ඇෆ්ගනිස්ථානයට එරෙහි 20/20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්ථානය සමග පැවති දෙවන පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 72කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (පෙබරවාරි මස 19 වෙනිදා ) සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇෆ්ගනිස්ථානය සමග පැවති දෙවන පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 72කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (පෙබරවාරි මස 19 වැනිදා) සමත් විය.

ඒ සමග තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි 20 තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය සමග පැවති ටෙස්ට් තරගය සහ එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට මීට පෙර සමත් විය.

ප්‍රවේශපත්‍ර නිසා උණුසුම් වූ දඹුල්ල

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පන්දුවාර විස්සයි 20 තරග සඳහා වෙන් කළ ප්‍රවේශ පත්‍ර සියල්ලම ඊයේ දිනය (පෙබරවාරි 18 වැනිදා) වන විට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලදී.

කෙසේවුවත් අද (පෙබරවාරි 19වැනිදා) දිනයේදී ද ප්‍රවේශපත්‍ර මිලදීගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් පැමිණීමත් සමග දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් ඇති විය.

ප්‍රවේශපත්‍ර මිලදීගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් පැමිණීමත් සමග දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රවේශපත්‍ර මිලදීගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් පැමිණීමත් සමග දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් ඇති විය.

කුසල් සහ පැතුම්ගේ සාර්ථක ආරම්භය

අද තරගයේ කාසිය වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක ඊබ්‍රාහිම් සර්දාන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පන්දුවාර 3 යි පන්දු 5ක් තුලදී ලකුණු 45ක් එක් කිරීමට සමත් විය.

ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත පිති ප්‍රහාරයක් එල්ල කළ පැතුම් නිස්සංක ලකුණු 25 කට දැවි ගියේය.

පැතුම් ගේ දැවී යාමෙන් මොහොතකට පසුව කුසල් මෙන්ඩිස් ලකුණු 23 කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වුයේ පන්දු වාර 4 යි පන්දු 2 කදී ලකුණු 49 කට කඩුලු 02 ක් ලෙසය.

 තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි උනන්දුවක් පැවතිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ගේ විශාල උනන්දුවක් පැවතිණි.

නැවතත් සිදුවූ පෙර වැරැද්ද

පළමු පන්දුවාර විස්සයි 20 තරගයේ දී මෙන් අද තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු ඉතා ඉක්මනින් දැවී ගිය අයුරු දක්නට ලැබුණි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රම එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සබඳතාවක් ගොඩ නගන ලදි.

ධනංජය ද සිල්වා ලකුණු 14ක් රැස් කර ගෙන සිටියදි දැවි ගිය අතර ඉන් පසු පිටියට පිවිසි වනිදු හසරංග පන්දු 09 කදී ඉක්මන් ලකුණු 22ක් රැස් කරගෙන සිටියදී දැවි ගියේය.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 11 යි පන්දු 4 කදී ලකුණු 110කට කඩුලු 04ක් ලෙසයි.

ඉන් පසූව පිටියට පැමිණි චරිත් අසලංක ලකුණු 04 කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම තවත් අසරණ කරමිනි.

පන්දු වාර 14 යි පන්දු 2 කදී ලකුණු 121 කට කඩුලු 05ක් දැවී ගොස් තිබු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙන ඒමට සධීර සමරවික්‍රම සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පන්දු වාර 14 යි පන්දු 2 කදී ලකුණු 121 කට කඩුලු 05ක් දැවී ගොස් තිබු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙන ඒමට සධීර සමරවික්‍රම සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගු සබඳතාවය

පන්දු වාර 14 යි පන්දු 2 කදී ලකුණු 121 කට කඩුලු 05ක් දැවී ගොස් තිබු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙන ඒමට සධීර සමරවික්‍රම සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ගෙන් එල්ලවූ පීඩනය හමුවේ සධීර සමරවික්‍රම සහ ඇන්ජලෝ මැතිව්ස් ප්‍රවේශමෙන් පිතිකරණයේ යෙදෙන අයුරු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා ඉනිමේ 18 වන පන්දුවාරය අවසන් වන විට ලකුණු පුවරුව දිස් වුයේ කඩුලු 05 කට ලකුණු 153ක් ලෙසයි.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙන දෙමින් 19 වන පන්දු වාරයේ පළමු පන්දු 03 ට ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරවල් 03ක් එල්ල කරනු ලැබිය.

