'කාන්තාවන්ට අකැපයි, වස් වදිනවා කිවුවට මම තොරණක් හැදුවා'
'කාන්තාවන්ට අකැපයි, වස් වදිනවා කිවුවට මම තොරණක් හැදුවා'
තොරණ නිර්මාණය කාන්තාවන්ට අකැප, වස් වදින ක්‍රියා බවට සමාජ සම්මත පැවතුන ද තමන්ට තොරණක් නිර්මාණය කිරීමට හැකි වීම සතුටක් බව ජනනි අලුදෙනිය BBC සිංහල සේවයට පැවසුවාය.
රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගොඩකවෙල, අරඹදෙනිය ගම්මානයේ ජිවත්වන ඇය අදට යෙදෙන (මැයි 23) වෙසක් පොහොය නිමිත්තෙන් තොරණක් නිර්මාණය කිරීමට මූලිකත්වය ගත්තාය.
භද්‍රඝට ජාතකය විස්තර කෙරෙන, අඩි 40ක් උස එම තොරණ විදුලි බුබුළු 30,000කින් සමන්විත වේ.
''තොරණ නිර්මාණ ඉතිහාසයේ කාන්තා දායකත්වය ඉතා දුර්ලභයි. කාන්තාවන් මේ වැඩ සඳහා සම්බන්ධ වෙලා තිබුණට සමාජ මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වුණාට පස්සේ තමයි මම දැන ගත්තේ කාන්තාවක් තොරණක් නිර්මාණය කරපු පළමු අවස්ථාව මේක කියලා.'' යනුවෙන් ජනනි අලුදෙනිය පවසන්නීය.








