ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උපතේදී අහිමි වූ දේ ගැන කම්පා නොවී A 3ක් ලබා සරසවි වරම් ලද 'දිරිය දියණිය'
උපතින් දෑත් සහ පාදයක් අහිමි වුව ද සාමන්‍ය දරුවන් සමග උසස් පෙළ විභාගයට මුහුණ දුන් රශ්මි නිමේෂා ගුණවර්ධන මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යන අංශයේ තෙවන වසර සිසුවියකි.
තමන් සතු එක ම පාදයෙන් අකුරු ලියන ඇය සාමාන්‍ය දරුවන් සමග උසස් පෙළ විභාගයට මුහුණ දී A සාමාර්ථ තුනක් ලබා ගත ආකාරයත්, ධෛර්යසම්පන්නව ජීවිතයට මුහුණ දෙන ආකාරය ගැනත් BBC සිංහල සේවයට අදහස් පළ කළා ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ආසියා සහ පැසිෆික් කලාපය සඳහා ආර්ථික හා සමාජ කොමිසම (The Economic and Social Commission for Asia and the Pacific - ESCAP) 2017 වසරේදී වියට්නාමයේ සංවිධාන කළ ආසියා සහ පැසිෆික් කලාපීය විශේෂ අවශ්‍යතා සහිත තරුණයන්ගේ ගෝලීය තොරතුරු තාක්ෂණ අභියෝගතා තරගාවලියේ විශිෂ්ට තරගකරුට හිමි රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය.