වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම T-20 තරගාවලිය ජය ගනියි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද ( ජනවාරි 18 වැනිදා) සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද ( ජනවාරි 18 වැනිදා) සමත් විය.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 09 කින් පරාජයට පත් කරමින්ය.

තරගය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

දෙවන විස්සයි 20 තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පැමිණියේ වෙනස්කම් දෙකක් සිදුකරමිනි.

කණ්ඩායම් දෙකේ සිදුවූ වෙනස්කම්

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණි.

පසුගිය තරග දෙකේදී අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවනු ලැබ තිබුණි.

එමෙන්ම අසනීප තත්ත්වය හේතුවෙන් චරිත් අසලංක අද තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට කමිදු මෙන්ඩිස් කණ්ඩායමට එක්ව සිටියේය.

එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම ද ඔවුන්ගේ ලකුණු අතර සිටි රයන් බර්ල් වෙනුවට ටෝනි මුනියෝන්ගා කණ්ඩායමට කැඳවා තිබුණි.

අද තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කරන ලදී.

දෙවන විස්සයි 20 තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පැමිණියේ වෙනස්කම් දෙකක් සිදුකරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවන විස්සයි 20 තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පැමිණියේ වෙනස්කම් දෙකක් සිදුකරමිනි.

වේගවත් ලකුණු රැස් කිරීම සහ කඩා වැටීම

අද තරගයේදී පළමු පන්දු වාරය යැවීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් තරගයේ දෙවන පන්දුවේදීම ක්‍රේග් අර්වින් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

කෙසේ වුවද පිටියට එක්වූ ටිනාෂේ කමුනුකහම්වේ සහ බ්‍රයන් බෙනට් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක් එක් කිරීමට සමත් විය.

තරගයේ දෙවන පන්දුවාරය යැවු ඩිල්ෂාන් මධුෂංකට පිට පිට හතරේ පහරවල් 04ක් එල්ල කිරීමට බ්‍රයන් බෙනට් සමත් විය.

කෙසේවුවද සිම්බාබ්වේ ඉනිමේ තෙවන පන්දු වාරයේදී යලි ක්‍රියාත්මක වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 12 කදී ලකුණු 29ක් රැස් කරගෙන සිටි බ්‍රයන් බෙනට් දවා ගැනීමට සමත් විය.

බ්‍රෙන්ට් ගේ දැවී යෑමෙන් පසු ලකුණු 12ක් රැස් කරගෙන සිටි ටිනාෂේ කමුනුකහම්වේ ගේ කඩුල්ල දවා ගැනීමට මහිෂ් තීක්ෂණ සමත් වන විට සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 5 යි පන්දු 4 කදී ලකුණු 51 කට කඩුලු 03ක් ලෙසයි.

වේගවත් ආරම්භයක් සමග ලකුණු රැස් කිරීම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවන් තමන්ගේ පාලනයට නතුකර ගැනීමට වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වේගවත් ආරම්භයක් සමග ලකුණු රැස් කිරීම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවන් තමන්ගේ පාලනයට නතුකර ගැනීමට වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූහ.

සිම්බාබ්වේ කණ්ඩායමේ කඩා වැටීම

වේගවත් ආරම්භයක් සමග ලකුණු රැස් කිරීම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවන් තමන්ගේ පාලනයට නතුකර ගැනීමට වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූහ.

සිම්බාබ්වේ කණ්ඩායමේ ෂෝන් විලියම්ස් ලකුණු 15ක් සහ සිකන්දර් රාසා පමණක් ලකුණු 10 ක් රැස් කිරීමට සමත් වුවද ඔවුන් දෙදෙනාට වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිටීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉඩ ලබා නොදෙන ලදී.

ලකුණු 51 කට කඩුලු 03ක් දැවී ගොස් තිබු සිම්බාබේ කණ්ඩායමේ ඉනිම ලකුණු 82 කට සීමා විය.

