ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුඩානයේ නායයෑමකින් අවම වශයෙන් පුද්ගලයින් 1,000 ක් මරුට
- Author, ජේම්ස් චැටර්
- Role, බීබීසී පුවත්
බටහිර සුඩානයේ දුරස්ථ මරා කඳුකරයේ සිදු වූ නායයෑමකින් අවම වශයෙන් පුද්ගලයින් 1,000 ක් මිය ගොස් ඇති බව සුඩාන් විමුක්ති ව්‍යාපාරය/හමුදාව නම් කැරලිකාර කණ්ඩායම පවසයි.
දින ගණනක් පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඉරිදා නායයෑම සිදු වූ අතර, එයින් එක් අයෙකු පමණක් දිවි ගලවා ගත් අතර ටරාසින් නැමති ගම්මානයේ වැඩි කොටසක් "සමතලා" කර දමා ඇතැයි එම බව කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ අනෙකුත් කලාපීය සහ ජාත්‍යන්තර සංවිධානවලින් මානුෂීය ආධාර ඉල්ලා තිබේ.
සුඩාන හමුදාව සහ පැරාමිලිටරි RSF බලකාය අතර යුද්ධයෙන් පසු, උතුරු ඩාර්ෆූර් ප්‍රාන්තයේ බොහෝ පදිංචිකරුවන් තම නිවෙස්වලින් පළා ගොස් මාරා කඳුකර ප්‍රදේශයේ රැකවරණය ලබා තිබිණි.
2023 අප්‍රේල් මාසයේදී සුඩාන හමුදාව සහ RSF බලකාය අතර ඇති වූ සිවිල් යුද්ධය රට සාගතයකට ඇද දමා ඇති අතර බටහිර ඩාර්ෆූර් කලාපයේ ජන සංහාරයක් පිළිබඳ චෝදනා එල්ල වී තිබේ.
2023 අප්‍රේල් මාසයේදී සුඩාන හමුදාව සහ RSF බලකාය අතර ඇති වූ සිවිල් යුද්ධය රට සාගතයකට ඇද දමා ඇති අතර බටහිර ඩාර්ෆූර් කලාපයේ ජන සංහාරයක් පිළිබඳ චෝදනා එල්ල වී තිබේ.
සිවිල් යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු සැලකිය යුතු ලෙස වෙනස් වේ, නමුත් 2023 දී සතුරුකම් ආරම්භ වූ දා සිට පුද්ගලයින් 150,000 ක් දක්වා මිය ගොස් ඇති බව පසුගිය වසරේ එක්සත් ජනපද නිලධාරියෙකු ගණන් බලා තිබේ. මිලියන 12 ක් පමණ තම නිවෙස්වලින් පලා ගොස් ඇත.
නායයෑම සිදු වූ ප්‍රදේශය පාලනය කරන සුඩාන විමුක්ති ව්‍යාපාරයේ/හමුදාවේ කොටස්, RSF බලකායට එරෙහිව සුඩාන හමුදාව සමඟ එක්ව සටන් කිරීමට ප්‍රතිඥා දී තිබේ.
බොහෝ ඩාර්ෆූර්වැසියන් විශ්වාස කරන්නේ RSF බලකාය සහ මිත්‍ර හමුදා ජනවාර්ගික වශයෙන් මිශ්‍ර කලාපය අරාබි පාලනය යටතේ පවතින ප්‍රදේශයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් යුද්ධයක් දියත් කර ඇති බවයි.