'සාදයකදී පමණක් මත්පැන් බීපු මගේ අක්මාව අවුරුදු 31දී නරක් වෙයි කියල හිතුවෙ නෑ'

A close portrait shot of BBC journalist Hazel Martin looking serious.

ඡායාරූප මූලාශ්‍රය, Daniel Taylor-Sweet / BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසී මාධ්‍යවේදිනී හේසල් මාටින්ට මත්පැන් පානය සම්පූර්ණයෙන් ම නතර කරන ලෙස උපදෙස් දී ඇත.
    • Author, හේසල් මාර්ටින්
    • Role, BBC පැනොරාමා

මම අල්කොහොල් පානය කරන එක නතර නොකළොත් මා මිය යන බව අවුරුදු 31දී මට වෛද්‍යවරු කීහ.

මා ඒ සම්බන්ධයෙන් කම්පනයට පත්වුණේ, මා ඇල්කොහොල්වලට ඇබ්බැහි වී ඇතැයි හැඟුණ නිසා නොව, දිනපතා මත්පැන් පානය නොකළ නිසාත්, සමාජ ක්‍රියාකාරකමක් ලෙස එයින් විනෝදයක් ලැබූ නිසාත් ය.

නමුත් නිර්වචනය අනුව, මගේ නව යොවුන් වියේ අග භාගයේ සිට වයස අවුරුදු 20 ගණන්වල අග දක්වා මගේ මත්පැන් පානය අධික ලෙස මත්පැන් පානය කිරීමක් ලෙස සැලකිය හැකි ය. එය සාමාන්‍ය දෙයක් ලෙස දැනුණේ මා වටා සිටින අය එය ම කරමින් සිටි නිසා ය. දැන් එය මා වෙළා ගනිමින් සිටී.

මෑතකදී මා මවක බවට පත්වූ අතර, නිරන්තරයෙන් වෙහෙසකාරී බවක් දැනෙන්නට වූ හෙයින් වෛද්‍යවරයා හමුවීමට යාමට සිදුවිය. ඒ හරහා රුධිර පරීක්ෂා කිරීම් සහ අක්මා පරීක්ෂා කිරීම්වලට යොමු කෙරිණි.

වැඩිදුර පරීක්‍ෂණවලින් හෙළි වූයේ, මට දරුණු ඇල්කොහොල් ආශ්‍රයෙන් වැළඳෙන අක්මා ෆයිබ්‍රෝසිස් එනම්, මගේ අක්මාවේ අධික ලෙස කැළැල් ඇති බව ය. ඊට හේතුව බොහෝ විට මගේ මත්පැන් පුරුදු විය හැකි ය.

මගේ දියණිය ද ප්‍රෑමය මත තබාගෙන මම තුෂ්නිම්භූතව රෝහලේ සිට නිවසට පැමිණියෙමි. 'ඒක වෙන්න ඇති මට වෙන්න ඇත්තේ', මම සිතුවෙමි. 'ඒත් මේක වෙලා තියෙන්නේ මට විතරක් වෙන්න බැහැ'.

එක්සත් රාජධානියේ මත්පැන් සංස්කෘතිය ගැන මෙයින් පැවසෙන්නේ කුමක්දැයි දැන ගැනීමට මට අවශ්‍ය වූ අතර බීබීසී පැනොරාමා වැඩසටහන සඳහා ඒ පිළිබඳව සොයා බැලීමට පටන් ගතිමි.

2001 වසරේ වාර්තා කිරීම් ආරම්භ වූ දා සිට මධ්‍යසාර හේතුවෙන් සිදුවූ මරණ එක්සත් රාජධානිය තුළ ඉහළ ම මට්ටමේ පවතී. ගෝලීය වශයෙන්, ජූනි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් (2019 දත්ත මත පදනම්ව) අනාවරණය වූයේ, සෑම වසරක ම මිලියන 2.6ක් මත්පැන් හේතුවෙන් මරණයට පත් වන බව ය.

එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලයේ (ONS) 2001 - 2022 අතර සංඛ්‍යා ලේඛනවලට අනුව, පිරිමින් තුළ - විශේෂයෙන් වැඩිහිටි පිරිමින් තුළ - මෙම ගැටලුව නිසැකව ම බහුලව පවතින අතර, වයස අවුරුදු 45ට අඩු කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මත්පැන් ආශ්‍රිත අක්මා රෝග නිසා මිය යති.

Consultant hepatologist Debbie Shawcross wearing red scrubs and a stethoscope around her neck, standing in a hospital corridor.
ඡායාරූප ශීර්ෂ වැකිය, තරුණ ප්‍රජාවෙන් වැඩි ප්‍රතිශතයක් අක්මා රෝග සහ අක්මාව අකර්මණ්‍ය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබන බව මහාචාර්ය ඩෙබී ෂෝක්‍රොස් පවසයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නිශ්චිත මත්පැන් ප්‍රමාණයක් එකවර පානය කළහොත් - උදාහරණයක් ලෙස රාත්‍රියේදී - දිගු කාලයක් පුරා එම ප්‍රමාණය ම පානය කරනවාට වඩා විශාල හානියක් විය හැකි ය.

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් සහ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල කණ්ඩායමක් විසින් කරන ලද නවතම පර්යේෂණයකින් පෙනී යන්නේ, අධික ලෙස මත්පැන් පානය කිරීම මගින් අක්මාවට හතර ගුණයකින් පමණ හානි විය හැකි බව ය.

අධික ලෙස මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් සිතන විට, මිනිසුන් බීමත්ව බාර්වලින් පිටතට ගොස් බස් නැවතුම්පොළවල වැටී සිටින අයුරු අපට මැවී පෙනෙයි. එහෙත්, ඇත්ත වශයෙන් ම, අධික ලෙස මත්පැන් කිරීම යනු ඔබ සිතනවාට වඩා අඩු මත්පැන් ප්‍රමාණයක් පානය කිරීම විය හැකි ය.

එක්සත් රාජධානිය තුළ අධික ලෙස මත්පැන් පානය කිරීම යනු කාන්තාවන් සඳහා එක වරකට මත්පැන් ඒකක හයක් හෝ ඊට වැඩි ගණනක් සහ පිරිමින් සඳහා ඒකක අටක් හෝ ඊට වැඩි ගණනක් ලෙස සැලකේ. එනම් කාන්තාවක සඳහා විශාල වයින් වීදුරු දෙකකි.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් රෝහලේ අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩෙබී ෂෝක්‍රොස් මට පවසන්නේ, ඇය වයස අවුරුදු 40 සහ 50 ගණන්වල පසු වන අක්මා රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට නිරන්තරයෙන් ප්‍රතිකාර කරන බව ය.

“ඔවුන් අතිශය කාර්ය බහුල යි. ගොඩක් කාර්යයන්වල නිරත වෙනවා. සමහර විට ඔවුන්ට තරුණ පවුලක් තිබෙන්න පුළුවන්,” ඇය පවසන්නී ය. "ඔවුන් මත්පැන් පානය කරන්නන් නොවේ ... නමුත් ඔවුන් පුරුද්දක් ලෙස ඕනෑවට වඩා බොනවා."

මා තවමත් වයස අවුරුදු 40 ට එළඹී නැත. නමුත් ඇය මා ගැන විස්තර කර තිබිණි.

මා තරුණ වියේදී, රාත්‍රියේදී අධික ලෙස මත්පැන් පානය කිරීම ලෙස අර්ථ දක්වා ඇති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පහසුවෙන් පානය කළෙමි. මගේ රෝග විනිශ්චය ලැබෙන තුරු මා ඒ ගැන කිසිවක් සිතුවේ නැත.

මගේ රුධිර පරීක්ෂණ වාර්තා අසාමාන්‍ය වූ පසු මා ග්ලාස්ගෝහි නිව් වික්ටෝරියා රෝහලට යවන ලදී, එහිදී මා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් කිරීමකට යොමු කර අවසානයේ ෆයිබ්‍රොස්කෑන් එකක් ද කළේ ය. මේ සියල්ල සිදු වූයේ, වසරක පමණ කාලයක් තුළ ය.

