බොල්ටිමෝර් පාලම කඩා වැටීම ගැන අප දන්නා තොරතුරු

Container ship and remains of Key Bridge

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අලුයම උදාවන විට නැව පාලමේ සුන්බුන් අතර පැටලී තිබෙන අයුරු දක්නට ලැබිණි

අඟහරුවාදා අලුයම බහාලුම් ප්‍රවාහන නෞකාවක් එක්සත් ජනපදයේ බොල්ටිමෝර් නගරයට නුදුරින් පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුනේ එහි වැඩි කොටසක් කඩා වැටීමට සලස්වමිනි.

එම අවස්ථාවේ පාලම හරහා ගමන් කරමින් තිබුණු වාහන කිහිපයක් පැටැප්ස්කෝ නදියට ඇද වැටුණු අතර ජලයට වැටී ඇති බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් 7ත් 20ත් අතර සංඛ්‍යාවක් මුදා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

පැටප්ස්කෝ ගඟට වැටුණු පිරිස අතර ඉදිකිරීම් කම්කරුවන් හය දෙනෙක් සිටින අතර ඔවුන් සියල්ලන්ම මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.

අනතුරින් පසු මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

පාලම ගැන අප දන්නා තොරතුරු?

බොල්ටිමෝර් පාලම, බොහෝ දෙනා දන්නා පරිදි කී පාලම, 1977 වසරේදී විවෘත කරන ලද්දේ එක්සත් ජනපද ජාතික ගීය වන 'Star Spangled Bannerහි පද රචනා කළ 19 වන සියවසේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ විසූ කවියෙකු වන ෆ්‍රැන්සිස් ස්කොට් කීට ගෞරවයක් වශයෙනි.

මෙම පාලම අඩි 8,636ක් (මීටර් 2,632) දිගින් යුක්ත වූ අතර එය පැටැප්ස්කෝ නදිය සහ බොල්ටිමෝර් වරාය හරහා විහිද ගොස් තිබිණි. පැටැප්ස්කෝ නදිය එක්සත් ජනපදයේ විශාලතම මෝය වන චෙසපීක් බොක්ක වෙත ගලා බසී.

එය ට්‍රස් වර්ගයේ පාලමක් ලෙස විස්තර කර ඇති අතර, එහි මධ්‍ය කොටස එනම්, ආධාරක නොමැතිව එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා විහිදෙන පාලමේ දිග ම කොටස අඩි 1,200ක් වන අතර එය ලොව ඇති එවැනි ආකාරයේ පාලම්වලින් තුන්වන දිග ම පාලම ද විය.

එය ට්‍රස් වර්ගයේ පාලමක් ලෙස විස්තර කර ඇති අතර, එහි මධ්‍ය කොටස එනම්, ආධාරක නොමැතිව එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා විහිදෙන පාලමේ දිග ම කොටස අඩි 1,200ක් වන අතර එය ලොව ඇති එවැනි ආකාරයේ පාලම්වලින් තුන්වන දිග ම පාලම ද විය.

ඩාලී නමැති එම නෞකාව පාලමේ ආධාරකයක ගැටීමෙන් පසු එය ක්ෂණිකව කඩා වැටෙන ආකාරය වීඩියෝ දර්ශනවලින් පෙනේ.

එම අවස්ථාවේ පාලම මත පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිනු දැකගත හැකි වූ අතර පසුව එය බොල්ටිමෝර් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජේම්ස් වොලස් විසින් තහවුරු කරන ලදී. අනතරුව බලධාරීන් පැවසුවේ, පාලමේ අලුත්වැඩියා කටයුතු කරන කොන්ත්‍රාත්කරුවන් පිරිසක් ද ඔවුන් අතර සිටින බව ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම අවස්ථාවේ පාලම මත පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිනු දැකගත හැකි වූ අතර පසුව එය බොල්ටිමෝර් ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජේම්ස් වොලස් විසින් තහවුරු කරන ලදී. අනතරුව බලධාරීන් පැවසුවේ, පාලමේ අලුත්වැඩියා කටයුතු කරන කොන්ත්‍රාත්කරුවන් පිරිසක් ද ඔවුන් අතර සිටින බව ය.

අලුයම 01:50ට එම ස්ථානයට පැමිණි ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ පළමු කණ්ඩායම වාර්තා කළේ, පාලම සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බව ය.

වරායේ සහ නදියේ අයිස් සහිත ජලයට ඇද වැටී විපතට පත් වූවන් සොයා කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව පුළුල් මට්ටමේ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.

"පාලම මත එල්ලෙමින් තිබෙන ඇතැම් භාණ්ඩ හෝ පාලමේ කොටස්" අනාරක්ෂිත සහ අස්ථාවර තත්ත්වයක් නිර්මාණය කිරීමට තුඩු දුන් අතර, ඒ හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රවේශම්සහගතව මෙහෙයුම්වල නිරතව සිටි බව නිලධාරීහු පැවසූහ.

මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජලයෙන් ගොඩ ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු බරපතළ තත්ත්වයෙන් පසුවන අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා නොමැති බව වොලස් පැවසීය.

දැනට වරායේ අවට ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ක් (48F) පමණ වන බව පැවසේ. පුද්ගලයෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා අඩු වූ විට හයිපෝතර්මියා තත්ත්වය ඇතිවිය හැක.

බොල්ටිමෝර් ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැවසුවේ, සෝනාර් මගින් ජලයේ ගිලී ඇති වාහන හඳුනාගෙන ඇති බව ය.

නෞකාව ගැන අප දන්නේ මොනවා ද?

දකුණු කොරියාවේ Hyundai Heavy Industries විසින් සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන ඩාලි, මුල් වරට ඉදි කරනු ලැබ තිබුණේ, ග්‍රීක නෞකා හිමි සමාගමක් වන Oceanbulk සඳහා ය.

එය දැනට ක්‍රියාත්මක වන්නේ වරලත් යාත්‍රා සමාගමක් වන Synergy Group යටතේ වන අතර, එය බහාලුම් ප්‍රවාහනයේ දැවැන්තයෙකු වන Maersk සමාගම විසින් තාවකාලික පදනමක් යටතේ බද්දට ගනු ලැබ ඇති බව Maersk සමාගමේ ප්‍රකාශයක සඳහන් විය.

අනතුරට ලක් වන අවස්ථාවේ නෞකාව Maersk පාරිභෝගිකයින්ගේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට ඇති නමුත් එම අවස්ථාවේ සමාගමේ කිසිදු සේවකයෙකු එහි නොසිටි බව සමාගම පැවසීය.

දකුණු කොරියාවේ Hyundai Heavy Industries විසින් සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන ඩාලි, මුල් වරට ඉදි කරනු ලැබ තිබුණේ, ග්‍රීක නෞකා හිමි සමාගමක් වන Oceanbulk සඳහා ය.

නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා ගමන් කරමින් සිට ඇති අතර එය අඟහරුවාදා එරට වේලාවෙන් 00:24ට පමණ බොල්ටිමෝර්හි සීගර්ට් මරීන් පර්යන්තයෙන් පිටත් වී තිබේ.

වේගය ක්‍රමයෙන් වැඩි කරමින් එය පැටැප්ස්කෝ නදිය දිගේ ගිනිකොන දෙසිට ඍජුව ගමන් කරමින් තිබිණි.

එය ට්‍රස් වර්ගයේ පාලමක් ලෙස විස්තර කර ඇති අතර, එහි මධ්‍ය කොටස එනම්, ආධාරක නොමැතිව එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා විහිදෙන පාලමේ දිග ම කොටස අඩි 1,200ක් වන අතර එය ලොව ඇති එවැනි ආකාරයේ පාලම්වලින් තුන්වන දිග ම පාලම ද විය.

පසුව අලුයම 01:25ට MarineTraffic දත්ත පෙන්නුම් කරන්නේ, නෞකාව හදිසියේ ම එහි ඍජු ගමන් මාර්ගය වෙනස් කර වේගය අඩු කිරීම ආරම්භ කළ බව ය.

මෙම අවස්ථාවේදී, නෞකාවේ පිටත ඇති සියලු ම විදුලි පහන් එක වර ම නිවී ගොස් එහි දුම් නළයෙන් දුමාරයක් පිටවීමට පටන් ගත් බව වීඩියෝවේ දැක්වේ.

ඉන් මද වේලාවකට පසු එය පාලමේ ගැටිණි.

බීබීසී පුවත් සේවයේ ඇමෙරිකාවේ හවුල්කාර පුවත් සේවාව වන සීබීඑස් පුවත් සේවය US Cybersecurity and Infrastructure Agency වෙතින් ලබා ගන්නා ලද රහසිගත නොවන තොරතුරක සඳහන් වූයේ, ඩාලි නෞකාව, "ප්‍රචාලන පද්ධතියේ දෝෂයකට" ලක්ව ඇති බව ය.

නෞකාවේ නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු ම සාමාජිකයින් ඉන්දීය ජාතිකයින් වන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුවී ඇතැයි වාර්තා වී නොමැති බව Synergy සමාගම පැවසීය.

සමාගම පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කිහිපයක් ඇති නමුත් නියමුවන් දෙදෙනෙකු සමග එවැනි අනතුරක් සිදුවීම අසාමාන්‍ය දෙයක් බව ය.

එන්ජින් ක්‍රියා විරහිත වීම, සුක්කානම් පද්ධතිය ක්‍රියා විරහිත වීම හෝ ජනක යන්ත්‍ර අක්‍රිය වීම නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බව නාවික කටයුතු පිළිබඳ විශේෂඥයෙක් බීබීසීය වෙත පැවසීය.

