'මගේ ම හැඟීම් ගැන කියාගන්න මට අමාරු ඇයි'

Five women wearing bright yellow jumpers standing in a row each holding a large rectangle white piece of paper over their face expressing a different emotion

ඡායාරූප මූලාශ්‍රය, Getty

    • Author, නිකොලා බ්‍රයන්
    • Role, බීබීසී ප්‍රවෘත්ති

අප බොහෝ දෙනෙකු ආතතියෙන් පෙළෙන විට, එම හැඟීම් අපට දැනෙන ආකාරය අනුව, සහජයෙන් ම එහි ස්වරූපය අපට නම් කළ හැකි ය.

නමුත් ආචාර්ය ක්‍රිෂා වෝල්ඩොක් අපහසුතාවයෙන් පෙළෙන විට, සිදුවන්නේ කුමක් ද යන්න වටහා ගැනීමට ඇයට වැඩි කාලයක් ගත වේ.

ඒ මක්නිසා ද යත්, ඇලෙක්සිතයිමියා රෝගයෙන් පෙළෙන 10%ක කොටසට ඇය ද අයත් වන නිසා ය.

ඇලෙක්සිතයිමියා යන වචනය ග්‍රීක භාෂාවෙන් පැමිණ ඇති අතර එහි තේරුම 'හැඟීම් සඳහා වචන නැත' යන්න යි.

පුළුල් ලෙස නොදන්නා මෙම සංසිද්ධිය අත්විඳින පුද්ගලයින්ට තම හැඟීම් ප්‍රකාශ කිරීමට, තම හැඟීම් හඳුනා ගැනීමට සහ විවිධ හැඟීම් අතර වෙනස හඳුනා ගැනීමට අපහසු විය හැකි ය.

"මම නම්, බොහෝ විට මට හැඟෙන ආකාරය දැන ගන්න අරගල කරනවා," ආචාර්ය වැල්ඩොක් පැවසීය.

"යමක් සිදුවෙනවා, මට යමක් දැනෙනවා කියලා මම දන්නවා, නමුත් ඒක මොකක් ද කියලා මට හිතා ගන්න බැහැ, මට ඒක කොහොම හරි තේරුම් ගන්න පුළුවන් නම්, ඒකට ටික වේලාවක් ගත වෙන්න පුළුවන්."

Dr Krysia Waldock photographed from behind looking at a wall of colourful graffiti. They are dressed in a navy top and trousers and has their hair pinned in a bun.

ඡායාරූප මූලාශ්‍රය, Krysia Waldock

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර 10 කට පමණ පෙර ආචාර්ය ක්‍රිෂියා වොල්ඩොක් පළමු වරට තමන් ඇලෙක්සිතයිමියාවෙන් පෙළෙන බව හඳුනා ගත්තා ය.

ආතතිය හඳුනා ගැනීම විශේෂයෙන් අභියෝගාත්මක විය හැකි ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"සමහර වෙලාවට මම ආතතියෙන් හෝ කනස්සල්ලෙන් ඉන්නකොට, උදාහරණයක් විදිහට කිව්වොත්, මට ඒක මගේ ශරීරයට දැනෙනවා, මගේ හකුවලට ගොඩක් දැනෙනවා, මම සමහර දේවල්වල ගැටෙනවා, අතේ තිබෙන දේවල් අත හැරෙනවා... යමක් වැරදී ඇති බව මම දන්නවා, නමුත් ඒකට හේතුව මට තේරෙන්නේ නැහැ."

"ඒක තේරුම් ගන්න මට ගොඩ වෙලාවක් යනවා, නැත්නම් මට ඒක කිසිසේත් තේරුම් ගන්න නොහැකි වෙනවා වෙන්න පුළුවන්."

ආචාර්ය වැල්ඩොක් ඔටිසම් රෝගයෙන් පෙළෙන අයෙකි. පර්යේෂණවලින් පෙනී යන්නේ, ඔටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට සාමාන්‍ය ජනගහනයට වඩා පස් ගුණයකින් ඇලෙක්සිතයිමියාව වැළඳීමේ සම්භාවිතාව වැඩි බව ය.

"ඔවුන් කිව්වා, 'මට නම්, ඒක ඔටිසම් සහ ස්නායු අපසරණය වීමේ කොටසක්' කියලා."

ඇලෙක්සිතයිමියා සිරුරේ අන්තර් ක්‍රියාකාරිත්වයට සමීපව සම්බන්ධ වේ. එයට ඔබේ ශරීරයෙන් ලැබෙන සංඥා හඳුනාගෙන නම් කිරීමේ හැකියාව තිබේ. උදාහරණයක් ලෙස කුසගින්න, වෙහෙස හෝ වැසිකිළියට යාමට අවශ්‍ය බව දැක්විය හැකි ය.

ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට කුසගින්න පිළිබඳ වන ඉඟි තේරුම් ගැනීමට නොහැකි වන බැවින් ආහාර වේල් අතපසු නොකර සිටීම සඳහා නියමිත වේලාවට ආහාර ගන්නැයි ආචාර්ය වැල්ඩොක් පැවසීය.

ආචාර්ය වොල්ඩොක් යනු ස්වන්සී විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහකාරවරයෙකි. ඔහු ඔටිසම් රෝගීන්ගේ ජීවිත කාලය පුරා ම ඔවුන්ගේ ප්‍රජනන සෞඛ්‍ය අත්දැකීම් වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ ව්‍යාපෘතියක කටයුතු කරමින් සිටි යි.

