ලෝකයේ ඇති ගස් ට්‍රිලියන 1.5ක ගබඩා වී ඇති කාබන් ප්‍රමාණය මනින්න චන්ද්‍රිකාවක්

 European Space Agency (ESA) successfully launched a first-of-a-kind satellite which uses a special radar system to reveal what lies beneath the canopy.

ඡායාරූප මූලාශ්‍රය, ESA-CNES-ARIANESPACE

    • Author, එස්මි ස්ටැලාර්ඩ්
    • Role, දේශගුණ සහ විද්‍යා වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ලෝකයේ වැසි වනාන්තර බොහෝවිට "පෘථිවියේ පෙනහලු" ලෙස හැඳින්වේ.

කාබන් ටොන් බිලියන ගණනක් ඒවායෙහි ගබඩා කෙරෙන අතර එමගින් දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමට සහයක් ලැබේ.

නමුත්, ට්‍රිලියන එක හමාරකට වඩා වැඩි ගස් සංඛ්‍යාවක් ඇති බැවින්, ඒවා කොපමණ කාබන් ප්‍රමාණයක් ගබඩා කරනවා ද යන්න හරියාකාරව මැන බැලීම මෙතෙක් කළ නොහැකි වී තිබිණි.

අඟහරුවාදා, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) වනාන්තර වියන යටින් ඇති දෑ සොයා බැලීමට විශේෂ රේඩාර් සහිත අද්විතීය චන්ද්‍රිකාවක් පළමු වරට සාර්ථකව කක්ෂගත කරන ලදී.

කාබන් ගබඩා කිරීමේදී වැසි වනාන්තරවල වැදගත්කම සහ වන විනාශයෙන් සිදුවන බලපෑම විද්‍යාඥයින්ට වඩා හොඳින් අවබෝධ කර ගැනීමට මෙය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රංශයේ ගියානාහි පිහිටි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ කූරෝයු තොටුපළෙන් රොකට්ටුව ගුවන්ගත වී එය අධ්‍යයනය කරනු ලබන වැසි වනාන්තරවලින් එකක් වන ඇමසෝන් වනාන්තරයට ඉහළින් පියාසර කර තිබිණි.

මීටර් 12ක විෂ්කම්භයකින් යුත් යෝධ ඇන්ටනාව නිසා යානයේ ඇති චන්ද්‍රිකාව ආදරයෙන් "space brolly" ලෙස නම් කර ඇති අතර එමගින් සංඥා යොමු කරනු ලැබේ.

"අපි ඇත්තට ම මේ වනාන්තර හොඳින් අධ්‍යයනය කිරීමට කැමති යි. දැන් අපට ඇත්තට ම ඒවායේ ඇතුළත දැකිය හැකි යි," ESA වෙත මෙම අදහස යෝජනා කළ ජාතික පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජෝන් රෙමෙඩියස් එම රොකට්ටුව ක්‍රියාත්මක කිරීමෙන් කිරීමෙන් අනතුරුව පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඇමේසන්, කොංගෝ, ඉන්දුනීසියාව යන ප්‍රදේශවල ඇත්ත වශයෙන් ම ගස් කොපමණ සංඛ්‍යාවක් තියෙනවා ද කියලා පළමු වරට වඩා නිවැරදිව දැන ගැනීමට ලැබීම" ප්‍රධාන ජයග්‍රහණයක් වනු ඇතැයි ඔහු පැවසීය.

ඇන්ටනාව P-බෑන්ඩ් රේඩාර් භාවිත කරයි, එහි දිගු තරංග ආයාමයක් ඇති අතර එමගින් වනාන්තර ගැඹුරින් දැකීමට සහ පත්‍රවලින් සැඟවී ඇති අතු සහ කඳන් හඳුනා ගැනීමට ඉඩ සලසයි.

Airbus සමාගමේ භූවිද්‍යා ප්‍රධානී ආචාර්ය රැල්ෆ් කෝර්ඩි පැහැදිලි කළේ, වර්තමානයේ බොහෝ අභ්‍යවකාශ රේඩාර් යන්ත්‍රවලට අයිස් කඳුවල විශිෂ්ට ඡායාරූප ගත හැකි නමුත් වනාන්තර සම්බන්ධයෙන් ගත් කල, ඒවාට පෙනෙන්නේ කුඩා අතු සහ පත්‍ර වැනි මුදුන් පමණක් වන අතර ඇතුළත ගැඹුරින් දැකිය නොහැකි බව ය..