ෆයිබ්‍රොස්කෑන් යනු අක්මාවේ තද බව මනින වේදනාවකින් තොර ආරක්ෂිත අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් ක්‍රමයකි. kPA ඒකක 7ක් (රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීමට භාවිත කරන ඒකකයකි) හෝ ඊට පහළින් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකේ. මගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම 10.2ක් විය.

මෙය බරපතළ තත්ත්වයක් විය - එය හඳුනා නොගත්තේ නම් සහ මා මත්පැන් පානය නතර නොකළේ නම්, සිරෝසිස් රෝගී තත්ත්වයක් බවට වර්ධනය වීමට ඉඩ තිබිණි.

මගේ රෝග විනිශ්චය මා වෙත ලැබුණේ, 2024 පෙබරවාරි මාසයේදී ය. මගේ වෛද්‍යවරයා වන ෂෝරේන් දත්තා පැවසුවේ, මා මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටියහොත් මගේ ෆයිබ්‍රෝසිස් නමැති අක්මා රෝගී තත්ත්වය සුව කළ හැකි බව ය.

Hazel laughing with a friend - they are both sitting on a blue bench and holding cans of lager

ඡායාරූප මූලාශ්‍රය, Rachel Adam

ඡායාරූප ශීර්ෂ වැකිය, හේසල් (මිතුරෙකු සමග වම්පසින්) ඇයගේ නව යොවුන් වියේදී සාදවලදී මත්පැන් පානය කිරීමට පටන් ගත් අතර එය සම්පූර්ණයෙන් ම සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබිණි.

විසඳුමක් සෙවීමට කාලවේලා තිබියදී ගැටලුව හඳුනා ගැනීමට හැකිවීමෙන් මා අතිශයින් වාසනාවන්ත වූ බව මට හැඟෙයි.

මගේ වෙහසකර ස්වභාවය පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරු ගැටලුව හඳුනා ගත්හ.

කෙසේ වෙතත්, අක්මාවේ ඇති වූ රෝගය ආශ්‍රිතව පවතින ගැටලුවක් වන්නේ, බොහෝ විට ආරම්භක රෝග ලක්ෂණ නොමැති වීම ය.

සෙංගමාලය, මස්පිඩු ඉදිමීම සහ අසාමාන්‍ය රුධිර වහනය වැනි රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කරන තුරු අවසන් අදියරේ අක්මා රෝග ඇති පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙක් ඒ ගැන කිසිවක් නොදනී.

උතුරු වේල්සයේ සිට පැමිණි 39 හැවිරිදි එමා ජෝන්ස්ට සිදුවූයේ එවැන්නකි. ඇයට අක්මාවක් බද්ධ කිරීමෙන් මාස 15කට පසුව මට ඇය හමුවිය.

මා මෙන් ම, එමා ද සාර්ථක වෘත්තීය ජීවිතයක් හිමි, ආකර්ෂණීය සමාජ ජීවිතයක් ඇති සාදයකදී පමණක් මත්පැන් පානය කරන්නියකි. එහෙත්, කොවිඩ් නිසා ලොක්ඩවුන් කර තිබූ සමයේ තත්ත්වය නරක අතට හැරුණු අතර, ඇය දිනකට වයින් බෝතල් 3ක් පානය කිරීමට පුරුදු විය.

Emma Jones sits and talks to journalist Hazel from across a table outside
ඡායාරූප ශීර්ෂ වැකිය, එමා පවසන්නේ, ඇය නොමැරී සිටීමට වාසනාව ලැබූ බව ය.

අක්මා රෝගයේ අවසාන අදියරේ සිටින බව සොයා ගත් පසු එමා රෝහලට ඇතුළත් කර තිබිණි. ඇය ජීවත් වනු ඇතැයි විශ්වාස කළේ, පැය 36කට අඩු කාලයකි.