ඔවුන්ගේ සගයා වන ව්‍යාපෘතියේ පර්යේෂණ නිලධාරිනී ආචාර්ය රෙබෙකා එලිස් ද ඔටිසම් සහ ඇලෙක්සිතයිමියාවෙන් පෙළෙයි.

ආචාර්ය එලිස් පැවසුවේ, ඇලෙක්සිතයිමියා අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර කාංසාව සහ විෂාදයෙන් පෙළෙන පුද්ගලයින් අතර ද එය බහුලව දක්නට ලැබෙන බව ය.

ඇතැමුන් උපතින් ම ඇලෙක්සිතයිමියාවෙන් පෙළෙන අතර තවත් සමහරුන් තුළ එය කම්පනය නිසා වර්ධනය වන බව ඇය පැවසුවා ය.

කනස්සල්ල සහ උද්යෝගය අතර වෙනස හඳුනා ගැනීමට තමන් අරගල කළ බව ඇය පැවසුවා ය.

"ඔවුන් දෙදෙනාට ම බොහෝ දුරට සමාන බවක් දැනෙන අතර තරමක අපහසුතාවක් දැනෙන්නත් පුළුවන්," ඇය පැවසුවා ය.

"මම රෝලර්කෝස්ටරයක ගියා නම් මම එතන ම කනස්සල්ලෙන් ඉඳගෙන ඉන්නවා, මම ඒකට යන්නේ ඇයි කියලා?"

ඇය බියෙන් සිටිනවා ද? නැතහොත් යමක් බලාපොරොත්තුවෙන් සිටිනවා ද? යන්න ඇයට දැන ගැනීමට ද අපහසු ය.

"ඒක මට ලොකු ව්‍යාකූලත්වයක්," ඇය සිනාසුණා ය.

"ඉතින් මම ආසාවෙන් බලාගෙන ඉන්න ලස්සන සමාජමය සිදුවීමක් වුණත්... මට ඒ ගැන හැම විට ම ටිකක් ධනාත්මක හැඟීමක් දැනෙනවා, සමහර විට ටිකක් ඍණාත්මක හැඟීමක් ඇති වෙනවා."

Dr Rebecca Ellis feeding a pig out of a metal bucket, she is in a bright yellow anorak and black leggings and has short pink hair.

ඡායාරූප මූලාශ්‍රය, Rebecca Ellis

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය රෙබෙකා එලිස්ට ඇලෙක්සිතයිමියාව ඇති අතර බොහෝ විට කනස්සල්ල සහ උද්යෝගය අතර වෙනස හඳුනාගත නොහැක.

ආචාර්ය එලිස් සහ ආචාර්ය වොල්ඩොක් යන දෙදෙනා ම ඇලෙක්සිතයිමියාව සමග කටයුතු කිරීමේ ක්‍රම සොයාගෙන ඇත.

අන් අයට තම හැඟීම් හඳුනා ගැනීමට හැකි වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රශ්න ඇසීම ප්‍රයෝජනවත් විය හැකි බව ආචාර්ය එලිස් පැවසීය.

"ඒක ඔයාට ඉගෙනගෙන දියුණු වෙන්න පුළුවන් දෙයක්," ඇය පැවසුවාය. "ඔයාගේ හැඟීම් සහ දැනීම් පිළිබඳ ඒකෙන් අවබෝධයක් ගන්න පුළුවන්."

ආචාර්ය වොල්ඩොක්, ඔවුන්ට හැඟෙන ආකාරය හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා භාවිතා කළ හැකි විවිධ හැඟීම් සහ අර්ථ දැක්වීම් ලැයිස්තුගත කරන, How We Feel නම් වූ ඇප් එකක් භාවිතා කරයි.

වෙනස් ලෙස ක්‍රියා කරන විට, තමන්ට සමීප අයගෙන් විනිශ්චයන් ලබා නොගැනීම ප්‍රයෝජනවත් විය හැකි බවට දෙදෙනා ම එකඟ වූහ.

ඇලෙක්සිතයිමියාව සඳහා පැහැදිලි රෝග විනිශ්චය නිර්ණායක නොමැති බැවින්, ඒ සඳහා යෙදුමක් තිබීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි?"

"මම හිතන්නේ ඒකෙන් ඔයාට ඔයා ගැන ම සහකම්පනයක් ඇති කර ගන්න පුළුවන් වෙයි," ආචාර්ය එලිස් පැවසීය.

"ඒ සඳහා යෙදුමක් තිබීමෙන් අදහස් වන්නේ, වැඩි පිරිසක් එය අත්විඳිනවා කියන එක යි, ඔයාට වගේ ම අනෙක් අයට එය ටිකක් හොඳින් තේරුම් ගන්න පුළුවන් කියන එක යි," ආචාර්ය වැල්ඩොක් එකඟ විය.

"ඔටිසම් කියන එක මොකක් ද කියන එක ගැන මම ඉගෙන ගන්න පටන්ගෙන තියෙන්නේ. ඊට ඇලෙක්සිතයිමියාව වැනි අත්දැකීම් ද ඇතුළත් වෙනවා. ඒ දෙයින් මට මං ගැන ටිකක් හොඳින් දැන හඳුනා ගන්න උදව් වෙලා තියෙනවා," ඔවුහු පවසති.

"මම ලොකු වෙනකොට මට හැම වෙලාවෙ ම තැනින් තැන හිස් බවක් දැනුණා, නමුත් දැන් මම ඒ තරම් නොගැලපෙන තත්ත්වයන්ට මාව ම බලෙන් ඇදගන්න උත්සහ කරන්නේ නැහැ."