එහිදී වනිදු හසරංග ලකුණු 15 කට කඩුලු 04ක්, මහිෂ් තීක්ෂණ ලකුණු 14 කට කඩුලු 02ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 15 කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

පෙර වැරදි නිවැරදි කරගත් ලකුණු හඹා යෑම

සිම්බාබ්වේ කණ්ඩායම සමග විස්සයි 20 තරගාවලියේ දී සාර්ථක ආරම්භයක් සනිටුහන් නොකළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය අද තරගයේදී පෙර සිදුවූ වැරදි නිවැරදි කර ගැනීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ගෙන දීමට සමත් වූහ.

ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට පන්දුවාර 7.4 කදී ලකුණු 64ක් එක් කිරීමට සමත් වන ලදී.

කෙසේ වුවද ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 33ක් රැස් කරගෙන සිටි කුසල් මෙන්ඩිස් දවා ගැනීමට ෂෝන් විලියම්ස් සමත් විය.

කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක සමග එක්වී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහණය කිරීමට සමත් විය.

පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39ක් සහ සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 15ක් රැස් කර ගැනීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 10.5 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් රැස් කර ගනු ලැබීය.

දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුණේ කොතැනද ?

වරක් T20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳි ශ්‍රී ලංකා කණ්ඩායමට නොසිතු පරාජයක් ගෙන දීමට (ජනවාරි 16) සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වරක් T20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳි ශ්‍රී ලංකා කණ්ඩායමට නොසිතු පරාජයක් ගෙන දීමට (ජනවාරි 16) සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවති දෙවන පන්දුවාර විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 4 කින් පරාජයට පත් කරමින් තරගය ජය ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණි.

විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලද පළමු ජයග්‍රහණය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වීමද විශේෂත්වයකි.

ශ්‍රේණිගත කිරීම් වලදී කණ්ඩායම් දෙක සිටින ස්ථානය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ 8 වැනි ස්ථානයේ ය.

එමෙන්ම 2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් නොලැබූ සිම්බාබ්වේ කණ්ඩායම ICC කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පසුවන්නේ 13 වැනි ස්ථානයේයි.

එමෙන්ම අත්දැකීම් බහුල සහ දක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවූ කරුණු ගැන සොයා බැලීම වැදගත්ය.

පළමු විස්සයි 20 තරගයේදී මෙන්ම (ජනවාරි 16) පැවති දෙවන T20 තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරු යුගලය වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්ට අවස්ථාවක් හිමි නොවීය.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලූ 4 ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම ආරම්භයේ සිටම තරගයේ පාලනය තමන් සතුකර ගැනීමට සමත් වීම දක්නට ලැබුණි.

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා මෙන්ම සදීර සමරවික්‍රම යන ප්‍රබල පිතිකරුවන් සිව්දෙනා ලකුණු අතරට නොපැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් විය.

ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක වනිදු හසරංග පැවසුවේ තරගයේදී පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනෙන්ම සිදුවූ මගහැරීම් තරගයේ පරාජයට හේතුව වූ බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක වනිදු හසරංග පැවසුවේ තරගයේදී පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනෙන්ම සිදුවූ මගහැරීම් තරගයේ පරාජයට හේතුව වූ බවය.

‘අංශ තුනෙන්ම අඩුපාඩු සිද්ධ වුණා’

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක වනිදු හසරංග පැවසුවේ තරගයේදී පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනෙන්ම සිදුවූ මගහැරීම් තරගයේ පරාජයට හේතුව වූ බවය.

"අපේ ඩිපාර්ට්මන්ට් තුනෙන්ම මිස්ටෙක්ස් කළා. ඒ වගේ මිස්ටෙක්ස් කළාම මේ වගේ තරගයක් ජයග්‍රහණය කරන්න අමාරුයි."

"තරගයේදී ලැබුණු විකට් එක හොදයි. නමුත් අපි තවත් ලකුණු 15ක් විතර පිටුපස්සෙන් හිටියේ. මොකද අපේ විකට් 4ක් ගියා. නමුත් ඇන්ජි - චරිත් ඒක මැනේජ් කර ගත්තා."

"ඒත් අපිට බෝලින් සහ ෆීල්ඩින් වලින් මේ තරගය දිනා ගන්න තිබ්බා." වනිදු පැවසුවේය.