"නමුත් අපට හමු වූ දෙය නම්, බොහෝ දිගු රේඩාර් තරංග ආයාමයක් භාවිත කිරීමෙන්, අපට ගස් හා වනාන්තරවල ගැඹුර දැකගත හැකි වීම යි," ඔහු පැවසීය.

ටොන් 1.2ක චන්ද්‍රිකාව CT ස්කෑන් පරීක්ෂණයකදී භාවිත කරන ප්‍රවේශයට සමාන නොවන ප්‍රවේශයක් භාවිත කරන අතර, නැවත නැවත ගමන් කිරීමේදී ගස් හරහා පැතිකඩ විශ්ලේෂණය කර, දැවමය ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් තිබේ ද යන්න පිළිබඳ චිත්‍රයක් ගොඩනගා ගනු ඇත.

ග්‍රහලෝකය උණුසුම් කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සඳහා නියෝජිතයෙකු ලෙස භාවිතා කළ හැක්කේ මෙම ද්‍රව්‍යය යි.

වර්තමානයේ, විද්‍යාඥයින් තනි තනි ගස් පිළිබඳව අධ්‍යයනය කරන අතර ඉතිරිය ඇස්තමේන්තු කිරීමට උත්සාහ කර යි, නමුත් මෙය "විශාල අභියෝගයක්" බව ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යාලයේ මහාචාර්ය මැට් ඩිස්නි පැවසීය.

"අපගේ වර්තමාන අවබෝධය සැබැවින් ම අපැහැදිලි යි, මොක ද ඒක විමර්ශනය කිරීම ඇත්තට ම දුෂ්කර නිසා. අත්‍යවශ්‍යයෙන් ම, අපි කතා කරන්නේ නිවර්තන කලාපය පුරා ට්‍රිලියන එක හමාරක ගස්වල ගබඩා කර ඇති කාබන් ප්‍රමාණය කිරා මැන බැලීමට උත්සහ කිරීම ගැන යි," ඔහු පැවසීය.

"චන්ද්‍රිකා යනු ඔබට එය අඛණ්ඩව කළ හැකි එක ම ක්‍රමය යි."

චන්ද්‍රිකාව ක්‍රියාත්මක කිරීමෙන් පසුව පවා, එය ආපසු එවන දත්ත පරීක්ෂා කර තහවුරු කිරීම සඳහා විද්‍යාඥයින් භූමියේ ගස් මැනීම අඛණ්ඩව කරගෙන යනු ඇත.

The antenna is using P-band radar which has a very long wavelength - allowing it to see deeper inside forests and reveal branches and trunks obscured by the canopy.

ඡායාරූප මූලාශ්‍රය, ESA-CNES-ARIANESPACE

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ටනාව P-බෑන්ඩ් රේඩාර් භාවිත කරයි. එහි දිගු තරංග ආයාමයක් ඇති අතර එමගින් වනාන්තර ගැඹුරින් දැකීමට සහ කොළවලින් සැඟවී ඇති අතු සහ කඳන් හඳුනා ගැනීමට ඉඩ සලසයි.

මෙම චන්ද්‍රිකාව එක්සත් රාජධානියේ නිෂ්පාදනය කරන ලද අතර එය මුලින් ම යෝජනා කරන ලද්දේ, ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂෝන් කීගන් විසිනි. එය සාමූහික උත්සහයක් බව පැවසූ ඔහු, "මෙම මෙහෙයුම යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් සමග දශක ගණනාවක් තිස්සේ කරන ලද නවෝත්පාදක කාර්යයක ප්‍රතිඵලයක්" බව පැවසීය.

දශක ගණනාවක් තිස්සේ අත්හදා බැලීම් සිදු කළ ද, රොකට්ටුව මුදා හැරීම පසුපස චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ක්‍රියාවලිය තුළ අභියෝග රැසක් තිබිණි.

