ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම කාගෙන්වත් ඉල්ලන්නේ නෑ. මම දැකලා තියෙනවා අතපය හතර තියෙන අයත් බොරු කරනවා.'
උපතින් ලද අබාධ සහිත තත්ත්වයන් නොසලකා ගමට අවශ්‍ය පුද්ගලයෙකු බවට පත්වීම තම සිහිනය බව පාදයක් අහිමිව දිවි ගෙවන බදුල්ල, ගල්වෙලගම ජීවත්වෙන ආර්.එම්. සෝමදාස BBCයට පැවසීය.
කිතුල් මැදීම, ගොවිතැන් කිරීම, කොණ්ඩා කැපීම ඇතුළු කාර්යන් රැසක් සිදු කරන සෝමදාසට කුඩා කාලයේදීම පියා අහිමිව තිබේ.
වයස අවුරුදු 14සිට මව සහ සහෝදර සහෝදරියන් පස්දෙනෙකු පෝෂණය කිරීමේ වගකීම සහ ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම තමන් භාරගත් බවත් ඔහු පවසයි.
''මගේ කකුලක් නැති වුණාට මම කවදාවත් කාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ. ඒත් මම දැකලා තියෙනවා කකුල් අතපය හතරම තියෙන මිනිස්සු කොච්චර බොරු කරනවාද කියලා.'' යනුවෙන් ඔහු වැඩිදුරත් කියා සිටියේය.