ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහ:'ත්‍රී සිංහලේ හිඟාකන මිනිස්සු ද? ඒවා නැති කරන්න ඕනා'
රනිල් වික්‍රමසිංහ:'ත්‍රී සිංහලේ හිඟාකන මිනිස්සු ද? ඒවා නැති කරන්න ඕනා'
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති එකඟතා ඉදිරියට ගෙන යමින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට නැතැයි ස්වාධීන අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
''අනුර දිසානායකයි, සජිතුයි මොකද කියන්නේ? මේවා අලුතින් සාකච්ඡා කරනවාලු. අපි අලුතෙන් කරන්න යනවා ද? අපිට එන ආධාර නවතිනවා. අපේ බංකොලොත් බව අහෝසි කරන එක නවත්වනවා'' යනුවෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අවසන් රැළිය සැප්තැම්බර් 18 කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස්හන්දිය ප්‍රදේශයේ දී (මැද කොළඹ) පැවැත්විණි.