ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අතපය හයිය නැතත් හිත හයිය නම් ඕන ගමනක් යන්න පුළුවන් අපිට'
'අතපය හයිය නැතත් හිත හයිය නම් ඕන ගමනක් යන්න පුළුවන් අපිට'
ජීවන අරගලයට මුහුණ දීම සඳහා බොහෝ දෙනා නොකරන රැකියාවන් ඇතැම් කාන්තාවෝ තෝරා ගනිති.
එවැනි කාන්තාවක් අපට රත්නපුර, මල්වල ප්‍රදේශයෙන් හමු වූවාය. සැමියා අහිමි වූ ඇය සිය දියණියන් තිදෙනා පෝෂණය කිරීම සඳහා 'ටයර් කඩයක්' පවත්වාගෙන යන්නීය.
''ගැහැනු අයගේ අතපය සාමාන්‍යයෙන් පිරිමි වගේ නෙමෙයි. ඒ වුණත් මම අනේ මේවා පිරිමි කරන වැඩ, අපිට කරන්න බෑ කියලා නිකං හිටියේ නෑ. අතපය හයිය නැතත් හිත හයිය නම් ඕන ගමනක් යන්න පුළුවන් අපිට'' යනුවෙන් ඊ. පුෂ්පලතා BBC සිංහල සේවයට පැවසුවාය.