‘මම නිදහසට කරුණු කියන්න කැමති නැහැ’

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරය තෙක් පිතිකරණයේ යෙදීම හේතුවෙන් ඔහුට මුලින් පන්දු යැවීමට අවස්ථාව නොලැබීම සිම්බාබ්වේ ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය ගැන සැලසුම් කිරීමේ දී ගැටලුවක් වුවාදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් නගන ලද පැනයකට පිළිතුරු දෙමින් නායක වනිදු හසරංග කියා සිටියේ තමන් නිදහසට කරුණු කීමට කැමැත්තක් නොදක්වන බවය.

"මම කැමති නැහැ ඇත්තටම නිදහසට කරුණු කියන්න. අපේ හොඳ බෝල්ර්ස්ලා හතර දෙනෙක් ක්‍රීඩා කළා. එත් තවත් ඕවර් 04ක් අපේ ඕල් රවුන්ඩ් ප්ලේයර්ස්ලා දෙන්නගෙන් කවර් කර ගන්නයි සැලස්ම තිබුණේ."

"අවසන් පන්දු වාරයට ලකුණු 20ක් කියන්නේ මේ වගේ ග්‍රවුන්ඩ් එකක අපිට ඩිෆෙන්ඩ් කරන්න තිබුණා. "

"ඒ වගේම කලින් තරගයේදී නොතිබ්බ පින්න ඊයේ අපි පන්දු යවන වෙලාවේ ග්‍රවුන්ඩ් එකේ තිබුණා. ඒකත් එක හේතුවක් වුණා." ඔහු කියා සිටියේය.

ඉදිරියේදී වෙනස්කම් කරනවාද ?

"පිට පිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය අසාර්ථක වීම හරහා ඉදිරි තරගයේදී යම් වෙනස්කමක් කිරීමට බලාපොරොත්තු වන්නේදැයි” මාධ්‍ය හමුවේදී නගන ලද පැනයකට නායක වනිදු හසරංග විසින් ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"ඉස්සරහට වෙනසක් කරනවද කියලා සිලෙක්ටර්ස්ලා කතා කරලා තීරණය කරාවි."

"අපේ අතින් අඩුපාඩු කිහිපයක් සිදුවුණා. ඒ ටික හරි ගස්සගෙන ඉදිරි තරගයට හොදින් මුහුණ දෙන්න කටයුතු කරනවා." ඔහු කියා සිටියේය.

‘මගේ ආදර්ශය වුනේ ඇන්ජලෝ මැතිව්ස්’

මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය ලුක් ජොන්ග්වේ තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියේ කුඩා කළ පටන් තමන්ගේ ආදර්ශය ලෙස තබාගෙන සිටියේ ඇන්ජලෝ මැතිව්ස් බවය.

අවසන් පන්දු වාරයට ලකුණු 20ක් රැස් කර ගැනීමට නියමිතව තිබු අතර එහිදී පන්දු යැවු ඇන්ජලෝ මැතිව්ස්ගේ පළමු පන්දු දෙකට හයේ සහ හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජය මාවත සිම්බාබ්වේ කණ්ඩායමට විවර කර දුන්නේ ලුක් ජොන්ග්වේ වීමද විශේෂත්වයකි.

"ඇන්ජලෝ මැතිව්ස් කුඩා කාලයේ පටන් මගේ රෝල් මෝඩල් එක. ඇත්තටම ඔහුට පන්දු යැවීම සහ පන්දුවට පහරදීමට ලැබීම ගැන ඉතා සතුටුයි."

"මගේ කුඩා කාලයේ මගේ ෆේස්බුක් වෝල් පේපර් එකේ ඇන්ජලෝ හිටියේ. ඒ කාලයේ ඔහු ගොඩක් තරුණයි. "

"අද මට ලැබුණු දේවල් ගැන ගොඩක් සතුටුයි. ඒ අවස්ථාව එනකම් මම ගොඩක් කල් බලාගෙන හිටියා." ඔහු එහිදී පැවසුවේය.

