ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කකුල් දෙක නෑ කියල හිත හිත ඉන්න ගියොත් මුකුත් කරන්න වෙන්නේ නෑ': දෙපා අහිමි මෝටර් රථ කාර්මිකයෙකුගේ කතාව
'කකුල් දෙක නෑ කියල හිත හිත ඉන්න ගියොත් මුකුත් කරන්න වෙන්නේ නෑ': දෙපා අහිමි මෝටර් රථ කාර්මිකයෙකුගේ කතාව
නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ දිවි ගෙවන ඩී.එම්. ගාමිණී වෘත්තියෙන් ත්‍රිරෝද රථ සහ යතුරු පැදි අලුත්වැඩියා කරන මෝටර් රථ කාර්මික ශිල්පියෙකි.
ප්‍රදේශයේ වැඩි දෙනෙකු ඔහු හඳුන්වන්නේ, නිලමේ යන අන්වර්ථ නාමයෙනි.
අවුරුදු 27දී ඔහු ධාවනය වන දුම්රියකට ගොඩවීමට ගත් උත්සහයකදී මුහුණ දුන් අනතුරකින් පාද දෙක ම අහිමි වී තිබේ.
පාද දෙක ම අහිමි වුවත්, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත් නොහළ ඔහු ත්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීමෙන් ලබන ආදායමෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරයි.
ඔහු පවසන්නේ, පාද දෙක ම අහිමි වුව ද එය තමන්ට ගැටලුවක් නොවූ බව ය.
මේ, ඔහුගේ කතාව යි.