වයිභව් සූර්යවංශි: ක්‍රිකට් ඉතිහාසයේ සහ IPL ඉතිහාසයේ වාර්තා බිඳ දැමූ 14 හැවිරිදි ක්‍රීඩකයා

Suryawanshi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

IPL ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වූ වයිභව් සූර්යවංශි සඳුදා (අප්‍රේල් 28) ගුජරාට් ටයිටන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් පැවති තරගයේදී නව වාර්තා 3ක් පිහිටුවීමට සමත් විය.

ඔහු ජාත්‍යන්තර තලයේ නම් දැරූ පන්දු යවන්නන් අසරණ කරමින් පන්දු 38කදී ලකුණු 101ක් රැස් කළේ ය.

වයිභව් සූර්යවංශි ඊයේ පිහිටවූ වාර්තා මොනවා ද?

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වශයෙන් ලකුණු 209ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි වයිභව් සූර්යවංශි ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන් හැර සියලු පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහරයක් එල්ල කළේ ය.

එම සුවිශේෂී ඉනිම පන්දු 38කදී ලකුණු 101ක් ලෙස අවසන් වන විට ඔහු වාර්තා තුනක් බිඳ හෙළා තිබිණි.

එම වාර්තා මෙසේ ය:

  • T20 තරගයකදී ශතකයක් රැස් කළ ළාබාලතම පිතිකරු (අවු:14)
  • IPL තරගයකදී ඉන්දීය පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ශතකය (පන්දු 35)
  • IPL තරග ඉතිහාසයේ දෙවන වේගවත් ම ශතකය

IPL තරග ඉතිහාසයේ වේගවත් ම ශතකය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් රැස් කර ඇති අතර ඔහු ඒ සඳහා මුහුණ දුන් පන්දු සංඛ්‍යාව 30කි.

වයිභව් සුර්යවංශි සිය ශතකය රැස් කළේ, පන්දු 35කදී ය.

මේ අතර, IPL තරගයකදී ඉන්දීය පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ශතක වාර්තාව පිහිටුවා තිබූ යූසුෆ් පතාන් (පන්දු 37) සිය වාර්තාව බිඳ හෙළීම පිළිබඳව වයිභව් සූර්යවංශිගේ ඉනිම අගය කර තිබිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

ඊට අමතරව, ලෝකයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ඔහුගේ ඉනිම අගය කර තිබිණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

Skip X post, 3

End of X post, 3

Skip X post, 4

End of X post, 4

Skip X post, 5

End of X post, 5

Skip X post, 6

End of X post, 6

Skip X post, 7

End of X post, 7

මේ අතර, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි වයිභව් සූර්යවංශි තමන් මුහුණ දුන් පළමු පන්දුවට ම හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. ඒ, ෂර්දුල් තාකූර් එවන ලද පන්දුවකටයි.

එහිදී, සූර්යවංශි පන්දු 20කදී ලකුණු 34ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුළත් විය.

සූර්යවංශි බිඳ දැමූ IPL වාර්තාව

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට වන වාර්තාව තමන් සතු කර ගැනීමට වයිභව් සූර්යවංශි සමත් විය.

ඔහු එහිදී බිඳ දැමුවේ, 2019 IPL තරගාවලියේදී RCB කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු ක්‍රීඩක ප්‍රයාස් රායි බර්මන්ගේ වාර්තාවයි.

ප්‍රයාස් රායි බර්මන් තම පළමු තරගය සඳහා ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවුරුදු 16යි දින 154ක් වූ අතර වයිභව් සූර්යවංශි සිය පළමු IPL තරගය ක්‍රීඩා කරන විට වයස අවුරුදු 14යි දින 23ක් විය.

'හයේ පහරක් එල්ල කරන විට ඔහුගේ පිත්තේ දෝලනය වන වේගය, ඔහුගේ ශරීරයේ පිහිටීම ගැන ඔබලා දැකලා ඇති.'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වයිභව් සූර්යවංශි කියන්නේ කවුද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සෞදි අරාබියේ ජෙඩාහි පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉතිහාසයේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින් බිහාර් ප්‍රාන්තය නියෝජනය කිරීමට 13 හැවිරිදි වයිභව් සූර්යවංශි වරම් ලැබීය.

රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙක අතර පැවති උණුසුම් ලංසු තැබීමකින් අනතුරුව වයිභව් සූර්යවංශි ඉන්දීය රුපියල් කෝටි 1.10කට මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකි විය.

ඔහුගේ දක්ෂතාවය පිළිබඳ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ අවධානයට යොමු වූයේ පසුගිය වසරේ පැවැති ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයේදී පන්දු 58කදී ශතකයක් වාර්තා කිරීමට සමත් වීමත් සමගයි.

සූර්යවංශි පසුගිය වසරේ ඉන්දියාවේ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන සංචිතයේ ද සාමාජිකයෙකු වූ අතර එහිදී ඔහු ලකුණු 176ක් රැස් කළේ පිතිකරණ සාමාන්‍ය 44ක් ලෙස රඳවා ගනිමින් ය.

තමන් හැදී වැඩුණු නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා සිය පළමු තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 12ක් විය.

බිහාර් කණ්ඩායම වෙනුවෙන් රංජි කුසලාන තරග 5කට ක්‍රීඩා කර ඇති සූර්යවංශි එහිදී ඔහු ලකුණු 100ක් ලබාගෙන ඇති අතර රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව 41ක් වේ.

බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා සිය පළමු තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 12ක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා සිය පළමු තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 12ක් විය

' ඔහු දිනපතා ම පන්දු 600ක් ක්‍රීඩා කරනවා'

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි වයිභව් සූර්යවංශිගේ පියාවන සංජීව් සූරීයවංශි ගොවිතැන් කටයුතුවල නිරතවන අයෙකු වන අතර ඔහු සිය ඉඩම විකුණා සිය පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු කර තිබේ.

පැට්නාහි ක්‍රිකට් පුහුණුකරු මනීෂ් ඕජා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වයිභව් සූර්යවංශි ක්‍රිකට් පුහුණුව සඳහා යොමු කරනු ලැබුවේ වයස අවුරුදු 8දී බව ය.

"අනෙක් පිතිකරුවන් දවසකට පන්දු 50කට මුහුණ දෙනවා නම් වෛභව් දිනපතා ම පුහුණුවීම්වලදී පන්දු 600කට මුහුණ දෙනවා. හයේ පහරක් එල්ල කරන විට ඔහුගේ පිත්තේ දෝලනය වන වේගය, ඔහුගේ ශරීරයේ පිහිටීම ගැන ඔබ දැකලා ඇති.

"වයිභව් වැඩිපුර කාලයක් ක්‍රීඩා කරන නිසා ඔහුගේ පියා කෑම පාර්සල් 10ක් හදාගෙන එනවා. ඒ පුහුණු කරන කාල සීමාවේදී වයිභව්ට පන්දු යවන්න එන පන්දු යවන්නන්ටත් එක්කයි," වයිභව් සූරීයවංශිගේ පළමු ක්‍රිකට් පුහුණුකරු වන මනීෂ් ඕජා පැවසුවේ ය.