පරාජය ගැන සමාජ මාධ්‍යයේ පලවූ අදහස්

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසු කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් තමන් අත රැඳී තිබු කාඩ්බෝඩ් පුවරු ආදිය ක්‍රීඩාංගණය තුළට විසි කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන අයුරු දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනකට ක්‍රීඩා ලෝලීන් සිය අදහස් පළකරමින් සිම්බාබ්වේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය සහ කණ්ඩායම් හැඟීම පිළිබඳව සුබ පැතුම් එක් කර තිබුණේ මෙලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනකට ක්‍රීඩා ලෝලීන් සිය අදහස් පළකරමින් සිම්බාබ්වේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය සහ කණ්ඩායම් හැඟීම පිළිබඳව සුබ පැතුම් එක් කර තිබුණේ මෙලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වෙනස්කම් ප්‍රතිඵලදායක ද?

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග ( ජනවාරි 14 වෙනිදා) පැවති පළමු පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මාස දෙකකට පසු තහනම මැද ආරම්භ වූ ක්‍රිකට් වසන්තය

2023 ලෝක කුසලාන එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසු මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විවේකයක් හිමිවිය.

ජාත්‍යන්තර පිටියේ එවැනි විවේකයක් හිමිවුවද එම කාල සීමාව තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය පුරාවට වෙනස්කම් රැසක් සිදුවිය.

එම වෙනස්කම් සමගින් නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරගවාරය ආරම්භ කරනු ලැබුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග වූ එක්දින හා පන්දුවාර විස්සයි 20 තරග සංචාරයත් සමගයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ තහනම සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන පළමු ක්‍රිකට් තරගාවලිය මෙය වීමද විශේෂත්වයකි.

සිම්බාබ්වේ කණ්ඩායම ද ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන්නේ උගන්ඩාව හමුවේ ලැබූ අමිහිරි පරාජයත් සමගය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවූ නායකත්ව වෙනස

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලෝක කුසලාන එක්දින තරගාවලිය අතර මැද ආබාධයකට ලක්වූ දසුන් ශානක වෙනුවෙන් වැඩ බැලීමට පත් කළ කුසල් මෙන්ඩිස්ට එම ධුරය ස්ථිර කිරීමට මෙන්ම විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය සඳහා වනිදු හසරංග පත් කිරීම නව වසරේ ආරම්භයත් සමග සිදුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුව තිබෙන නායකත්ව වෙනස සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ කියා සිටියේ කුසල් සහ වනිඳු වෙත වගකීම් පැවරීම ඉතා හොඳ දෙයක් බවයි.

"මම දකින දෙයක් තමයි කුසල් මෙන්ඩිස් නායකයෙක් විදිහට අවුරුදු 19න් පහළ ඉදලම ඔහුට හොඳ හැකියාවක් තියෙනවා. ඔහුට හොඳ ක්‍රිකට් අදහස් තියෙනවා කියලා විශ්වාස කරනවා."

"අනිත් එක වනිදු හසරංග. ඔහු විස්සයි 20 කණ්ඩායමේ නායකයා වීම හොඳ දෙයක්. අපි දැක්කා වනිදු LPL තරගාවලියේදී බී - ලව් කැන්ඩි කණ්ඩායම මෙහෙයවන කොට නායකයෙක් විදිහට. "

"ඔහු නායකත්වය දරන්නේ ක්‍රිකට් ගහන විදිහටයි. පන්දු යවනවා වගේම කඩුලු දවා ගන්න උත්සහ ගන්නවා. ඔහු ඇග්‍රසිව් ප්ලේයර් කෙනෙක්. ඒක ඔහු ඔහුගේ නායකත්වයට ගේනවා"

"මම දකිනවා ඔවුන් දෙදෙනාට පුළුවන්, ඒ වගේම ඉතා හොඳින් හැකිවෙයි අපේ කණ්ඩායම් දෙක ඉදිරියට අරගෙන යන්න." ඔහු පැවසීය.

මේ අතර දසුන් ශානකට නායකත්වය අහිමිවීම ඉතා අවාසනාවන්ත සිදුවීමක් ලෙස තමන් දකින බව රොෂාන් අබේසිංහ වැඩිදුරටත් පැවසීය.

"අපිට ඉස්සෙල්ලා හිටියේ එක නායකයයි. ඒ දසුන් ශානක. ඉතාමත් අවාසනාවන්තයි දසුන් ශානකගේ නායකත්වය නැතිවීම."

