දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනපති අනුර කළ ඉල්ලීම ගැන විවිධ මත

ඡායාරූප මූලාශ්‍රය, PMD Sri Lanka
සාමාන්‍ය මහ ජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ පිළිබඳව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමග සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බව ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ, ඉරිදා (පෙබ. 23) පෙරවරුවේ මහනුවර දළදා මාළිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ය.
ඒ අනුව, මහ ජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ වසර 16කට පසුව බවට ද මාධ්‍ය වාර්තා පළ විය.
දළදා ප්‍රදර්ශනය ගැන විවිධ අදහස්
ලබන අප්‍රේල් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැදිහත් වීමෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අදහස් කිහිපයක් පහත දැක්වේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 1

End of Facebook post, 2

End of Facebook post, 3

End of Facebook post, 4

End of Facebook post, 5

End of Facebook post, 6

ඡායාරූප මූලාශ්‍රය, PMD Sri Lanka
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමට පෙර පවසා තිබුණේ, දළදා වහන්සේ වැඳ පුදා ගැනීම යනු පෞද්ගලික කාරණයක් බවත්, ඒ සඳහා මාධ්‍යවේදීන් රැගෙන යාම නොකළ යුතු බවත් ය.
කෙසේ වෙතත්, ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යවල පළ කර තිබීම සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබිණි.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 7
'මේක දේශපාලනික අරමුණු වෙනුවෙන් ආගම යොදා ගැනීමට හොඳ ම උදාහරණයක්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දළදා වහන්සේ මහ ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමේ අරමුණ වන්නේ, වත්මන් රජයේ අසාර්ථකත්වය පිළිබඳ ජනතා අදහස් වෙනත් දෙසකට යොමු කිරීම බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
"ජනතා විමුක්ති පෙරමුණ අසීරුවට පත් වෙලා මේ මොහොතේ ඉන්නෙ. ඒ අසීරුතාවයෙන් ගොඩ යන්න මහ ජනතාවට ආණ්ඩුව පිළිබඳව තියෙන අදහස් වෙන පැත්තකට හරවන්න. ඒ කියන්නෙ ආණ්ඩුව පිළිබඳව තියෙන අදහස තමයි, ජනතාවට දිනපතා විහිළු සපයනවා, ඒ වගේ ම දිනපතා ඔවුන්ගේ අසාර්ථකත්වය මහ ජනයා ඉදිරියේ පෙන්නන එක. අසාර්ථකත්වය තමයි පේන්නේ. ඒක වෙන පැත්තකට යොමු කරන්න හොඳ ම දේ තමයි, ඕන කෙනෙකුට තේරෙනවා, එක්කෝ ක්‍රිකට් මැච් එකක් ගේනවා, එක්කෝ සර්වඥ ධාතු පෙන්වනවා, එහෙම නැත්නම් දළදා ප්‍රදර්ශනයක් තියනවා. මේක පැරණි අයත් ඔය විදිහට ම කරල තියෙනවා."
1977 වසරේදී බලයට පත්වුණු ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව සිය මහා පරිමාණ ව්‍යාපෘති ප්‍රමාද වෙන හෙයින් ජනතා විරෝධය වෙනතකට හැරවීමේ අරමුණින් සර්වඥ ධාතු ප්‍රදර්ශනය කිරීම සහ ඉන්දියාවෙන් ඇපලෝ සර්කස් කණ්ඩායම් රැගෙන විත් ජනතාවට ප්‍රදර්ශනය කළ බව ද දඹර අමිල හිමියෝ සිහිපත් කළහ.
"බලය ගත්තාට පස්සේ සංවර්ධන වැඩ කරන්න මේගොල්ලන්ට මොනවත් තේරෙන්නෙත් නෑ, දන්නෙත් නෑ. අත්දැකීමකුත් නෑ. පළපුරුද්දකුත් නෑ. අවුරුදු පණහක් තිස්සේ විරෝධාකල්ප ඉදිරිපත් කර කර හිටියා මිසක්, රටක් හදන්න දැක්මක් මොනවත් තිබුණෙ නෑ. බලය ආවා, බලය ගන්න වුණා. දැන් බලපුවා ම මොනවත් වැඩක් කෙරෙන්නෙ නෑ. ඔක්කොම රිවර්ස්. ඔක්කොම අවුල්. දැන් ඒ නිසා ජනතා විරෝධය ලොකුවට එන හින්දාත්, ආණ්ඩුව සම්පූර්ණයෙන් ම ෆේල් හින්දාත් දැන් ජනතාවගෙන් එන විරෝධය වළක්ව ගන්න ඒක වෙන පැත්තකට හරවන්න තමයි, ඔය දළදා ප්‍රදර්ශනයක් ඕන කියලා කියන්නේ. මේක දේශපාලනික අරමුණු වෙනුවෙන් ආගම යොදා ගැනීමට හොඳ ම උදාහරණයක්."
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 8
"අනුර කුමාර දිසානායක කිව්වා අවසානයේදී තක්කඩියාගේ නවාතැන ආගම කියලා. දැන් ඔහු එතනට ගියා. ඒ කියන්නෙ අන්තිම කපටි, ව්‍යාජ, රඟපාන එකක් මිසක් සැබවින් ම දළදා ප්‍රදර්ශනයක් කිරීමේ අවශ්‍යතාවක් නෙවෙයි තියෙන්නේ. දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට ඇති සංස්කෘතික අංගයත් තම දේශපාලන නිරුවත සහ නොහැකියාව වසා ගැනීම සඳහා මහ ජනයාගේ අදහස වෙන පැත්තකට යොමු කිරීමේ අදහසින් කරන ඉතා ම තක්කඩි වැඩක් හැටියට තමයි මේක හඳුන්වන්න පුළුවන්."