ඔහුගේ එම හයේ පහරවල් තුනත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දු 12 දී ලකුණු 34ක් රැස් කිරීමට සමත් වන ලදී.

අද තරගයේදී සධීර සමරවික්‍රම සිය පළමු විස්සයි 20 අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22 කදී නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුළත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වන ලදී.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ලකුණු හඹා යාම

ලකුණු 188ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස හස්රතුල්ලා සසායි එක් ලකුණක් ලබා ගෙන සිටියදී දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

හස්රතුල්ලා ගේ දැවී යාමෙන් පසු නැවතත් ක්‍රියාත්මක වූ මැතිව්ස් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක ඊබ්‍රාහිම් සර්දාන් ගේ කඩුල්ල ද දවා ගනු ලැබුවේය.

මහිෂ් තීක්ෂණ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු රමනුල්ලා ගුර්බාස් ලකුණු 13 කට දවා ගන්නා විට ඔවුන්ගේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 04 කදී ලකුණු 30 කට කඩුලු 03ක් ලෙසයි.

දසුන් ශානක විසින් පන්දු 17 කදී ලකුණු 27ක් රැස් කරගෙන සිටි මොහොමඩ් නබි ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දසුන් ශානක විසින් පන්දු 17 කදී ලකුණු 27ක් රැස් කරගෙන සිටි මොහොමඩ් නබි ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

05 වන පන්දු වාරය යැවීමට පැමිණි බිනුර ප්‍රනාන්දු ගුලබ්දින් නායිබ් සහ අස්මතුල්ලා ඕමර්සායි ගේ කඩුලු දෙක දවා ගනු ලැබුවේ ඇෆ්ගනිස්ථාන ඉනිමේ පිතිකරුවන් ගෙන් හරි අඩක් ක්‍රීඩාගාරයට හරවා යවමිනි.

ලකුණ 31 කට කඩුලු 05ක් දැවී ගොස් තිබියදී පිටියට පැමිණි මොහොමඩ් නායිබ් සහ කරීම් ජනාත් සයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූහ.

කෙසේ වුවත් දසුන් ශානක විසින් පන්දු 17 කදී ලකුණු 27ක් රැස් කරගෙන සිටි මොහොමඩ් නබි ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

ඉන් පසුව පැමිණි කිසිදු ඇෆ්ගනිස්තාන පිතිකරුවෙකුට ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර ඇෆ්ග්ගනිස්ථාන ඉනිම පන්දු වාර 17 කදී ලකුණු 115 කට සීමා කරනු ලැබුවේ තරගයෙන් ලකුණු 72ක ජයග්‍රහණයක් සිය නම ඉදිරියේ සනිටුහන් කර ගනිමිනි.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස්, බිනුර ප්‍රනාන්දු, වනිදු හසරංග සහ මතිෂ පතිරණ කඩුලු දෙක බැගින් දවා ගත්හ.

 පන්දුවාර විස්සයි 20 තරගවලදී කඩුලු 100ක් දවා ගැනීමට වනිදු හසරංග සමත් වන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පන්දුවාර විස්සයි 20 තරගවලදී කඩුලු 100ක් දවා ගැනීමට වනිදු හසරංග සමත් වන ලදී.

හසරංග පසුකළ කඩඉම

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග තවත් කඩඉමක් පසුකර යාමට සමත් විය.

එම කඩුල්ලත් සමග පන්දුවාර විස්සයි 20 තරගවලදී කඩුලු 100ක් දවා ගැනීමට වනිදු හසරංග සමත් වන ලදී.

ඔහු වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර විස්සයි 20 තරගවලදී කඩුලු 100ක් දවා ගත් දෙවන පන්දු යවන්නා ලෙසයි.

විස්සයි 20 තරග වලදී කඩුලු 100ක් දවා ගත් පන්දුයවන්නා වන්නේ රෂිඩ් ඛාන්ය.

ඔහු තරග 53 කදි එම දස්කම දැක්වීමට සමත් වූ අතර වනිදු හසරංග එම කඩඉමට ළඟා වුයේ තරග 63කදීය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තෙවන විස්සයි 20 තරගය අනිද්දා ( පෙබරවාරි 21 වැනිදා) පැවැත්වීමට නියමිතය.