"චන්ද්‍රිකාවේ සමහර කොටස් විශාල යි, දිග හැරෙන මීටර් 12ක ඇන්ටනාවත් ඒකට සම්බන්ධ යි. අභ්‍යවකාශයේ යෝධ කුඩයක් දිග හරිනවා වගේ තමයි. ඒ නිසා ඒක ගැටලුවක් නැතිව සිද්ධ වෙන බවට අපි බලාගෙන ඉන්නවා," ආචාර්ය කෝඩි පැවසීය.

ඇන්ටනා පරාවර්තකය ගොඩනැගීමට සහය වීම සඳහා එයාර්බස් සමාගම විසින් ඇමෙරිකානු සමාගමක් වන L3Harris Technologies සමාගමේ ඉංජිනේරුවන් ඔවුන්ගේ ස්ටීවනේජ්හි පිහිටි කර්මාන්ත ශාලාවට රැගෙන එන ලදී.

L3Harris යනු මෙම විශාල, නොකැඩෙන පද්ධතිවල විශේෂඥ සමාගමකි. එය යුරෝපයේ දැනට නොමැති තාක්ෂණික විශේෂඥතාවකි.

L3Harris are specialists in these large, unfurlable systems - expertise which is not currently possessed in Europe.

ඡායාරූප මූලාශ්‍රය, L3 Harris Technologies

ඡායාරූප ශීර්ෂ වැකිය, L3Harris යනු මෙම විශාල, නොකැඩෙන පද්ධතිවල විශේෂඥ සමාගමකි. එය යුරෝපයේ දැනට නොමැති තාක්ෂණික විශේෂඥතාවකි.

මාස හයක් ඇතුළත පළමු සිතියම් නිෂ්පාදනය කිරීමට කණ්ඩායම බලාපොරොත්තු වන අතර, පසුව ඉදිරි වසර පහ සඳහා දත්ත රැස් කිරීම අඛණ්ඩව සිදුකරනු ඇත.

මෙම වාර්ෂික සිතියම් මගින් කොපමණ කාබන් ප්‍රමාණයක් ගබඩා කර ඇත් ද යන්න පමණක් නොව වන විනාශය නිසා කොපමණ කාබන් ප්‍රමාණයක් අහිමි වේ ද යන්න ද පෙන්වනු ඇත.

"ලෑන්ඩ්සැට් වැනි චන්ද්‍රිකා වසර 50ක් තිස්සේ භාවිත කරල තියෙනවා. නමුත් එවැනි චන්ද්‍රිකාවල රූප බොහෝවිට වලාකුළුවලින් අවහිර වෙනවා. වලාකුළු බහුලව දක්නට ලැබෙන නිවර්තන කලාපවල, වනාන්තරයේ කොටස් දැක ගන්න බැරි වෙන්න පුළුවන්," මහාචාර්ය ඩිස්නි පැවසීය.

ජෛව ස්කන්ධ චන්ද්‍රිකාවේ දිගු තරංග ආයාමයේ තවත් වාසියක් නම්, එයට වලාකුළු විනිවිද දැකීමට හැකි වීම ය. වසරක සිට ඊළඟ වසර දක්වා වනාන්තරයක ස්ථාවර, සැසඳිය හැකි දසුනක් ලබා දීම එහිදී සිදු කෙරේ.

වසර 20කට වැඩි කාලයක් ව්‍යාපෘතිය වෙනුවෙන් සේවය කළ විද්‍යාඥයන් ලැබූ ප්‍රතිඵලය මෙය යි.

"ඒක හරිම උද්යෝගිමත්, මොක ද ඒකෙන් අපිට කියන්න යන්නේ අපි සමහර විට සාමාන්‍ය දෙයක් විදිහට සලකන දෙයක් ගැන. අපගේ වනාන්තර සහ ගස්, සහ ඒවා අපගේ ග්‍රහලෝකය පාලනය කරන ක්‍රියාවලීන්ට බලපාන ආකාරය, විශේෂයෙන් දේශගුණික විපර්යාස, එය වර්තමානය සහ අනාගතය සඳහා ඉතා වැදගත් වෙනවා," ආචාර්ය කෝඩි පැවසීය.