මියන්මාර අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයින්: ‘කළුවර කාමර වල සිර කරලා, ආහාරත් නැහැ’

ශ්‍රී ලාංකික ධීවරයන් අටදෙනෙකු මියන්මාරයේ කළුවර කාමර දෙකක් තුළ සිරගත කර ඇති බව එම ධීවරයන්ගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යංශයට හා ධීවරදෙපාර්තුමේන්තුවට දැනුම් දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Provided

මියන්මාර අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයන් අටදෙනෙකු කළුවර කාමර දෙකක් තුළ සිරගත කර ඇති බවට එම ධීවරයන්ගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යංශයට හා ධීවර දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඇත.

(දෙසැම්බර් 2 වැනිදා) මියන්මාර දේශ සීමාවේදී එරට නාවික හමුදාව විසින් මේ ධීවරයන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙය වාර්තා වුයේ මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ද වාර්තා වෙමින් පවතින පසුබිම තුළය.

කල්පිටිය ධීවර වරායෙන් "රයන් පුතා" බහුදින ධීවර යාත්‍රාවෙන් මේ ධීවරයන් පිටත්ව ඇත්තේ පසුගිය නොවැම්බර් මස 8 වැනි දිනයි. ඔවුන් නත්තලට පෙර නැවත ගම් බිම් බලා ඒමට නියමිතව තිබිණි.මේ ධීවරයන් කල්පිටිය,තලවිල හා අනුරාධපුරයේ පදිංචි කරුවන් වෙයි.

මියන්මාර අත්අඩංගුවේ සිටින ධීවරයන් අවස්ථා කීපයකදී ඥාතීන් ට දුරකතනයෙන් කතා කර ඇති අතර එහිදී ඔවුන් දැනුම් දී ඇත්තේ තමන්ට නිසි අයුරින් ආහාර පවා නොලැබෙන අතර සිව් දෙනෙකු රෝගී තත්ත්වයේ සිටින බවයි. තමන්ට අමතරව තවත් බහුදින යාත්‍රාවක ධීවරයන් අටදෙනෙකුද මියන්මාර අත්අඩංගුවේ සිටින බව මේ ධීවරයන් දැනුම් දී තිබේ.

 සබීතා සංජීවනි තම ස්වාමිපුර්ෂයා මුහුණ දී සිටින තත්ත්වය ගැන බීබීසී සිංහල වෙත කියා සිටියාය.“මුදලාලි කිව්වා අපිට මියන්මාර හමුදාව අපේ ධීවරයන් අල්ලන් ගියා කියලා. ගමේ අයත් කිව්වා .ඊට වැඩිය කිසිම තොරතුරක් අපිට කියන්නේ නැහැ.
ඡායාරූප ශීර්ෂ වැකිය, සබීතා සංජීවනි තම ස්වාමිපුර්ෂයා මුහුණ දී සිටින තත්ත්වය ගැන බීබීසී සිංහල වෙත කියා සිටියාය.“මුදලාලි කිව්වා අපිට මියන්මාර හමුදාව අපේ ධීවරයන් අල්ලන් ගියා කියලා.ඊට වැඩිය කිසිම තොරතුරක් අපිට කියන්නේ නැහැ.

මියන්මාරයේ සිරවී සිටින ධීවරයෙකුගේ බිරිඳක් වන කල්පිටියේ සබීතා සංජීවනි තම ස්වාමිපුර්ෂයා මුහුණ දී සිටින තත්ත්වය ගැන බීබීසී සිංහල වෙත කියා සිටියාය.“මුදලාලි කිව්වා අපිට මියන්මාර හමුදාව අපේ ධීවරයන් අල්ලන් ගියා කියලා. ගමේ අයත් කිව්වා .ඊට වැඩිය කිසිම තොරතුරක් අපිට කියන්නේ නැහැ. ඉතින් මං ගොඩක් අසණරයි. මගේ මහත්තයාව මට පුළුවන්තරම් ඉක්මනට ගෙනල්ලා දෙන්න කියලා ඉල්ලනවා.මගේ ගේ ඔක්කොම තෙමෙනවා. මට ඉන්නවත් තැනක් නෑ. ගෙදර මට උයන් කන්නවත් කිසිම දෙයක් නෑ. ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තියනවා අපේ මහත්වරුන්ටත් කන්න නැහැ කියලා.ඒ රටේ ඉන්න කෙනෙක් තමයි අපිට ඒ තොරතුරු දුන්නේ.”

