දකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ හැටි

Police officers cut a wire fence set up at the entrance to the official residence of impeached South Korean President Yoon Suk Yeol, as authorities seek to execute an arrest warrant, in Seoul, South Korea, January 15, 2025.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, යූන් වෙත ළඟා වීමට අධිශීත ශීත කාලගුණය මධ්‍යයේ ආරක්ෂක නිලධාරීන් ජනාධිපති මන්දිරය අසල කටු කම්බි කපා දමන අයුරු
    • Author, ෂයිමා කලීල් - සෝල්
    • Role, බීබීසී පුවත්
    • Author, ජොයෙල් ගින්ටෝ - සිංගප්පූරුව
    • Role, බීබීසී පුවත්

ධූරයේ සිටියදී අත්අඩංගුවට පත් පළමු ජනාධිපතිවරයා බවට පත්වෙමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට පත් වූයේ එරට විමර්ශන නිලධාරීන් සහ ඔහුගේ පුද්ගලික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සති ගනනාවක් පුරා පැවති මතභේදය අවසන් කරමිනි.

යුද නීතිය පැනවීමේ යූන්ගේ අසාර්ථක ප්‍රයත්නයෙන් රටම කැළඹීමකට ඇද දැමූවේය , ඔහුව පාර්ලිමේන්තු දෝෂාභියෝගයට ලක් කරනු ලැබුවේ කැරැල්ලක් නිර්මාණය කිරීමේ චෝදනාව මත ය.

කෙසේ වෙතත්, ඔහුගේ දෝෂාභියෝගය වලංගු දැයි තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයකට පැවරී ඇති බැවින් තාක්ෂණික වශයෙන් ඔහු තවමත් එරට ජනාධිපතිය.

විමර්ශකයින් යූන් අත්අඩංගුවට ගැනීම සඳහා යාමට ඉණිමං සහ වයර් කටර් භාවිතා කළ අතර, ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ජනාධිපති ආරක්ෂක සේවයේ (පීඑස්එස්) සාමාජිකයින් බාධක ඉදිකර තිබුණි.

දූෂණ විමර්ශන අංශය (CIO) විසින් මීට පෙර ජනවාරි 3 වන දින ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නමුත් බස් රථ සහ කටු කම්බි යොදා එය අවහිර කෙරුණි.

නමුත් බදාදා අලුයම් කාලයට පෙර, විමර්ශන කණ්ඩායමක් පැමිණි අතර ඔවුන් මෙවර බස් රථ බාධක මඟ හැරීමට ඉනිමං සහ කටු කම්බි වැටවල් කපා දැමීමේ උපකරණ වලින් සන්නද්ධ විය.

නිලධාරීන් 1,000ක් පමණ වූ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් තාප්ප සහ ආසන්නයේ ඇති මංපෙත් වලින් ඉහළට නැග ජනාධිපති නිල නිවස වෙත ළඟා විය.

පැය කිහිපයකට පසු, යූන් අත්අඩංගුවට ගත් බව බලධාරීහු නිවේදනය කළහ.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ජනාධිපති යූන් අත්අඩංගුවට ගැනීමට පෙර ජනතාව අමතයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මිනිත්තු තුනක වීඩියෝ පණිවිඩයක් මගින් යූන් කියා සිටියේ තමා විරුද්ධ වුවද තමාට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණයට අනුකූලව කටයුතු කරන බව ය.

තමාව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නීත්‍යානුකූලව වලංගු නොවන බව ඔහු දිගින් දිගටම කියා සිටියේය.

ආරක්ෂක අංශ විසින් ගිනි නිවන උපකරණ යොදා ගනිමින් තම නිවසේ ආරක්ෂක සීමාවන් "ආක්‍රමණය" කළ ආකාරය තමා දුටු බව යූන් පැවසුවේ ය.

"මම CIO ඉදිරියේ පෙනී සිටීමට තීරණය කළා, මේක නීති විරෝධී පරීක්ෂණයක් වුණත්, කිසිදු ලේ වැගිරීමක් ඇතිවන එක වළක්වන්න මම ඒ තීරණය ගත්තා," ඔහු පැවසීය.

යූන්ගේ පීපල් පවර් පක්ෂය ඔහු අත්අඩංගුවට ගැනීම "නීති විරෝධී" යැයි විවේචනය කළ අතර, සභා නායක ක්වියෝන් සොං-ඩොං බදාදා සිදුවීම් "කණගාටුදායක" යැයි විස්තර කළේය.

මේ අතර, විරුද්ධ පාක්ෂික කණ්ඩායමක් වන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක පාර්ක් චෑන් ඩේ පැවසුවේ යූන් අත්අඩංගුවට ගැනීමෙන් පෙන්නුම් කරන්නේ "දකුණු කොරියාවේ යුක්තිය ජීවමාන" බවයි.

මෙම අත්අඩංගුවට ගැනීම "ව්‍යවස්ථාපිත පිළිවෙළ, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කිරීමේ පළමු පියවර," ඔහු පක්ෂ රැස්වීමකදී පැවසීය.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දැනට රට මෙහෙයවන්නේ මුදල් අමාත්‍ය චෝයි සංග්-මොක් විසිනි. ප්‍රථම වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ ද විපක්ෂයේ බහුතර පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයට ලක් කිරීමෙන් පසුව ඔහු බලයට පත් විය.