ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ඉරිදා ප්‍රහාරය : චැනල් 04 වීඩියෝවේ අන්තර්ගතය ගැන සොයන්න රජයෙන් කමිටුවක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 04 නාලිකාව පළ කළ වීඩියෝවේ අන්තර්ගතය ගැන සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය කමිටුවක් පත් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (සැප්තැම්බර් 06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
''එම කමිටුවට මේ රටට ඇවිල්ලා සාක්ෂි දෙන්න බැරිනම් Zoom ඔස්සේ ඒ රටේ ඉඳලා හරි සාක්කි දෙන්න පුළුවන්'' යනුවෙන් ඔහු එහිදී කියා සිටියේය.
මෙහිදී රාජපක්ෂවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.
'' ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවලා පාස්කු ප්‍රහාරය අවුරුද්දකට කලින් අපි ප්‍රාදේශීය සභා වලින් 70%කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා. ඒ නිසා අපිට තුන්වෙනි පාර්ශවයක් හෝ ප්‍රතිපත්තිවලින් එහාට ගිහින් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. අද චෝදනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒක පාවිච්චි කළා, ඒ සඳහා බුද්ධි අංශ එක්ක එකතුවෙලා සැලසුම් කළා කියලා. මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාවේ හිටපු කෙනා, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටපු කෙනාගේ පුතා, මුජූබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී ආරක්ෂා කරපු කෙනා රාජපක්ෂවරයෙක් බලයට ගේන්න තමන්ගේ ජීවිතය නැති කර ගත්තා කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි'' යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම ආරම්භ විය.
එහිදී ඖෂධ හිඟය, ප්‍රමිතියෙන් තොර ඖෂධ හා උපකරණ මිලදී ගැනීම, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය රට හැර යෑම, හදිසි මිලදී ගැනීම් වල දී සුදුවන මුල්‍ය අක්‍රමිකතා ගැන සඳහන් කරමින් විපක්ෂයේ අදහස් පළ කළහ.
ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේ තමන් නිසි පරිදි ධුරයේ ක්‍රියා කර ඇති බවයි.
දින තුනක මෙම විවාදයේ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5.30.ට පැවැත්වේ.