රියෝ: කොළඹ නගරය මැද 'වැඩිහිටියන්ට පමණක්' වෙන් වූ අඳුරු සිනමා අත්දැකීමක යටි පෙළ සොයා ගිය ගමනක්
රියෝ: කොළඹ නගරය මැද 'වැඩිහිටියන්ට පමණක්' වෙන් වූ අඳුරු සිනමා අත්දැකීමක යටි පෙළ සොයා ගිය ගමනක්
කොළඹ, කොම්පඤ්ඤවීදියේ රියෝ සිනමා ශාලාව වරක් පවුලේ සිනමා ශාලාවක් ලෙස පැවතිණි. නමුත් දැන් එය වැඩිහිටි චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සීමා වූ රහසිගත අඳුරු අවකාශයක් බවට පරිවර්තනය වී තිබේ.
දැන් ඒ වෙත පැමිණෙන්නන් අතර විවාහක පිරිමින්, වෘත්තිකයන් සහ LGBTQIA+ ප්‍රජාවට අයත් පුද්ගලයින් ද සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහි පැමිණෙන බව සිය පවුල්වලින් මෙන් ම සමාජයෙන් ද වසන් කරති.
විවෘතව ලිංගික ප්‍රකාශනයන් සිදු කිරීම තහනම්ව පවතින සමාජයක, රියෝ සිනමා ශාලාව තම ආශාවන් ගවේෂණයට, නිර්නාමිකභාවය රැක දෙන සහ තවත් පිරිසකට ඔවුන්ට අවශ්‍ය නිදහස දැනෙන අවකාශයක් බවට පත්ව තිබේ.
මේ, රියෝ සිනමා ශාලාවට පැමිණෙන අමුත්තන්ගේ සජීවී අත්දැකීම් සොයා යන මිනිත්තු 30ක කාලයක් පුරා දිග හැරෙන වාර්තාමය චිත්‍රපටයකි.









