ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළමා සුරැකුම් සේවය නොමැති ව නිවසේ සිට වැඩකරන මවුවරුන්
කොවිඩ් වසංගත සමයේ රැකියා කරන වැඩිදෙනෙක් නිවසේ සිට සේවය කළහ. දැන් වසංගතය අවසන්ව ඇති නමුත් බොහෝ මව්වරුන් තවමත් නිවසේ සිට සේවය කරයි.
2022 මුල දී කේටී සර්බින්, ඇගේ දියණියගේ උපතෙන් පසු ලැබූ පළමු අවුරුද්දේ වැඩි කාලයක් කිසිම ආකාරයේ ළමා දිවා සුරැකුම් සේවයක් නොමැති ව, දවස පුරා පාරිභෝගික සේවා ඇමතුම් කළමනාකරණය කරමින් නිවසේ සිට වැඩ කළා ය. ඇගේ දරුවා හඬන්නට පටන් ගන්නා හැම අවස්ථාවක දී ම එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ ජීවත් වන, තිස්තුන් හැවිරිදි මෙම මවට කාමරයෙන් පිටතට යන්නට සිදුවිය. ඇය එසේ නොකළේ නම්, දුරකතනයේ අනෙක් අන්තයේ සිටින පාරිභෝගිකයා හෝ නිතර ඇහුම්කන් දෙන සර්බින්ගේ සුපරීක්ෂකට පසුබිමින් දරුවාගේ හඬ ඇසී ඇගේ වෘත්තීමයභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ.
"සාමාන්‍යයෙන් මගේ කෝල් විනාඩි පහකට වඩා අඩු යි. ඒක මට විඳදරාගන්න වුණු දෙයක් වගේ ම අනිත් ලයින් එකේ ඉන්න කෙනාට දරුවා අඬනවා ඇහෙන එකක් නෑ කියලා බලාපොරොත්තු වුණා," සර්බින් පවසයි. "එයා පුංචි ම කාලෙ තරම් ඒක නරක නෑ. නමුත් ඉක්මනින් ම එයා ඇවිදින්න පටන් අරන් එක එක දෙවල්වලට යොමුවුණා සහ අවධානය අවශ්‍ය වුණා. මම කතා කර කර අවධානය යොමුකරන්න උත්සාහ කරන අතරෙදි එයා මගේ හෙඩ්සෙට් එක ගන්න හෝ කම්පියුටරය අල්ලන්න හදනවා, නැතිනම් මගේ ටී ශර්ට් එකෙන් අදිමින් එයා ව මා ලවා වඩාගන්න උත්සාහ කරනවා. ඔයාගෙ අවධානයට සම්පූර්ණයෙන් ම බාධා වෙනවා. ඔයා එයා ව කොයිතරම් ගණන් ගන්නෙ නැති ව හිටියත්, හදවතින් ඔයාට එහෙම කරන්න බෑ."
තත්ත්වයන් සමතුලිත කරගැනීමට ගතයුතු ක්‍රියාමාර්ගය, අර්ධ වශයෙන් පැයකට ඇ.ඩො. 17ක් (යූරෝ 13.70)ක මුදලක් දැරීමට සිදුවන මූල්‍යමය තේරීමක් වන අතර, එම ගණන් සර්බින්ට "මූලිකව ම (දරුවා) රැකබලා ගැනිම පමණක් වෙනුවෙන් වැඩ කිරීමට" සිදු කරයි. එනිසා ඇයට ඇති එක ම විසඳුම වූයේ වැඩ දෙක ම එකවර කිරීම යි. එය ඇයට හෝ ඇගේ දියණියට පහසු නොවන අතර, කාලය ගත වත් ම එය දුෂ්කර වීම පමණක් සිදුවිය.
