'මම ගහන කුළුගෙඩි පහරට වඩා ක්‍රීඩිකාවක ලෙස මගේ දුව ශක්තිමත්'

'මම ගහන කුළුගෙඩි පහරට වඩා ක්‍රීඩිකාවක ලෙස මගේ දුව ශක්තිමත්'

කුස මත තබා කළු ගල් කැඩීමට අදාළව ලෝක වාර්තාවක් පිහිටුවීමට පුහුණුවීම්වල නිරත වෙමින් සිටින බව කළු පටි ශ්‍රේණිධාරී කරාතේ ක්‍රීඩිකාවක වන විශ්මි නවෝද්‍යා මායාදුන්න පවසන්නීය.

ජාතික සහ ජාත්‍යන්තර තරග 50කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති ඇය, වයස අවුරුදු 12දී කළු පටි ශ්‍රේණිධාරියක වූවා ය.

මේ වන විට 14 වන වියේ පසු වන විශ්මි, කුරුණෑගල, නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.

කරාතේ උපදේශකවරයෙකු හා විනිසුරුවරයෙකු වන සිය පියාගේ අධීක්ෂණය මත ඇය පුහුණු කටයුතුවල නිරත වෙයි.