මෙය ඩාලි සම්බන්ධ පළමු සිදුවීම නොවේ.

2016 වසරේදී බෙල්ජියමේ ඇන්ට්වර්ප් වරායෙන් පිටවීමට උත්සහ කරන අතරතුර නෞකාවේ පසු පසකොට ගැටී එහි බඳට හානි විය. නමුත් තුවාල සිදුවීම් හෝ ද්‍රව කාන්දුවීම් කිසිවක් වාර්තා වී නොවිණි.

පාලම කඩා වැටීමේ බලපෑම කුමක් විය හැකි ද?

කී පාලම පිහිටා ඇති ස්ථානය අනුව හැඟී යන්නේ, මාස කිහිපයක් සහ ඇතැම් විට තවත් වසර ගණනාවක් දක්වා රථවාහන ගමනාගමනයට විශාල බාධා එල්ල වනු ඇති බව ය. එය බල්ටිමෝර් වරායේ නාවික කටයුතුවලට ද දැඩි ලෙස බලපානු ඇත.

මංතීරු හතරකින් යුත් මෙම පාලම "බොල්ටිමෝර් බෙල්ට්වේ" ලෙස හැඳින්වෙන බොල්ටිමෝර් නගරය වටා දිවෙන පිටත වටරවුම් මාර්ගය වන Interstate 695හි කොටසක් වූ අතර ඒ හරහා වසරකට වාහන මිලියන 11.5ක් ගමන් කළේ ය.

නගරයට ආසන්න උමං මාර්ගයක් ඔස්සේ බොල්ටිමෝර් වරාය හරහා ගමන් කිරීමට ඉඩ පවතින නමුත් සිද්ධියෙන් පසු සැලකිය යුතු රථවාහන තදබදයක් සම්බන්ධ ගැටලු අපේක්ෂා කරන බව සඳහන් කරමින් ප්‍රාදේශීය බලධාරීන් "දැඩි රථවාහන තදබදයක් ඇති වීමේ අනතුරු ඇඟවීමක්" ප්‍රකාශයට පත් කර ඇත.

නගරයට ආසන්න උමං මාර්ගයක් ඔස්සේ බොල්ටිමෝර් වරාය හරහා ගමන් කිරීමට ඉඩ පවතින නමුත් සිද්ධියෙන් පසු සැලකිය යුතු රථවාහන තදබදයක් සම්බන්ධ ගැටලු අපේක්ෂා කරන බව සඳහන් කරමින් ප්‍රාදේශීය බලධාරීන් "දැඩි රථවාහන තදබදයක් ඇති වීමේ අනතුරු ඇඟවීමක්" ප්‍රකාශයට පත් කර ඇත.

විශේෂයෙන් ම, පාලම හරහා ගමන් කිරීමට අවසර ලැබුණු, නමුත් විකල්ප උමං මාර්ගය හරහා ගමන් කිරීම තනනම් කෙරුණු අන්තරායකර ද්‍රව්‍ය රැගෙන යන ලොරි රථවලට පාලම කඩා වැටීම බරපතළ ගැටලුවක් වනු ඇත.

මෙම සිද්ධිය නාවික කටයුතුවලට ද නොඅඩුව ගැටලු නිර්මාණය කර ඇත.

බහාලුම් ප්‍රවාහනය පිළිබඳ විශේෂඥ ලාර්ස් ජැන්සන් පැවසුවේ, සිදුවී ඇත්තේ "එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ එක්සත් ජනපද ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා සැලකිය යුතු ගැටලු ඇති කරන" විශාල ව්‍යසනනයක් බව ය.

ඊට අමතරව, කලාපයේ අනෙකුත් වරායන් හරහා යා යුතු භාණ්ඩ ඒකක 21,000ක් පමණ ඇති අතර ඔහු පවසන්නේ, "විවිධ වෙළෙඳ යාත්‍රා දැන් බොල්ටිමෝර් වරායේ සිරවී ඇති" බව ය. ඒවා කිසිවක් බහාලුම් ප්‍රවාහන නෞකා නොවන නමුත් තොග භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා වේ.

2023 වසරේදී වාහන 800,000ක් පමණ වරාය හරහා ගමන් කළ බවට ගණන් බලා ඇති අතර, ආනයනික භාණ්ඩ ටොන් මිලියන 1.3ක වාර්තාගත ප්‍රමාණයක් ඒ හරහා ගෙන යන ලදී.

කෙසේ වෙතත්, ජැන්සන් පවසන්නේ යම් ප්‍රමාදයන් සහ අමතර වියදම් ඇති වුව ද, ගෝලීය දෘෂ්ටිකෝණයෙන් බැලූ කල මෙම සිද්ධිය සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන බව ය.