වසංගතය අතරතුර පාසල් හා ළමා සුරැකුම් මධ්‍යස්ථාන පුළුල් ලෙස වසා තැබීම, සර්බින් වැනි වැඩ කරන දෙමවුපියන් දුරස්ථ රැකියාවල යෙදීම සහ අඩු ළමා සුරැකුම් විකල්පයන් අතර ඇති නරක තත්ත්වයකට දැමුවේ ය. කොවිඩ්-19 අඩු වෙමින් ඇති බැවින් බොහෝ දරුවන්ට නිවසින් බාහිර දිවා සුරැකුම් ආයතන වෙත නැවත යාමට හැකි වූව ද, හැම දෙමවුපියෙකුට ම අපහසුතාවෙන් මිදීමට නොහැකි ව ඇත: ඇතැම් දෙමවුපියන් තවමත් ඔවුන් තව තවත් අගාධයට තල්ලු කරන, දරුවන් අධීක්ෂණය කිරීම සහ රැකියාවේ යෙදීමට එකවිට මුහුණ දෙති.
ඇතැම් අවස්ථාවල දී, ප්‍රශ්නය එය වසංගතයේ උච්ඡතම අවස්ථාවේ තිබුණාක් මෙන් තීව්‍ර වේ. විශේෂයෙන් ම එක්සත් ජනපදය තුළ, මේ වන විට ඇති ළමා සුරැකුම් අර්බුදය බොහෝ දෙමාපියන් සහායක් නැති තත්වයකට පත් කර තිබේ: ළමා සුරැකුම් කර්මාන්තයට 2020 දී දැවැන්ත සේවක ගලනයකට හා පහසුකම් නවතා දැමීමකට ලක් වන්නට සිදු වූ අතර, යථා තත්වයට පත්වීම සෙමින් සෙමින් සිදුවෙමින් ඇත. ඇමෙරිකානු ප්‍රගති මධ්‍යස්ථානය වාර්තා කළේ, ඇමෙරිකානුවන්ගෙන් අඩකටත් වඩා ළමා සුරැකුම් කතරක ජීවත්වන බව හා, එය ලබාගත හැකි තැන්වල පවා ගාස්තු ඉහළ යාම නිසා ගුණාත්මක රැකවරණයක් ලබා ගැනීම බොහෝ පවුල්වලට ළඟාකරගැනීමට නොහැකිවී ඇති බව යි.
ලෝන්ග් බීච්හි කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ කළමනාකරණය පිළිබඳව සහකාර මහාචාර්ය මෝනා සැන්හෝර් පවසන ආකාරයට, දුරස්ථ වැඩ විප්ලවය බොහෝ අතින් මවුවරුන්ට යහපත් වී ඇති අතර, ශ්‍රම බලකායෙන් ඉවත් ව යන්නට සිදු වූ ඇතැම් කාන්තාවන්ට වෙනත් ආකාරයකින් ඉපයීමට ඉඩක් දෙයි. නමුත් ඇය පවසන්නේ ඇතැම් මවුවරුන්ට "ඒක දෙපැත්ත කැපෙන කඩුවක්. සමාන ඉඩක, එක ම වෙලාවක දී වැඩ කරන්න, දෙමවුපියන් වෙන්න සහ ජීවත් වෙන්න තාක්ෂණය අපට ඉඩ දෙමින් තිබෙනවා. නමුත් අපි (එයට) ළමා සුරැකුම් අර්බුදයත් එකතු කරන විට, එය එයට ම රාක්ෂයෙක් බවට පත්වෙනවා," යනුවෙනි.
මේ සියල්ල ඇතැම් දෙමවුපියන් - බොහෝවිට මවුවරුන් නිවසේ සිට වැඩකිරීමට සමගාමී ව දරුවන් රැකබලාගැනීමට මෙහෙයවමින් ඇති බව සැන්හෝර් පවසයි. මෙම දෙමවුපියන්ගෙන් බහුතරයකට මෙම කරුණ, අවධානයට බාධා වීම හෝ වෘත්තීමය නොවන දෙයක් ලෙස නොපෙනෙන සේ, ඔවුන්ගේ ආයතන ප්‍රධානීන්ගෙන් සඟවා ගැනීමට බලකෙරී ඇති අතර, එය ඔවුන් ව පීඩනයට සහ බයට පත් කරයි. එමෙන් ම ඇය පවසන්නේ, සමාන අවස්ථාවක දී රැකියාව කිරීමටත්, දෙමාපියෙකු වීමටත් උත්සහගන්නා කාන්තාවක්, බොහෝවිට ඒ දෙක ම සමග අරගල කර වෙහෙසෙන බවයි.
එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ සිටින, ඇගේ සෞඛ්‍ය සේවා රැකියාව බොහෝවිට නිවසේ සිට සිදුකරන මවක් වන ක්‍රිස්ටීන් කාපෙන්ටර්, ඇගේ අඩු ළමා සුරැකුම ඇගේ පස් හැවිරිදි පුතාට අහිතකර ලෙස බලපානු ඇතැ යි කණගාටු වේ. "එයා පැය දෙකහමාරකට කින්ඩර්ගාට්න් එකේ, ඊළඟට ගෙදර ඇවිත් දවල්ට ටැබ් එකේ හෝ චිත්‍රපටයක් නරඹනවා, නැතිනම් මොකක් හරි වැඩකට නැති දෙයක් කරනවා. මොකද මට මගේ වැඩ කරන්න වෙලා තියෙන නිසා," ඇය පවසයි. "එයා කිසි ම දෙයක් කරන්න අධෛර්යයමත් වෙලා."
කාපෙන්ටර් ද සෘණාත්මක ප්‍රතිඵල අත්දැක ඇත. ඇය කලක දී කළාක් මෙන් වැඩවල දී අවධානයක් ඇති බවට ඇයට නොදැනෙන අතර, ඇය කැමති ආකාරයට ඵලදායී වීමට ඇය අරගල කරයි. "මම සහතිකව ම මගේ 'පැය 40' වැඩ කරන්නෙ නෑ," ඇය පවසයි. "එය මාත් එක්ක මෙහෙ ඉන්නවිට මට සම්පූර්ණයෙන් සිත එකඟ කරන්න බෑ කියලා මට දැනෙනවා. ඒ වගේ ම එයා ඉස්කෝලෙ ඉන්නාවිට මට පැය දෙකහමාරක් විතරයි තියෙන්නෙ. ඊගාවට මට එයාව බස් එකෙන් බස්සා ගන්න තියෙනවා. මට ඒ වෙලාවෙ මොනවද කරගන්න පුළුවන්? විශේෂයෙන් මුළු වෙලාවෙම එයාව ගන්න යන්න එලාම් එක වදිනකන් බලන් ඉන්නවා."
සැන්හෝර් සම්මුඛ සාකච්ඡා පැවැත්වූ කාන්තාවන් 53 දෙනාගෙන් බහුතරයක්, ඔවුන් නිතර ම (ජීවිතයේ) පසුපසින් සිටින බවට හැඟෙන බව ද වාර්තා කර තිබේ. "ඔවුන් අවසානයේ නින්ද කැප කරනවා, ඔවුන්ගේ පුද්ගලික සෞඛ්‍ය කැප කරනවා," ඇය පවසයි. "ඔවුන් උදේ ම දරුවන්ට කලින් ඊමේල් බලන්න අවදි වෙනවා, ඔවුන්ගේ රාජකාරි දෙක අතර මාරු වෙමින් ඔවුන්ගේ දවස ගෙවනවා, ඒ වගේ ම හැමෝම නින්දට ගියාට පසුව, ඔවුන් අඩුපාඩු ටික අඩුකරගන්න උත්සාහ කරනවා." එසේ ම, නියත ලෙස ම ඔවුන්ට නොහැකි වූ විට දී, "ඔවුන් එය පුද්ගලික අසමත්කමක් ලෙස අත්දකිනවා."