"දසුන්ට මිනිසුන් නොයෙක් ආකාරයෙන් චෝදනා කරනවා. නමුත් අපි අමතක කරන්න හොද නැහැ ඔහු කණ්ඩායමේ නායකත්වය ලබා ගන්න කොට යම් යම් ප්‍රශ්න තිබුණා."

"ඔහු කණ්ඩායම එකතු කරලා ජයග්‍රහණය කරන තැනට ගෙනාවා. ඔහුට අඛණ්ඩව එක්දින තරග ජයග්‍රහණය කිරීම ගැන වාර්තාවක් තියෙනවා."

"නමුත් අවසන් කාලයේදී ඔහුට ක්‍රීඩකයෙක් විදිහට ලකුණු අතරට එන්න නොහැකි වුණා. ඒ නිසයි ඔහුගේ ස්ථානය ගැන ගැටලුවක් ආවේ. ඒ වගේම ඔහු කණ්ඩායමේ ඉන්නවා. ඒක හොඳයි." ඔහු කියා සිටියේය.

‘මම හිතුවේ නැහැ ඒ තරගය දිනයි කියලා’

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගාවලියේ පළමු තරගය අතහැර දැමීමට සිදුවුයේ ඊට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙනි.

කෙසේ වුවද මෙම එක්දින තරගාවලියේ දෙවන තරගයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයින් ගෙන් ශ්‍රී ලංකා පිලට නොසිතු අභියෝගයක් එල්ලවිය.

ප්‍රවීණ ක්‍රිකට් තරග විස්තර විචාරක රොෂාන් අබේසිංහ කියා සිටියේ දෙවන එක්දින තරගය ජයග්‍රහණය කළ ආකාරය ගැන සතුටුවිය නොහැකි බවයි.

" ශ්‍රී ලංකා කණ්ඩායම තරග ජයග්‍රහණය කිරීම වැදගත් කුමන කණ්ඩායමක් එක්ක වුනත්."

"නමුත් මට එක්දින තරගාවලියේ දී දෙවන එක්දින තරගය ජයග්‍රහණය කළ ආකාරය ගැන සන්තෝෂ වෙන්න බැහැ. මොකද සිම්බාබ්වේ කණ්ඩායමට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්න තැන දිහා බැලුවම."

"මොකද ලෝක කුසලාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව අසාර්ථක වුණාට ඔවුන් හොද කණ්ඩායමක්. ඔවුන්ට හොඳ තරුණ ක්‍රීඩකයින් පිරිසක් එකතු වෙලා ඉන්නවා."

"ඒ නිසා තුන්වෙනි එක්දින තරගය ජයග්‍රහණය කළා වගේ හොදින් ජයග්‍රහණය කරන්න ඕන." ඔහු පැවසුවේය.

දුෂ්මන්ත චමීරගේ පන්දුවකට සිම්බාබ්වේ ප්‍රතිකරුවෙකු දැවී ගිය අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දුෂ්මන්ත චමීරගේ පන්දුවකට සිම්බාබ්වේ ප්‍රතිකරුවෙකු දැවී ගිය අයුරු

"ඇත්තටම දෙවන එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම දිනයි කියලා මම හිතුවේ නැහැ. මම හිතන්නේ සිම්බාබ්වේ කණ්ඩායම ඒ තරගය පරාජය වුණා."

"ඒ තරගය ජයග්‍රහණය කරන්න ඔවුන්ට හොඳම අවස්ථාව තිබුණා. නමුත් ඔවුන්ගේ වැරදි වලින් හෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ මොනවා හරි සුපිරි දස්කමක් නිසා ඔවුන්ට ඒ අවස්ථාව නැති වූනා."

"මේ දෙවන එක්දින තරගයේදී සදීර සමරවික්‍රම රැකගත් ක්‍රේග් අර්වින් ගේ ඒ උඩ පන්දුව තමයි තරගය වෙනස් කරන්න හේතු වුණේ. "

"සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 240 ක් වගේ සීමාවකට යන්න තිබුනානම් ඒක ශ්‍රී ලංකාවට ලොකු අභියෝගයක් වෙන්න තිබ්බා." ඔහු පැවසුවේය.

