ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'බිම බඩගාගෙන යන කෙනෙක්ට අර වගේ කෙනෙක් කැමති වුණේ කොහොමද කියලා හැමෝම හිතනවා'
'බිම බඩගාගෙන යන කෙනෙක්ට අර වගේ කෙනෙක් කැමති වුණේ කොහොමද කියලා හැමෝම හිතනවා'
හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන උපුල් රංජිත් උපතින්ම ලද ආබාධ නොසලකා ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණදෙන තරුණයෙකි.
පාදවල අසාමාන්‍ය තත්ත්වයක් සහිත ඔහුගේ අත්වල ඇඟිලි අඩුය. උපුල් පිළිගැනීමේ නිලධාරියෙකු ලෙස සේවය කරයි. එමෙන්ම ඔහු අභියෝග හමුවේ නොසැලී ජීවිතයට මුහුණදෙන ආකාරය ගැන දරුවන් අභිප්‍රේරණය කරන්නෙකි.
''ඕනෑම කෙනක් හිතනවා මම බිම බඩගාගෙන යන කෙනෙක්. ඇයි අරවගේ කෙනෙක් කැමති වුණේ කියලා. ඇය කියන්නේ අබාධ සහිත තත්ත්වයක් මගෙන් දැක්කට අනිත් යට වඩා මම ලෝකය ජයගත්ත පුද්ගලයෙක් හැටියට'' යනුවෙන් උපුල් රංජිත් BBC සිංහල සේවයට පැවසුවේය.