ඇගේ අවධානය බෙදී ගිය නිසා ඇය නිතර ම රැකියාවේ දී සුළු වැරදි සිදුකළ බව සර්බින් පවසයි. "ඒක මාව අනිවාර්යයෙන් ම කරදරේ වැටෙන දෙයක් නොවුණත්, මට ඒ වගේ සරල වැරදි නොකර ඒක කරන්න හැකියාව තිබුණා කියලා මම දන්න නිසා, ඒක මට වරදකාරී හැඟීමක් සහ ලැජ්ජාවක් ඇති කළා. ඒ වගේම මට ඇවිත් කියන්න බෑ 'මම මගේ දරුවා රැකබලා ගන්නවා,' කියලා. මීලඟට 'එයාලා මේක අරගෙන එන්න ද යන්නෙ? මාව කරදරේක වැටෙයි ද? මට මගේ රැකියාව නැතිවෙන්නද යන්නෙ?' කියලා සැලකිල්ලක් සහ කණස්සල්ලක් එකතුවෙනවා."
තත්ත්වය තවත් සංකීර්ණ කරන තවත් ප්‍රශ්නයක් වන්නේ, වැඩ ලෝකයේ බොහෝ දේවල් දැන් "සාමාන්‍ය අතට" හැරී ඇති නිසා බොහෝ දෙමවුපියන්ට ඔවුන් අමතකවූ බවක් හැඟීම යි. වසංගතය ආරම්භයේ දී, පාසල් වසා දමා රැකියා හිටි අඩියේ ම දුරස්ථ ව සිදුකරන විට, වැඩ කරන දෙමවුපියන් ගැන හොඳ අවබෝධයක් සහ සහකම්පනයක් තිබූ බව, වසංගත කාලය තුළ හා ඉන් පසු ව වැඩ කරන මවුවරුන්ගේ අත්දැකීම් ගැන අධ්‍යනයක සම කර්තෘ සැන්හෝර් පැහැදිලි කරයි. "අපේ දත්තවලින් අපි දැක්ක දේ තමයි සහකම්පනය ඉක්මනින් ම යන්න ගිහින් කියන එක."
ආතතිය, කාංසාව සහ වෙහෙස සමග මේ සියලු කරුණු ඇතැම් මවුවරුන්ට ඔවුන්ගේ වෘත්තීය ක්ෂේත්‍ර මුළුමනින් ම වෙනස් කිරීමට බලකෙරුණි. ඇගේ දියණියට ඇයගේ ම මවු රැකවරණය ලබා දෙන අතරතුර සර්බින් පූර්ණකාලීන, පුද්ගලිකව ම සම්බන්ධ විය යුතු රැකියාවක් ලබා ගත්තා ය."ඒක හොඳ ම විසඳුම නොවෙයි," ඇය පවසයි. "මගේ වැරැද්ද වෙනත් වැරැද්දක් දක්වා ඉදිරියට ගිහින් තියෙන්නේ. දැන් මට මම මගේ දරුවා ගැන බලන්නෙ නැති ව වැඩ කරනවා කියන වරදකාරී හැඟීම දැනෙනවා."
කාපෙන්ටර් වැනි අනෙක් අය තවමත් කිසි විසඳුමක් නොමැතිව සිර වී සිටිති. ඇගේ පුත්‍රයාගේ පළමු ශ්‍රේණිය ආරම්භ වී ඔහු දවස ම පාසල තුළ ගත කරන තෙක් ඇය දින ගනිමින් සිටියි. ඒ අතරතුරේ ඇය වියවුලක පැටලී සිටියි. "මට තරහ යනවා," ඇය කියයි. "මම සම්පූර්ණයෙන් ම යටපත්වෙලා."
ඒත් සමග ම, ඇතැම් වැඩකරන දෙමවුපියන් ඔවුන්ව ම අතරමං කරගෙන සිටින බවක් පෙනෙනු ඇත. මීට සරල විසඳුමක් නැතැ යි සැන්හෝර් පවසයි. ගැටළුව විසඳීමට "මාතෘත්වය වෘත්තීමයභාවයට අමුතු දෙයක් නොවන පරිදි සේවා ස්ථාන සංස්කෘතිය නැවත සැකසුම" අවශ්‍ය කරනු ඇතැ යි ඇය පවසයි. දැනට, ඉතා සුළු සහකම්පනයකට දිගු දුරක් යාමට වනු ඇත.