ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය:ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානම අභියෝගය කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ICC ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන තරගාවලියේ, ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද ( ජුනි මස 19 වැනිදා) පැවැත් වෙයි.
තුන් වතාවක් ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා පිවිසි ශ්‍රී ලංකාව, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කරන්නේ පළමු වරටය.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හි බුලවායෝ හි පිහිටි කුවීන්ස් පාර්ක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග වදින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමගයි.
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සෑම තරගයක්ම ඉතා වැදගත් බව වේග පන්දු පුහුණුකරු අනුෂ සමරනායක බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානතම අභියෝගය කුමක්ද?
සුපර් සික්ස් වටයේ පළමු කණ්ඩායම් දෙක අතරට පිවිසීමට නම් මෙම තරගාවලියේ ලබා ගන්නා සෑම ප්‍රසාද ලකුණක්ම ඉතාම වැදගත් බව අනුෂ සමරනායක පැවසුවේය.
" මේ ටුනර්මන්ට් එකේ පළමු වටයේ දී අපිට මැච් හතරක් තියෙනවා. අපි පළවෙනියට සෙල්ලම් කරන තරග තුන තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයි, ඕමාන් සහ අයර්ලන්ත කණ්ඩායම් එක්ක."
"අපි මේ මැච් හතරෙන් තුනක්ම දිනන්න ඕන පළමු වටයේ මුල් කණ්ඩායම් තුන අතරට එන්න."
"මේ තරග දිනලා ලබා ගන්නා පොයින්ට්ස් සුපර් සික්ස් වටයේ දී ඉතා වැදගත් වෙන්නේ."
"ඒකට හේතුව තමයි එම සුපර් සික්ස් වටය අවසානයේ දී මුල්ම කණ්ඩායම් දෙක තමයි
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ." යනුවෙන් ඔහු සඳහන් කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
පන්දු යවන්නන්ට ලැබෙන අභියෝගය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නට එක් එක් කණ්ඩායමට වෙනස් වන ආකාරයේ සැලසුමක් අනුව ක්‍රීඩා කිරීමට සිදුවන බව ද අනුෂ සමරනායක පෙන්වා දුන්නේය.
"අපි බැලුවොත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමාන් කියන කණ්ඩායම් දෙක හොදින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙනවා."
"ඒ, එම කණ්ඩායම් දෙකටම ඉන්දියාවේ සහ පාකිස්ථානයේ ආභාෂයක් තියෙන නිසා. ඔවුන් අසීරුවෙන් මුහුණ දෙන්නේ වේග පන්දු යවන්නන්ට.
"අපිට ටිකක් වැඩි වේගයෙන් පන්දු යවන මතීෂ සිටිනවා. ඔහු පහුගිය තරග වලදී හොදින් පන්දු යැව්වා."
"එම කණ්ඩායම් දෙකට එරෙහිව අපි (ශ්‍රී ලංකා කණ්ඩායම) වේග පන්දු යවන්න දෙදෙනෙක් සහ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඇතුලත් කරයි කියලයි, මගේ නම් බලාපොරොත්තුව. එහෙම වුනොත් එයාලා හොදින් පන්දු යවනකොට දඟ පන්දු යවන්නන්ටත් කඩුලු ලබා ගන්න ලේසි වෙනවා."
"ඒ වගේම අයර්ලන්තය සහ ස්කොට්ලන්ත කණ්ඩායම් වේග පන්දු යවන්නන්ට හොදින් මුහුණ දෙනවා. නමුත් ඔවුන් දඟ පන්දු යවන්නට මුහුණ දෙන්නේ අසීරුවෙන්."
"මේ කණ්ඩායම් දෙකට එරෙහිව අපේ ( ශ්‍රී ලංකා) දඟ පන්දු යවන්නන්ට වැඩි වගකීමක් තියෙනවා." යනුවෙන් ඔහු පැවසුවේය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහාභාගිවන ශ්‍රී ලංකා සංචිතය මෙසේය.
ශ්‍රී ලංකා සංචිතය:
1) දසුන් ශානක - නායක
2) කුසල් මෙන්ඩිස් - (Wk) උප නායක
3) දිමුත් කරුණාරත්න
4) පැතුම් නිශ්ශංක
5) චරිත් අසලංක
6) ධනංජය ද සිල්වා
7) සධීර සමරවික්‍රම (Wk)
8) වනිඳු හසරංග
9) චාමික කරුණාරත්න
10) දුෂ්මන්ත චමීර
11) කසුන් රාජිත
12) ලහිරු කුමාර
13) මහේෂ් තීක්ෂණ
14) මතීෂ පතිරණ
15) දුෂාන් හේමන්ත.
කාලගුණයෙන් ලැබෙන වාසිය මෙන්ම අභියෝගය
සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙන සිම්බාබ්වේ හි මේ දිනවල පවතින ශිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පිතිකරුවන්ට එය අභියෝගයක් වන බව අනුෂ සමරනායක පෙන්වා දුන්නේය.
" මේ දිනවල සිම්බාබ්වේ වල වින්ටර් එක. ඒ නිසා විකට් එකේ ටෙනිස් බෝල් බවුන්ස් එකක් (ඉපිලීමක්) තියෙන්නේ. මේ නිසා පිතිකරුවන්ට ලෙන්ත් එකේ ස්වීම් වෙන පන්දු වලට පහර දෙන එක අසිරූ කාර්යක්."