ඡායාරූප මූලාශ්‍රය, PMD Sri Lanka
'දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම කියන්නේ ලංකාවේ බෞද්ධයින් සඳහා කරන දෙයක්'
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර බීබීසී සිංහල සේවය කළ විමසුමකදී පැවසුවේ, "වසා ගැනීමට තරම් ආණ්ඩුවේ අසාර්ථකත්වයක් නොමැති," බව ය.
"දළදා ප්‍රදර්ශනයක් අවුරුදු 16කට කලින් තමයි කරලා තියෙන්නේ. වහගන්න තරම් අසාර්ථක වීමක් ආණ්ඩුවේ වෙලා නැහැ. අපට හිතෙන්නෙ නම් ආණ්ඩුවේ එහෙම අසාර්ථක වීමක් නැහැ. ජනතාව තුළ ආණ්ඩුව ගැන ප්‍රසාදයේ පිරිහීමක් වෙලා නැහැ. ඒක මං හිතන්නෙ ඉස්සරහ මැතිවරණවලදී බොහොම පැහැදිලිව පෙනෙයි."
ඇය පෙන්වා දුන්නේ, ආණ්ඩුව අසාර්ථක බවට අදහසක් ජනතාව අතර නැති බව ය.
"ආණ්ඩුව අසාර්ථකයි කියලා ජනතාව අතර අදහසක් නැහැ. ඒ අදහස තියෙන්නේ විපක්ෂයේ කට්ටිය අතරේ තමයි. ඒගොල්ලො එහෙම කියන්න එපායැ. ඒගොල්ලො ඉතින් විපක්ෂය නෙ. එහෙම නැතුව රජය අසාර්ථක වෙලා තියෙනවා කියල එකක් නෑ. ඒ නිසා රජයේ අසාර්ථක වීම් වහගන්න කියලා කිසි දෙයක් කිරීමේ අවශ්‍යතාවකුත් නෑ. දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම කියන්නේ ලංකාවේ බෞද්ධයින් සඳහා කරන දෙයක්. ආණ්ඩුව අසාර්ථක නම් එහෙම දෙයක් කළා කියලා ඒක වහ ගන්නත් බෑ. ඒ නිසා අපට එහෙම අරමුණක් නැහැ."