ප්‍රාතිහාර්යයක් මෙන්, ඇය නිසොල්මනේ හිඳිමින් මාස හයක කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු - ඇයට දැඩිව අවශ්‍යව තිබූ අක්මා බද්ධය සිදු කර ගත්තා ය.

එමා දැන් සුවය ලබමින් සිටී. ඇගේ ජීවිතයේ විශාල වෙනස්කම් සිදුවී නොමැතිවා ම නොවේ. ඇයට සිය මුළු ජීවිත කාලය පුරා ම ප්‍රතික්‍ෂේප කළ ඖෂධ ලබා ගැනීමට සිදුව ඇති අතර ප්‍රතිශක්තිකරණය අඩාළ වී ඇත, එනම් ඇගේ ශරීරයට ආසාදන හා රෝග සමග සටන් කිරීමට අපහසු ය.

කෙසේ වෙතත්, ඇය ජීවතුන් අතර සිටින අතර, ඇයගේ තත්ත්වය අන් කවරදාටත් වඩා සතුටුදායක බව ඇය සිතයි. ඇගේ ධනාත්මකභාවය සහ ධෛර්යය වර්ධනය වන බව පෙනේ.

ජින් ඔරලෝසුව

එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලයේ නවතම දත්තවලට අනුව, 2018 වසරේ සිට, සෑම වසරක ම වයස අවුරුදු 39-45 අතර කාන්තාවන් අතර මරණ සඳහා අක්මා රෝග ප්‍රධානතම හේතු තුන අතර ඇත.

“කාන්තාවන් මත්පැන් පානය කිරීම අවුරුදු 10ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දෙගුණයකින් වැඩි වී තිබෙනවා,” ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය සංස්කෘතිය පිළිබඳ ප්‍රමුඛ විශේෂඥයෙකු වන මහාචාර්ය ෆියෝනා මීෂාම් මට පවසයි.

1990 සහ 2000 ආසන්න කාලයේ, එක්සත් රාජධානියේ මත්පැන් කර්මාන්තය තුළ කාන්තා මත්පැන් පානය කරන්නන් ශුන්‍ය වූ අතර, ඔවුන්ට ඇල්කොපොප් සහ ෂොට්ස් වැනි නිෂ්පාදනවල අලෙවිකරණ මෙවලමක් ලෙස ස්ත්‍රීවාදය, කාන්තා සවිබල ගැන්වීම සහ විමුක්තිය ආදී සංකල්ප භාවිත කළ බව ඇගේ පර්යේෂණවලින් පෙනී යයි.

ඇය සිතන්නේ, මෙම පිළිවෙත් මගින් සදාකාලික උරුමයක් ඉතිරි කරන තරුණ ගැහැනු පරම්පරාවක් තුළ මත්පැන් පානය කිරීමේ සංස්කෘතියක් ස්ථාපනය කළ බව ය.

"අපිට දැන් පේන විදිහට යෞවනයන්ගේ මත්පැන් පරිභෝජනය වේගයෙන් පහත වැටෙමින් පැවතුණත්, තවමත් වයස අවුරුසු 30, 40 සහ 50 ගණන්වල පුද්ගලයින් සම්බන්ධයෙන් ඒක තරමක් ස්ථාවරව පවතිනවා," ඇය පවසයි.

ග්ලාස්ගෝ කැලිඩෝනියන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කැරොල් එම්ස්ලි විශ්වාස කරන්නේ, මත්පැන් කර්මාන්තය තුළත් එම ආක්‍රමණශීලී ප්‍රවේශය අදටත් පවතින බව ය. වෙහෙසකාරී දිනකට පසු කාන්තාවන්ට විවේකීව සිටීමට සහ ස්වයං රැකවරණය වැඩි කිරීමේ මාර්ගයක් ලෙස ප්‍රොසෙකෝ, “ජින් පැය” සහ “වයින් ටයිම්” වැනි දේට නැඹුරු වෙයි.

