තිරිඟු පිටි මල්ලක් ලැබීමෙන් සතුටු වෙන ගාසා හී පවුලක්

තිරිඟු පිටි මල්ලක් ලැබීමෙන් සතුටු වෙන ගාසා හී පවුලක්

තිරිඟු පිටි මල්ලක් ලැබීමෙන් සතුටට පත්වෙන ගාසා හී පවුලක වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වී ඇත.

ඊශ්‍රායලය විසින් ආහාර බෙදා හැරීම අවහිර කිරීම හේතුවෙන්, ගාසා හී විශාල සාගතයක් පැතිර යන බවට, ආධාර සපයන ආයතන 100කට අධික සංඛ්‍යාවක් අනතුරු අඟවයි. ඊශ්‍රායලය පවසන ආකාරයට, ජාත්‍යන්තර සංවිධානවලට ලබාදීම සඳහා ආධාර රැගත් ට්‍රක් රථ 950ක් පමණ ගසා තුළ රැඳී සිටියි.

මේ අතර, ටෙල් අවිව් (Tel Aviv) හී විරෝධතාකරුවන්, පිටි මලු රැගෙන යමින්, ගාසාහී කුසගින්න සහ යුද්ධය අවසන් කරන ලෙස ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටියි.