ආපදාවලින් අක්‍රීය වූ ජල සම්පාදන ක්‍රම 156කින් 126ක් යථා තත්ත්වයට

ඡායාරූප මූලාශ්‍රය, NWSDB
- Author, බීබීසී සිංහල
'දිට්වා' සුළි කුණාටුව සමග ඇතිවූ ගංවතුර හා නායයෑම්වලින් හානිවූ ජල යෝජනා ක්‍රම 156 කින් 120ක් යථා තත්ත්වයට පත් කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහි සභාපති චන්දන බණ්ඩාර බීබීසී සිංහල වෙත කියා සිටියේ, දින කිහිපයක සිට ඇනහිට තිබූ මහනුවර නගරයට ජලය සම්පාදනය කිරීම අද (දෙසැම්බර් 2) උදෑසන ආරම්භ කළ බවයි.
ශ්‍රී ලංකාව පුරා ඇති ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල සම්පාදන යෝජනා ක්‍රම සංඛ්‍යාව 343කි.
"ජල සම්පාදන යෝජනා ක්‍රම 156කට හානි වෙලා තිබ්බා, දැනට ගොඩක් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ලංකාව පුරා ම යටවෙලා තිබ්බා බොහෝ තැන්, අර්ධ වශයෙන් හානිවෙලා තිබ්බා"
"ජලය ලබා ගන්නා ස්ථානවලට හානි වෙලා තිබ්බා.පහුගිය දින දෙකේ ජල යෝජනා ක්‍රම 120ක් යථා තත්ත්යට පත් කර ගත්තා, අද හවස් වෙනකොට තව ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්."
ආපදා තත්ත්වයෙන් බස්නාහිර පළාතේ ජල සැපයුමට බලපෑමක් නොවු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අඹතලේ, බිගගම, ලබුගම සහ කලටුවාව ජල පිරපහදු සහ බෙදාහැරීමේ මධ්‍යසථානවලට බාධාවක් නොවු බව සභාපතිවරයා සදහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, NWSDB

ඡායාරූප මූලාශ්‍රය, NWSDB
'ජලයේ ගුණාත්මකභාවය ගැන ගැටලුවක් නැහැ'
"දැන් ජල පාරිභෝගියන්ට ගැටලුවක් නැතිව අඛණ්ඩව සපයන්න පුළුවන්," යැයි චන්දන බණ්ඩාර සඳහන් කළේය.
"ගුණාත්මකභාවට ගැන ගැටලුවක් මතු ව නැහැ."
"අපේ ජල පවිත්‍ර කරන තැන්වලයට ලොකු බලපෑමක් වුණේ නැහැ. සාමාන්‍ය තත්ත්වයෙන් ක්‍රියාත්මක වනවා." ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.
වැඩි ම හානි මහනුවරට
ඔහු කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයට වැඩිම බලපෑම සිදුවූ බවයි.
ඒ අනුව, පේරාදෙණිය, මහනුවර, ගම්පොළ ප්‍රදේශවලට වැඩිම බලපෑම එල්ලවී තිබිණි.
චන්දන බණ්ඩාර කියා සිටියේ, පේරාදේණිය විශ්වවිද්‍යාලයට, පේරදෙණිය රෝහලට, මහනුවර මහරෝහලට ජල සම්පාදනය කිරීම දින දෙකක් තුළ ආරම්භ කළ බවයි.
"අද උදේ මහනුවර නගරයට ජලය සම්පාදනය කරන්න පටන් ගත්තා. අපි අපේ කටුගස්තොට ප්ලාන්ට් එකත් ඔපරේට් කරන්න පටන් ගත්තා, අද හවස් වෙනකොට පේරාදෙණිය මී වතුර ප්ලාන්ට් එකත් ඔපරේට් කරන්න පටන් ගන්නවා.
"දැනට 156න් 130ක් රීස්ටෝ කරගෙන තියෙනවා. තව 20ක් විතර කරගෙන යනවා," සභාපතිවරයා සඳහන් කළේය.
"මහියංගනය, බදුල්ල, බණ්ඩාරවෙල, සමහර තැන්වලට අපිට ඇක්සස් තිබුණේ නැහැ රීච් කරන්න. කඳු කඩන් වැටිලා මාවනැල්ලේ අසුපිනි ඇල්ල තියනවා ඒකටත් අපිට ඇක්සස් නැහැ. අනිත් එක සමහර තැන්වල විදුලිබලය නැහැ තාම, ඒක හින්දත් අපිට සැපයුම යථා තත්ත්වයට පත් කරගන්න බැරිවුණා."
සභාපතිවරයා විශ්වාසය පළ කළේ, තවත් දින දෙකකින් පමණ සියලු ජල යෝජනාක්‍රම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වනු ඇති බවයි.
සිදුව ඇති හානි තක්සේරු කිරීම
"අපේ මැකනිකල් ඉලෙක්ට්‍රිකල් ඩැමේජ් එකක් තමා තියෙන්නේ," ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.
"වතුර, පොම්ප, මෝටර් ඩැමේජ් වෙච්චතැන් තියෙනවා."
"ජල නලවලට ඩැමේජ් වෙලා තියෙනවා. පාලම් කඩා වැටීම නිසා ඒ එක්ක තිබ්බ පයිප් ලයින් ඩැමේජ් වෙලා තියෙනවා. පාරදිගේ එළලා තිබ්බ පයිප්පවලට ඩැමේජ් වෙලා තියනවා," සභාපතිවරයා සඳහන් කළේය.
"මාතලේ රත්තොට ප්‍රදේශයේ පාලම් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. සමහර තැන්වල පයිප්ලයින් ගලෝගෙන ගිහිල්ලා තියෙනවා."
ඔහු කියා සිටියේ සිදුව ඇති හානි තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි.