ඇල්කොහොල් කර්මාන්ත නියෝජනය කරන 'ද පෝර්ට්මන් ගෲප්' මෙසේ පවසයි:

"එක්සත් රාජධානියේ කාන්තාවන් සහ පිරිමින් අතර මත්පැන් ආශ්‍රිත අක්මා රෝග වැඩිවීම ගැන බරපතළ අවධානයක් යොමු වී ඇති අතර, මත්පැන් සැමවිට ම නීත්‍යනුකූල නිෂ්පාදනයක් බව මතක තබා ගැනීම වැදගත්."

එහි ප්‍රායෝගික නීති සංග්‍රහය... “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අලෙවිකරණයට එරෙහිව විශේෂයෙන් ආරක්‍ෂා නොකරන” නමුත් “මද්‍යසාර නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන වගකීමෙන් යුතුව අලෙවි කිරීම සඳහා අවම ප්‍රමිතීන්” සකසයි.

තවද, එය "මධ්‍යස්ථ මත්පැන් ප්‍රවර්ධනය කිරීමට මෙන් ම මධ්‍යසාර කර්මාන්තය වගකිව යුතු ලෙස පවත්වාගෙන යාමට අඛණ්ඩව කැපවී සිටිනවා."

මගේ රෝග විනිශ්චය කිරීමෙන් මාස කිහිපයකට පසු, මම නැවත නැවතත් ෆයිබ්‍රොස්කෑන් පරීක්‍ෂණ සඳහා ආපසු ගියේ කිසියම් ප්‍රගතියක් තිබේ දැයි බැලීමටය.

එහිදී, මගේ ෆයිබ්‍රෝස්කෑන් ප්‍රතිඵලය යළි සාමාන්‍ය අගයකට එනම්, 10.2 සිට 4.7 දක්වා අඩු වී තිබීම මට සහනයක් විය.

මෙතරම් කෙටි කාලයක් තුළ මත්පැන් නතර කිරීමෙන් ඇති වූ පුදුමාකාර වෙනස කුමක්දැයි මම පුදුමයට පත් වීමි.

නැවත මත්පැන් පානය කිරීමට අදහසක් මා තුළ නැත. මත්පැන් පානය නොකරන ලෙස මාහට උපදෙස් ලැබී තිබේ.

මා වසරකට ආසන්න කාලයක් මත්පැන් බිඳක් හෝ පානය නොකළ අතර එය වඩා හොඳ බව මට දැනෙයි - නමුත් මට එම හැඟීම පැහැදිලි කර දීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි.

මත්පැන් බ්‍රිතාන්‍ය සංස්කෘතිය තුළ මුල් බැසගෙන තිබේ. උපන් දින සාදවල, විවාහ උත්සවවල, අවමංගල්‍ය උත්සවවල මත්පැන් පානය කරයි. ඇත්ත වශයෙන් ම නත්තල් සමයට පෙර ආරම්භ වී ඊළඟ අලුත් අවුරුදු දිනය දක්වා ම උත්සව පවතී.

කුඩා කාලයේදී, මත්පැන් සාමාන්‍යකරණය වී ඇති බවක් දැනුණු අතර, එය අත්හැරීමට මට බල කරන තුරු පානය කිරීමට කොපමණ පීඩනයක් තිබේ ද යන්න මම සම්පූර්ණයෙන් ම දැන සිටියේ යැයි මම නොසිතමි.

නමුත් වැළකී සිටීම පහසු නොවී ය. මත්පැන් සංග්‍රහයක්, ත්‍යාගයක් ලෙස හෝ සමාජීය වශයෙන් විවේකීව හා විනෝද වීමට මාර්ගයක් ලෙස මත්පැන් අවශ්‍ය නොවන හෝ අවශ්‍ය නොවීම සඳහා මගේ මොළය ප්‍රතිනිර්මාණය කිරීමට බොහෝ කාලයක් ගත වී ඇත.

මා සිතන පරිදි එය එදා මට තිබුණු ප්‍රශ්නයේ කොටසකි. වර්තමානයේ එය අපේ සමාජයට ම ප්‍රශ්නයක් වී තිබේ.

අතිරේක වාර්තාකරණය: ඇම්බර් ලතීෆ් සහ ක්‍රිස්ටී බෲවර්