මහේෂි ලක්ෂිකා කල්පිටියේ පදිංචිකාරිණියක වන අතර ඇගේ ස්වාමිපුර්ෂයා වන නිශාන් ධනුෂ්කද මේවන විට සිටින්නේ මියන්මාර අත්අඩංගුවේය.මහේශි කියා සිටියේ මේ වන තෙක් කිසිදු ආයතනයක් පැහැදිලි පිළිතුරක් මේ සම්බන්ධයෙන් ලබා දී නොමැති බවයි .

" බෝට්ටුව බෝඩර් පැනලා හින්දා එයාලව අත්තඩංගුවට අරන් කියලා තමයි අපිට ආරංචිය ආවේ . අපි මෙහෙන් ධීවර අමාත්‍යංශයේ නම්බර් හොයාගෙන ඒගොල්ලන්ට කතා කරද්දී පවා අපිට දැනුම් දුන්නේ බෝට්ටුව බෝඩර් පැනලා හින්දා අල්ලාගෙන ගියා කියලා . එහෙ අත්තඩංගුවේ ඉන්නවා කියලා.. කොච්චර කාලෙකට දඬුවම් දීලද කියලා තාම දන්නේ නෑ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ මට දරුවෙක් ඉන්නවා .අවුරුදු දෙක හාමාරයි. ඇත්තටම මහත්තයා ගෙදර නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. එයා ධීවර රැකියාවට ගියෙත් දරුවා නිසයි.ඒ වගේම මේ ය අතරේ රෝගීන් කීප දෙනෙක් ඉන්නවා.ඒ අයට බෙහෙත් පවා නැහැ.”

මහේෂි ලක්ෂිකා කල්පිටියේ පදිංචිකාරිණියක වන අතර ඇගේ ස්වාමිපුර්ෂයා වන නිශාන් ධනුෂ්කද මේවන විට සිටින්නේ මියන්මාර අත්අඩංගුවේය .
ඡායාරූප ශීර්ෂ වැකිය, මහේෂි ලක්ෂිකා කල්පිටියේ පදිංචිකාරිණියක වන අතර ඇගේ ස්වාමිපුර්ෂයා වන නිශාන් ධනුෂ්කද මේවන විට සිටින්නේ මියන්මාර අත්අඩංගුවේය .
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ පිළිබදව කළ වීමසීමකදී ධීවර දෙපාර්තුමේන්තුව කියා සිටියේ කල්පිටියේ හා මීගමුවේ බහුදින යත්‍රා දෙකක් මියන්මාර හමුදා ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවය.

එම යාත්‍රාවල ධීවරයන් 15 දෙනෙකු සිට ඇති බව ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

'රයන් පුතා' බෝට්ටුවේ හිමිකරු බීබීසී සිංහල සේවයට අද (දෙසැම්බර් 27වැනිදා) ප්‍රකාශ කළේ, මියන්මාර අත්අඩංගුවේ සිටින තම ධීවරයින්ට මාස තුනක කාලයකට ආහාර හා බෙහෙත් සැපයීම වෙනුවෙන් රුපියල් අටලක්ෂ හැටපන් දහසක මුදලක් ලබා දුන් බවය.

'අපේ නියෝජිතයන් මියන්මාරය තුළ සිට නෙමෙයි වැඩ කරන්නේ.එයට හේතුව ඔවුන්ට මේ රටේ නිදහසේ වැඩ කිරීමේ නොහැකියාව . හමුදා පාලනය ඊට ඉඩක් ලබා දෙන්නේ නැහැ."මේ පිළිබඳව කළ විමසීමකදී ලෝක ධීවර සම්මේලනයේ මහ ලේකම් හර්මන් කුමාර පැවසීය.

"අපිට පුළුවන් වෙන්නේ අපේ නියෝජිතයන් හරහා මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න පමණයි . මේ සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් විය යුතුයි."

"අපිට දැනට ලැබිලා තිබෙන තොරතුරු අනුව යැන්ගොන් කියන පොලිසියේ තමයි මේ පිරිස රඳවා තිබෙන්නේ.මේ පිරිස බලා ගන්න වගකීම මුලික වශයෙන් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයට තිබෙනවා. ඊට පස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයට හා ධීවර දෙපාර්තුමේන්තුවට තිබෙනවා.අපිට පෙනෙන විදිහට මේ සියලු ආයතන තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කර නැහැ.මේ ධීවරයන්ට යම්කිසි කරදරයක් සිදු වුව හොත් මේ සියලුදෙනා වගකියන්න ඕනෑ.”