ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුලි මස 02 වෙනිදා) සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුලි මස 02 වැනිදා) සමත් විය.

ඒ, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී සිය අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් සුපර් සික්ස් වටයේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 09 කින් ජය ගැනීමත් සමගයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම, පන්දු වාර 32.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගනු ලැබුවේ ලකුණු 165ක් පමණයි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය

සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්

තරගය ආරම්භයේදීම වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක සිම්බාබ්වේ පිතිකරුවන්ට තර්ජනයක් ගෙන ඒමට සමත් විය.

සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 30 ක් තුළදී දවා ගැනීමට ඩිල්ෂාන් මධුෂංක සමත් විය.

සිම්බාබ්වේ ඉනිමට ජීවය දුන් උඩ පන්දු අත්හැරීම්

තරගයේ 8 වැනි ඕවරය යැවු ඩිල්ෂාන් මධුෂංක ගේ පන්දුවකට ෂෝන් විලියම්ස් ලකුණු 15ක් ලබා ගෙන සිටියදී ලබා දුන් උඩ පන්දුව මතීෂ පතිරණ අතින් ගිලිහි ගියේ ය.

ඉක්මන් කඩුලු තුනක් දැවී ගිය සිම්බාබ්වේ කණ්ඩායමට ජීවය ගෙන දීමට සමත් වූ ෂෝන් විලියම්ස් සහ සිකන්දර් රාසා ඉන් පසුව ඉනිමේ සිව්වෙනි කඩුල්ල සඳහා ලකුණු 68ක් එක් කිරීමට සමත් විය.

සිම්බාබ්වේ ලකුණු පුවරුව ලකුණු 98ක් ව තිබියදී ලකුණු 31ක් ලබා ගෙන සිටි සිකන්දර් රාසා ගේ කඩුල්ල දවා ගැනීමට නායක දසුන් ශානක සමත්විය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

තරගය කණ පිට හැරවූ මහිෂ් තීක්ෂණ

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෂෝන් විලියම්ස් ලකුණු 56ක් ලබා ගෙන සිටියදී දවා ගැනීමට මහිෂ් තීක්ෂණ සමත් විය.

ඒ වන විට සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 127ක් ලෙසයි.

ඉන් පසුව මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ සිම්බාබ්වේ කණ්ඩායමේ සෙසු කඩුලු 05 ලකුණු 38 කට සීමා කිරීමට සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහිෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුලු 04ක් ද, ඩිල්ෂාන් මධුෂංක ලකුණු 15 කට කඩුලු 3 ක්, මතීෂ පතිරණ ලකුණු 18 කට කඩුලු 2ක් දවා ගනු ලැබුවේය.

zimbabwe vs sri lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහිෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුලු 04ක් දවා ගැනීමට සමත්විය

පැතුම් ගෙන් ශතකයක්

ලකුණු 166ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 103ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස, දිමුත් කරුණාරත්න ලකුණු 30ක් ලබා ගෙන සිටියදී දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයේ සිටම මනා සංයමයකින් පිතිකරණයේ යෙදුනු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 101ක් ලබා ගැනීමට සමත් විය.

එය ඔහුගේ එක්දින දිවියේ දෙවන ශතකයයි.

zimbabwe vs sri lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 33.1ක් අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සුපර් සික්ස් වටයේ තරගය ජුලි මස 07 වැනිදා පැවැත්වීමට නියමිතය.

west indies vs scotland

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ICC ලෝක කුසලානය දෙවරක් ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි කර ගෙන ඇත

දෙවරක් ලෝක කුසලානය දිනු කණ්ඩායමට අත්වූ අමිහිරි ඉරණම

ICC ලෝක කුසලානය දෙවරක් ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි කර ගෙන ඇත.

ඒ සුපර් සික්ස් වටයේ ස්කොට්ලන්ත කණ්ඩායම සමග ඊයේ (ජුලි මස 01 වෙනිදා) පැවති තරගය කඩුලු 07 කින් පරාජයට පත්වීමත් සමගය.

2023 ලෝක කුසලාන තරගාවලිය:ශ්‍රී ලංකාවේ තරග කාල සටහන

  • ඔක්තෝම්බර් මස 07 වෙනිදා දිල්ලි හිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග.
  • ඔක්තෝම්බර් මස 12 වෙනිදා හයිද්‍රබාද් හිදී පකිස්ථාන කණ්ඩායම සමග.
  • ඔක්තෝම්බර් මස 17 වෙනිදා ලක්නව් හිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග.
  • ඔක්තෝම්බර් මස 21 වෙනිදා ලක්නව් හිදී (සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම සමග)
  • ඔක්තෝම්බර් මස 26 වෙනිදා බැංගලෝර් හිදී එංගලන්ත කණ්ඩායම සමග.
  • ඔක්තෝම්බර් මස 30 වෙනිදා පුනේ හිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග.
  • නොවැම්බර් මස 02 වෙනිදා බොම්බෙයි හිදී ඉන්දීය කණ්ඩායම සමග.
  • නොවැම්බර් මස 06 වෙනිදා දිල්ලි හිදී බංග්ලාදේශ කණ්ඩායම සමග.
  • නොවැම්බර් මස 09 වෙනිදා බැංගලෝර් හිදී නවසීලන්ත කණ්ඩායම සමග.