර, තරිඳු ජයවර්ධන, ලක්මාලි හේමචන්ද්‍ර, බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් පළ කරන ලද අදහස්වලින් අධිකරණයට බලපෑමක් මෙන්ම අපහාසයක් සිදු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්, අගතියට පත්වූයේයැ යි පවසමින් ඉදිරිපත්වූ 'සිහළ රාවය' සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණහ.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ යන අය විසින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
එම නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කියා සිටින්නේ මෙවැනි විමර්ශනයක් පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව යි.
අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වන ලද්දේ මරදාන පොලිස් වසම තුළ බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට බලය තිබෙන්නේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයටයැ යි පෙන්වා දෙන පෙත්සම්කරු, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණ බලයක් නොමැති බවත් සඳහන් කර ඇත.
මෙවැනි අපහාස සිද්ධියක් සම්බන්ධයෙන් විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාප්‍රකාරව එම බලය පැවරී තිබෙන්නේ අභියාචනාධිකරණයට බව ද පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අගතියට පත්වූවායැ යි පවසන පාර්ශවයක් විසින් වාචිකව ඉදිරිපත් කළ කරුණු පමණක් පදනම් කරගෙන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පරීක්ෂණය සිදු කරන ලෙස නියෝග කර ඇති බවත්, බැලූ බැල්මටම වරදක් සිදුවී ඇතැ යි අනාවරණය නොවන මෙවැනි අවස්ථාවක මේ ආකාරයේ නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාවක් නොමැති බවත් අදාළ පෙත්සමෙහි සඳහන් කර තිබේ.
ජනමාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන ඔහු විසින් පළ කෙරෙන අදහස්වලින් අධිකරණයට අපහාස කළේයැ යි මේ ආකාරයෙන් විමර්ශන ආරම්භ කිරීම යුක්ති සහගත නොවන බවත්, මෙවැනි ක්‍රියා තුළින් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතල අගතියක් මෙන්ම විශාල හානියක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් කරයි.
ඊට අමතරව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසියට මෙන්ම මහේස්ත්‍රාත්වරයාට ද බලයක් නොමැති බව පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
එබැවින්, කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන මෙම පරීක්ෂණය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, එය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර තරිඳු ජයවර්ධන කොළඹ මහාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.