"ඒ වගේම අපේ වේග පන්දු යවන්නන් හොදින් පන්දු යැව්වොත් ප්‍රතිවාදී පිතිකරුවන්ට ඒක හොද අභියෝගයක් වෙයි. විශේෂයෙන් එක්සත් අරාබි එමීර් පිතිකරුවන්ට." යනුවෙන් ඔහු පැවසුවේය.
මැද පෙළට අභියෝගයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරණය ශක්තිමත් කර ගැනීම වඩාත් වැදගත් බවත් අපට සිටින අත්දැකීම් බහුලම පිතිකරුවන් දෙදෙනා ලංකාවේ තබා ගොස් ඇති බවත් අනුෂ සමරනායක පවසා සිටියේය.
" ඒ වුනාට මට අනුව අපේ මැද පෙළ අත්දැකීම් බහුල පිතිකරුවන් එච්චරම නැහැ. මම දකිනවා අපේ හොදම එක්ස්පිරියන්ස් බැට්ස්මන්ලා දෙන්නම මෙහෙ තියලා ගිහිල්ලා ඉන්නේ කියලා. ඒ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්."
"ඉතින් මම දැක්කා ඕලන්ද කණ්ඩායම සමග තරගයේ දී අපි එච්චර හොඳින් බැට් කලේ නැහැ. කණ්ඩායමේ නායකයා සහ දිමුත් එකතු වෙලා හොඳ සම්බන්ධකම් දාලා ඒ තරගය බේර ගත්තා."
"මේ සිම්බාබ්වේ වල තියන කන්ඩිෂන්ස් එක්ක සෙල්ලම් කරලා ලකුණු ලබා ගන්න නම් හොඳ අත්දැකීම් තියෙන පිතිකරුවන් කණ්ඩායමේ සිටිය යුතුයි."
"ඔබලා දකිනවා ඇති ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ කොච්චර හොඳ අත්දැකීම් තියන අයද කණ්ඩායම්වල ඉන්නේ කියලා. ඒ අතින් බලද්දී දිමුත් හොඳ රාජකාරියක් කරනවා."
"කුසල් මෙන්ඩිස් ලකුණු අතරට එනවා. නමුත් ඔහු එක වෙලාවක විකට් එක විසි කරනවා. එහෙම විකට් එක විසි කරන්න බැහැ."
"ඇමෙරිකාව එක්ක පැවති තරගයේ දී ඔහු එහෙම විකට් එක විසි කලේ නැති නිසා ලොකු ලකුණු සංඛ්‍යාවකට ගියා."
"ඉතින් මේක තමයි අපේ මැද පෙළ තියෙන වෙනස, අපිට මැද පෙළ ශක්තිමත් කරගන්න එක්ස්පිරියන්ස් එක ඕන. නමුත් දැන් ඒ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් නැති වුනත් අපේ පිතිකරුවන්ට වෙනවා මැද පෙළ ශක්තිමත්ව ලකුණු අතරට එන්න. මොකද විකට් නොදී ආවොත් අපිට පුළුවන් හොඳ ලකුණු සංඛ්‍යාවක් අතරට යන්න."
"මේකේ වටිනාකම තමයි අපි හොඳ ලකුණු වලින්, මාර්ජින් තියල අපි තරග දින්නම අපි සුපර් සික්ස් වටයට ගියාම ඒක අපිට වටිනවා."
"එහෙම හොඳ ලකුණු අතරට යන්න අපේ පිතිකරුවන් හොදට ලකුණු අතර සිටින්න ඕන." යනුවෙන් වේග පන්දු පුහුණුකරු අනුෂ සමරනායක පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දිමුත්ගෙන් ලැබෙන වාසිය
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කැඳවීම ලැබූ දිමුත් කරුණාරත්න ලකුණු අතරට පැමිණීම ඉතා වැදගත් බව අනුෂ සමරනායක පවසයි.
" මම දකින හොදම දේ තමයි දිමුත් කරුණාරත්න ලකුණු අතරට ඒම. දිමුත් කියන්නේ ඇත්තටම විකට් එක විසික් කරන පිතිකරුවෙක් නෙමෙයි."
"එයා ලකුණු 30-40 අතරට ආවම විශාල ලකුණු සංඛ්‍යාවල් ගහලා පුරුදුයි. ඒක අපි දකිනවා එයා ටෙස්ට් රන්ස් ගහන ක්‍රමයට. අනිත් එක එයාගේ තියෙන දක්ෂකම තමයි ටෙස්ට් ද - වන් ඩේද, වේග පන්දු සහ දඟ පන්දු යවන්නන්ට හොදින් මුහුණ දෙන්න පුළුවන් පිතිකරුවෙක්. ඒ නිසා මම හිතනවා අපේ හරිම සිලෙක්ෂන් එක තමයි ඔහුව නැවතත් කණ්ඩායමට ගෙන ඒම." වේග පන්දු පුහුණුකරු අනුෂ සමරනායක බීබීසී සිංහල සේවය වෙත වැඩිදුරටත් පැවසුවේය.












