චෙම්මනි: සිව්වන අදියරේ කැණීම් තාවකාලිකව නවතයි. මෙතෙක් සිදු වූයේ කුමක් ද?

Chemmani
    • Author, බීබීසී සිංහල

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ කැණීම් කටයුතු (අගෝස්තු 6) තාවකාලිකව නවතා දැමිණි. කැණිම් කටයුතුවල මීළඟ අදියර අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත බව කැනීම් නිලධාරීහු පැවසූහ.

සිව්වන අදියරේ සිදුකළ කැණිම්වලින් තවත් මිනිස් සිරුරු 6කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් බව කැනීම් නිලධාරීහු සඳහන් කළහ.

ඔවුන් පැවසුවේ, කැණිම්වලින් මේ වන විට මිනිස් සිරුරු 147කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන ඇති අතර මිනිස් සිරුරු 140කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව ය.

චෙම්මනි කැණීම්

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු විය.

Image copyright by BBC

Image copyright by BBC

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පළමු අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

දිනය අවසන් වන විට මිනිස් හිස් කබල් දෙකක කොටස් මතු කර ගැනීමට හැකි වූ අතර, වර්ෂාව හේතුවෙන් පළමු අදියරේ කැණීම් කටයුතු තාවකාලිව නවතා දැමිණි.

Image copyright by BBC

සුසාන භූමියේ දෙවන අදියරේ කැණීම් ආරම්භ විය.

Image copyright by BBC

විශේෂඥ කමිටුව සිදු කළ කැණීම්වලින් තවත් අස්ථි කොටස් කිහිපයක් මතු කර ගැනිණි.

Image copyright by BBC

දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන් කළ අතර, මිනිස් සිරුරු 19කට අයත් අස්ථි කොටස් හමුවිය.

Image copyright by BBC

මිනිස් අස්ථි කොටස් සොයා ගැනීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කරමින් උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන රැසක් තෙදින විරෝධතාවක් ආරම්භ කළේ ය.

Image copyright by BBC

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මෙම සුසාන භුමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

Image copyright by BBC

තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

Image copyright by BBC

- කාන්තාවකගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් මතු කර ගත් අතර එම කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමු විය.

- පාසල් බෑගයක් සහ ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අයත් බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමුවිය.

- රබර් බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළනඳින වළලු යුගලක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක් ද තිබී හමුවිය.

Image copyright by BBC

තුන්වන අදියරේ කැණීම් කටයුතු අවසන් වන විට මිනිස් සිරුරු 65ක අදාළ අස්ථි කොටස් මතු කර ගෙන තිබිණි.

Image copyright by BBC

චෙම්මනි සුසාන භූමියෙන් මතු වන අස්ථි කොටස් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කොළඹදී විරෝධතාවක් පැවැත්විණි.

Image copyright by BBC

සිව්වන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

Image copyright by BBC

මිනිස් සිරුරු 85කට අදාළ අස්ථි කොටස් හමු වූ අතර ඇදුම් කොටසක්, කුඩා බෝතලයක් හා දරුවන්ගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් ද හමු වූ බව කැණීම් කටයුතු නිරීක්ෂණය කරන අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. නිරංජන් පැවසුවේ ය.

Image copyright by BBC

කැණීම්වලින් තවත් මිනිස් සිරුරු තුනකට අදාළ අස්ථි කොටස් හමු වී ඇති අතර ඒ අනුව මේ වන විට මිනිස් සිරුරු 88කට අදාළ අස්ථි කොටස් හමු වී තිබේ.

Image copyright by BBC

මිනිස් සිරුරු සංඛ්‍යාව 104ක් දක්වා ඉහළට.

Image copyright by BBC

මිනිස් සිරුරු සංඛ්‍යාව 130ක් දක්වා ඉහළට. අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව හමුවූ මිනිස් අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය අගෝස්තු 5 වන දා හදුනා ගැනීම සඳහා මහජන ප්‍රදර්ශනයට තැබීමට අවසර ලැබීම.

Image copyright by BBC

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් විසින් චෙම්මනි මිනිස් අස්ථි කොටස් හමුවූ භූමිය ස්කෑන් පරීක්ෂාවට ලක් කෙරේ.

Image copyright by BBC

කැණීම් තාවකාලිකව නතර කෙරුණු අතර කැණීම් අවසන් වන විට මිනිස් සිරුරු 147කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි. මීළඟ අදියර අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත ය.

Image copyright by BBC

කැණීම් කටයුතු අවම වශයෙන් තවත් සති 8ක පමණ කාලයක් සිදුකළ යුතු බවට විශේෂඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටීම සහ ස්කෑන් වාර්තාව හා කැණීම් කටයුතු පිළිබඳ විමර්ශන වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම

Image copyright by BBC

පස්වන අදියරේ කැණීම් ඇරඹේ.

හමුවූ මිනිස් සිරුරු ගණන 166ක් දක්වා ඉහළට.

චෙම්මනි සමූහ සුසානය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිර්දේශ 16ක් ඇතුළත් වාර්තාවක් නිකුත් කරන ලදී.

Image copyright by BBC

සමූහ සුසානයේ පස්වන අදියරේ කැණීම් අවසන් කෙරිණි. මෙම අදියර අවසන් වන විට මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි.

Image copyright by BBC

ස්කෑන් පරීක්ෂණ වාර්තාව

අස්ථි කොටස් හමු වූ ස්ථානය ආශ්‍රිතව අගෝස්තු 4 හා 5 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් විසින් ස්කෑන් පරීක්ෂාවක් සිදු කළ අතර, එම වාර්තාව අගෝස්තු 14 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ විශේෂඥ කණ්ඩායම කටයුතු කරනු ඇතැයි කැණීම් කටයුතු නිරීක්ෂණ කරන නීතිඥ වී.කේ. නිරංජන් සඳහන් කළේ ය.

නීතිඥවරයා පැවසුවේ, ස්කෑන් පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව මීළඟ කැණීම් කටයුතු අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත බව ය.

මේ දක්වා හමුවූ අස්ථි කොටස් හා අනෙකුත් ද්‍රව්‍ය අධිකරණ නියෝග යටතේ යාපනය ශික්ෂණ රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් භාරයේ තබා ඇත.

අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය

කැණීම් කටයුතු නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පැවසුවේ, මෙම ස්ථානයෙන් හමුවූ භාණ්ඩ අගෝස්තු 5 වන දා සවස 2 සිට 5 දක්වා මහජන ප්‍රදර්ශනයට යොමු කෙරුණු බව ය.

පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් භාණ්ඩ පරීක්ෂා කිරීමට සහභාගි වූ බවද නිතීඥවරිය පැවසුවා ය.

භාණ්ඩ පරීක්ෂා කිරීමට එක්වූ කිසිවෙකුත් අදාළ භාණ්ඩ හදුනා ගැනීමට සමත් නොවූ අතර හමුවූ භාණ්ඩ මූලිකව හඳුනා ගැනීමට අධිකරණය නියෝග ලබා දී තිබිණි.