ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කෙන්යාවේ වෙළඳ සංකීර්ණයේ ප්‍රහාරය: 'ඒ පොඩි දරුවා මගෙ අත්දෙක උඩ මැරුණා'
මීට දස වසරකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා, ආයුධ සන්නද්ධ සටන්කාමීහු පිරිසක් කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි පිහිටි වෙස්ට්ගේට් නම් ඉහළ පෙළේ වෙළඳ සංකීර්ණයට කඩා වැදුනහ.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 67ක් මියගිය අතර තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලැබීය.
එරටට එල්ලවූ මාරාන්තිකම ප්‍රහාරයකින් දස වසකට පසු, බීබීසීය එයින් දිවි ගලවාගත්තවුන් දෙදෙනෙකු හා කතා කළේ ය.
ශමීම් අලූට වෙඩි පහර පහක් වැදී තිබුණි. එම දෛවෝපගත සෙනසුරාදාවෙන් පසු වසර දහයක් සනිටුහන් කිරීම සඳහා එවරස්ට් කන්ද තරණය කිරීමට ඇයට අවශ්‍යව තිබේ.
දිවි ගලවාගත් අනෙක් තැනැත්තිය වන වැලන්ටීන් කැඩ්සෝ සිව්දරු මවක් වන අතර, අයාලේ ගිය උණ්ඩයකට ගොදුරුවිය. ඈ දිවි ගලවා ගැනීමට සටන් කළේ ඇගේ දරුවන් නිසාබව ඇය පවසයි.