නවක ක්‍රීඩකයින් සඳහා වත්මන් තේරීම් කමිටුව විසින් අවස්ථාව ලබාදීම හොඳ දෙයක් ලෙස තමන් දකින බව රොෂාන් අබේසිංහ පැවසීය.

දෙවන එක්දින තරගයේදී ලකුණු 95ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ජනිත් ලියනගේ වැනි ක්‍රීඩකයින් පිළිබඳ තේරීම් කමිටුවේ අවදානය යොමු වීම ඉතා හොද දෙයක් ලෙස තමන් දකින බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම කාලයකට පසුව නැවත කණ්ඩායමට එක්වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට මෙවර සිම්බාබ්වේ එක්දින සංචාරයේදී දස්කම් අතරට ඒමට නොහැකි වුවද ඔහුට තවත් අවස්ථා ලබාදිය යුතු බව රොෂාන් අබේසිංහ පෙන්වා දුන්නේය.

"අවිශ්ක කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට තවත් අවස්ථා ලබාදිය යුතුයි. මම දකින්නේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර ආරම්භක පිතිකරුවෙකුගේ භූමිකාවට ඇතුලත් විය යුතුයි."

"අවාසනාවකට මෙම තරගාවලියේදී ඔහුට ලකුණු අතරට එන්න ලැබුණේ නැහැ." ඔහු පැවසුවේය.

වනිදු හසරංග නැවත වරක් ජාත්‍යන්තර පිටියට පැමිණීම සනිටුහන් කළ පළමු තරගයේදීම ලකුණු 19 කට කඩුලු 7ක් දවා ගැනීම විශේෂත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වනිදු හසරංග නැවත වරක් ජාත්‍යන්තර පිටියට පැමිණීම සනිටුහන් කළ පළමු තරගයේදීම ලකුණු 19 කට කඩුලු 7ක් දවා ගැනීම විශේෂත්වයකි.

වනිදු තැබූ වාර්තාව

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති 3 වන එක්දින තරගයේදී වනිදු හසරංග එක්දින ජාත්‍යන්තර පිටියේ හොඳම පන්දු යැවීමේ වාර්තා අතර පස්වන ස්ථානයට පත්වීමට සමත් වීමද මෙම තරගාවලියේ දී දක්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.

ආබාධයකට ලක්විම හේතුවෙන් මාස කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩා නොකළ වනිදු හසරංග නැවත වරක් ජාත්‍යන්තර පිටියට පැමිණීම සනිටුහන් කළ පළමු තරගයේදීම ලකුණු 19 කට කඩුලු 7ක් දවා ගැනීම විශේෂත්වයකි.

වනිදු හසරංගගේ මෙම දක්ෂතාවය ජාත්‍යන්තර එක්දින පිටියේ හොඳම පස්වන පන්දු යැවීම ලෙසත්, එය ඔහුගේ හොඳම පෞද්ගලික පන්දු යැවීමේ වාර්තාව ලෙසට ද වාර්තා පොත් අතරට එක්විය.

ප්‍රේක්ෂකාගාර හිස්වු හේතුව කුමක්ද?

සිම්බාබ්වේ එක්දින තරගවලියේ පළමු තරග දෙක නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතුණි.

තෙවන එක්දින තරගය නැරඹීම සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ එක් කොටසක වූ ප්‍රේක්ෂකාගාර සඳහා තරග නරඹන්නන් හට නොමිලේ ඇතුළුවීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන ලදී.

තෙවන එක්දින තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව නගන ලද පැනයකට පිළිතුරු දෙමින් වනිදු හසරංග ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"ප්‍රේක්ෂකයෝ අපි මැච් දිනන කොටත් පරාජය වෙනකොටත් අපිත් එක්ක ඉන්නවා. අපිට කියන්න බැහැ ප්‍රේක්ෂකයෝ මැච් බලන්න ආවේ නැත්තේ අපි කලින් තරග සවුත්තු විදිහට පරාද වුණ නිසා කියලා."

"මැච් පරාද වෙන එකද, එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයින්ට තියෙන අපහසුකම් නිසාද කියලා අපි බලන්න ඕන."

