ඊජිප්තුවේ සබ්මැරීනයක් ගිලී යාමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය යාමේ සිදුවීම ගැන අප මෙතෙක් දන්නා දේ

ඡායාරූප මූලාශ්‍රය, Supplied
ඊජිප්තුවේ හුර්ගාඩා නගරයේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සංචාරකයින් රැගත් සබ්මැරීනයක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 39 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා පැවසීය.
මෙම නවතම ඛේදවාචකයට හේතු තවමත් පැහැදිලි නොමැති අතර ඊජිප්තු බලධාරීන් විසින් සිදුවූයේ කුමක්දැයි විමර්ශනය කරමින් සිටියි.
හුර්ගාඩා යනු වෙරළ තීරයන් සහ කොරල්පර හේතුවෙන් ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයකි.

සිදුවුයේ කුමක්ද සහ වින්දිතයින් කවුද?
වාර්තාවලට අනුව, සිදුවීම බ්‍රහස්පතින්දා ඊජිප්තු වේලාවෙන් පෙරවරු 10:00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 1.30ට) පමණ සිදුව තිබේ.
රතු මුහුදේ ආණ්ඩුකාර අම්ර් හනාෆි, ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාවේ හි යාවත්කාලීන කිරීමකින් තහවුරු කළේ පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බව සහ තවත් 39 දෙනෙකු බේරාගෙන ඇති බවයි. අනතුරින් සංචාරකයින් කිසිවෙක් අතුරුදන් වී නොමැති බවත් ඔහු පවසයි.
සබ්මැරීනයේ මගීන් 45 දෙනෙකු සිටි ඇති අතර, ඊට අමතරව ඊජිප්තු ජාතිකයින් පස් දෙනෙකු සිටි බව ද ඔහු පවසයි. එම මගීන් රුසියාව, ඉන්දියාව, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලින් පැමිණි අය වන අතර මියගිය පුද්ගලයින් හය දෙනා රුසියානුවන් බව ද ඔහු පෙන්වා දෙයි.
මීට පෙර, ඊජිප්තුවේ රුසියානු තානාපති කාර්යාලය පැවසුවේ සියලුම මගීන් රුසියානු ජාතිකයන් බව යි.
අනතුරට හේතුව සොයා විමර්ශන සිදු කරමින් සිටින බවත්, අනතුර සිදු වූ ස්ථානයට ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බවත් බලධාරීන් විසින් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සබ්මැරීනය මෙහෙයවා ඇත්තේ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Sindbad Submarines
මෙම යාත්‍රාව, සින්බෑඩ් සබ්මැරීන මගින් මෙහෙයවනු ලබන බවට විශ්වාස කෙරෙන අතර, එම සබ්මැරීනය වසර ගණනාවක් පුරා සංචාරක චාරිකා ක්‍රියාත්මක කර ඇත.
ලොව ඇති එකම "සැබෑ විනෝදාත්මක සබ්මැරීන 14" න් දෙකක් තමන් සතුව ඇති බව සමාගම පවසයි.
එය සංචාරකයින්ට "මීටර් 500 ක කොරල්පර සහ එහි වෙසෙන සාගර ජීවීන්" ගවේෂණය කිරීම සඳහා මුහුදේ මීටර් 25 ක් ගැඹුරට ගමන් කිරීමට ඉඩ සලසයි.
"ඔවුන් මගී ආසන 44ක් ලබාදෙන අතර නියමු ආසන දෙකක් සහ එක් එක් මගියා සඳහා වටකුරු නැරඹුම් කවුළුවක්" ලබා දෙන බව සින්බෑඩ් සබ්මැරීන වෙබ් අඩවියේ දැක්වේ.
මෙවැනි අනතුරු ඊජිප්තුවේ කොපමණ වාරයක් සිදුව තිබේද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෑත මාස කිහිපය තුළ රතු මුහුදේ සිදු වූ දෙවන සිදුවීම මෙයයි.
නොවැම්බර් මාසයේදී, Sea Story නම් යාත්‍රාව ඊජිප්තුවේ මාර්සා අලම් නිවාඩු නිකේතනය අසල දී ගිලී ගිය අතර, එහි පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් සිටි බව වාර්තා විය. එකොළොස් දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර ඔවුන් මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.
බීබීසී අරාබි පුවත් සේවයේ මාධ්‍යවේදී සැලී නබිල් වාර්තා කළ පරිදි, මෙවැනි සිදුවීම් නැවත නැවතත් සිදුවීම හේතුවෙන් ජනප්‍රිය සංචාරක ප්‍රදේශවල පළාත් පාලන ආයතන විසින් භාවිතා කරන ආරක්ෂක පියවරයන් සම්බන්ධයෙන් ගැටලු මතුව තිබේ.
නොවැම්බර් මාසයේදී, 'Sea Story නෞකාව ගිලී යාමට හේතුව අයහපත් කාලගුණික තත්ත්වයක් බව ඊජිප්තු නිලධාරීන් පැවසූ බව නබිල් පවසයි. කෙසේ වෙතත්, සිදුවීමෙන් දිවි ගලවා ගත් පුද්ගලයින් බීබීසීයට කියා සිටියේ මෙම පැහැදිලි කිරීම ප්‍රශ්න සහගත බවයි.
සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය සයිමන් බොක්සාල් පවසන්නේ ඊජිප්තුව දැනට ඇතැම් සංචාරක බෝට්ටුවල ආරක්ෂාව සම්බන්ධයෙන් "අර්බුදයකට" මුහුණ දී සිටින බවයි.
මෙම සිදුවීමට හේතුව කුමක් වුවත්, බොක්සාල් පවසන්නේ එය "භයානක ඛේදවාචකයක්" බවයි.
කොරල්පර සහ සමුද්‍ර ජීවීන් සඳහා ප්‍රසිද්ධ රතු මුහුද, ඊජිප්තුවේ තීරණාත්මක සංචාරක කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන අතර, එය 2024 දී ඩොලර් බිලියන 14.1 කට වඩා සංචාරක ආදායමක් උපයා ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වේ.














