PRIDE: ශ්‍රී ලංකාවේ සමාජ සම්මතයන්ට අභියෝග කරන LGBTQIA+ ප්‍රජාවේ එෂාන්, හරිත් සහ ශාන්

වීඩියෝ ශීර්ෂ වැකිය, PRIDE: ශ්‍රී ලංකාවේ සමාජ සම්මතයන්ට අභියෝග කරන LGBTQIA+ ප්‍රජාවේ එෂාන්, හරිත් සහ ශාන්
PRIDE: ශ්‍රී ලංකාවේ සමාජ සම්මතයන්ට අභියෝග කරන LGBTQIA+ ප්‍රජාවේ එෂාන්, හරිත් සහ ශාන්

සිය හැකියාවන් ප්‍රදර්ශනය තුළින් මොවුන් තිදෙනා ඩිජිටල් අවකාශයේ බොහෝ දෙනාගේ අවධානයකට ලක්ව සිටිති. බීබීසී සිංහල සමග කළ සංවාදයේදී ඔවුහු තම අත්දැකීම්, මුහුණ දෙන අභියෝග හා අනන්‍යතාව මත මුහුණ පෑමට සිදුවන ප්‍රශ්න ගැන මෙන් ම ශ්‍රී ලංකාවේ LGBTQIA+ ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් ඔවුන් දකින සිහින ගැන සඳහන් කළහ.

එහිදී Social Media Influencer, YouTuber සහ Drag Queen කෙනෙකු වන එෂාන් ඩයස් (he/him) සඳහන් කළේ: "සමාජයෙන් බාගයක් හිතන්නේ මං පව්කාරයෙක් කියලා. පිරිමි ආත්මයක් ලබලා, ගැහැනු විදිහට ඉන්න එක," යනුවෙනි.

"මගේ විධිය එක්ක, මාව blend කරන්න බැහැ කියලා කියනවා අනික් මොඩ්ල්ස්ලා එක්ක," Androgynous Model සහ Gay Man කෙනෙකු වන ශාන් ද සිල්වා (he/him) එලෙස බීබීසී සිංහල සමග අදහස් දැක්වීය.

වෛද්‍යවරයෙකු, ගායන ශිල්පියෙකු වහ Queer Man කෙනෙකු ලෙස තමා හඳුන්වන හරිත් විජේරත්න (he/him) තම අත්දැකීම් බෙදා ගනිමින් සඳහන් කළේ: "මම ඉස්කෝලේ කොරිඩෝවල යනකොට, මට queer community එකේ අයට කියන වචන set එකක් තියෙනවානේ ලංකාවේ. ඒ set එක ම මට කිව්වා," යනුවෙනි.