"මොකද පහුගිය දවස්වල ක්‍රිකට් ගැන ගොඩක් දේවල් කතා කළා. මීට වඩා ප්‍රශ්න ලංකාවේ තිබුණා. ඒ කට්ටියත් කතාවෙන්න පටන් ගත්තේ ක්‍රිකට්ම ඉස්සරහට අරගෙන."

සිම්බාබ්වේ එක්දින තරගවලියේ පළමු තරග දෙක නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්දින තරගවලියේ පළමු තරග දෙක නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතුණි.

"මීට වඩා කොච්චර ප්‍රශ්න තිබුණත් ක්‍රිකට් ගැන කතා කළා පාර්ලිමේන්තුවේ වගේම හැම තැනම. "

"මම හිතෙනවා ප්‍රේක්ෂකයෝ අපිට තියෙන ගෞරවය සහ උදව් කරන එක කවදාවත් නතර කරලා නැහැ. අපි තරග දිනද්දී වගේම පරාජය වෙද්දී එයාල අපි එක්ක ඉන්නවා කියලා මම විශ්වාස කරනවා." වනිදු හසරංග පැවසුවේය.

මේ අතර එක්දින තරගාවලිය සඳහා අවම ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගණය වෙත පැමිණීම පිළිබඳ රොෂාන් අබේසිංහ පැවසුවේ "ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි. දිගින් දිගටම ලබපු පරාජයත් එක හේතුවක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා."

"ඒ එකක්ම මේ පවතින ආර්ථික තත්ත්වය ලොකු ප්‍රශ්නයක්. මේ තරග ඔක්කොම ක්‍රීඩා කරන්නේ කොළඹ නේ. මේ තරග කොළඹින් පිට තිබ්බනම් ඒ ප්‍රදේශවල අයත් එනවා තරග නරඹන්න. "

"දැන් කොළඹ ගත්තොත් බසනාහිර පළාතේ ක්‍රිකට් වලට ආදරය කරන අයනේ ඉන්නේ. නමුත් ඔවුන්ට ගමනාගමන ප්‍රශ්න තියනවා, ටිකට් ගන්න ඕන වගේම කණ්ඩායම වැටිලා ඉන්න තැනත් එක්ක බලලා ගොඩක් හේතු තියෙනවා."

"මේ ඔක්කොම සාධක එකතුවෙලා තමයි අපි මේ දැක්ක ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ." ඔහු පැවසුවේය.

සමාජ මාධ්‍යයේ හාස්‍යට ලක්වූ සිංහල ක්‍රිකට් විස්තර විචාරය

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා එක්දින තරගාවලියට සමාගමිව විකාශනය කෙරුණු සිංහල භාෂාවෙන් සිදුකළ තරග විස්තර විචාරය සම්බන්ධයෙන් බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යට ලක් කර තිබුණි.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු වූ රනිල් නවෝද් පැවසුවේ මීට දශක දෙකකට ඉහතදී ක්‍රිකට් තරග ගැන ප්‍රචාරය වූ විස්තර විචාර සමග සසඳන විට අද අසන්නට ලැබෙන්නේ විකට කතාවක් බදු විස්තර විචාර බවයි.

"අපි ඉස්සර ඉස්කෝලේ යන කොට බස් එකේදී මැච් එක අහන්නේ රේඩියෝ එකෙන්. අද වගේ මතකයි ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා වගේ ප්‍රවීණයින් අපිට තරගය විස්තර කරද්දී දැනුණේ අපි ක්‍රීඩාංගණයේ ඉදලා මැච් එක බලනවා වගේ ෆීලින් එකක්."

"ඒත් අද ඒකේ කණපිට. අපි යූ ටියුබ් එකෙන් මැච් එක බලද්දී සිංහලෙන් කමෙන්ට්‍රි දෙනවා. හැබැයි කියන්නේ අන්ඩර දෙමළ."

"මේ වගේ වැදගත් ක්‍රීඩාවකට ඒ ක්‍රීඩාවේ ඉතිහාසය දන්න, හරියට වචන හසුරුවන්න පුළුවන් වගේම හොඳ බුද්ධියක් තියෙන පිරිසක් පුහුණු කරවලා හරි ගෙන්න අවශ්‍යයි. නැත්නම් ක්‍රිකට් බලන එකත් ඉක්මනටම මිනිස්සු නතර කරයි." ඔහු කියා සිටියේය.