විජේ සේතුපති: ප්‍රවීණ දමිල චිත්‍රපට නළුවාට එල්ල වූ 'ලිංගික අපයෝජන' චෝදනාව

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු වන විජේ සේතුපතිට එරෙහිව X සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයෙකු විසින් එල්ල කෙරුණ චෝදනාවක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Vijay Sethupathi| Facebook

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන විජේ සේතුපතිට එරෙහිව X සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයෙකු විසින් එල්ල කෙරුණ චෝදනාවක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ.

ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පී විජේ සේතුපතිට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ලද්දේ රම්‍යා මොහන් නමැති X ගිණුමෙනි.

එම X පණිවිඩයේ දක්වා ඇත්තේ තමන් දන්නා හඳුනන ගැහැනු ළමයෙකු විජේ සේතුපති විසින් ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බව යි.

එල්ල කර තිබුණු චෝදනා මොනවා ද?

එම X පණිවිඩයේ දක්වා ඇත්තේ තමන් දන්නා හඳුනන ගැහැනු ළමයෙකු විජේ සේතුපති විසින් ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බව යි.

ඡායාරූප මූලාශ්‍රය, Vijay Sethupathi| Facebook

අදාළ ගිණුම විසින් කාන්තාව රංගන ශිල්පී විජේ සේතුපතිට චෝදනා කර සිටියේ ඔහු විසින් සමාජ මාධ්‍යවල සාන්තුවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදලට කාන්තාවක් ලිංගිකව සුරාකෑමට ලක් කර ඇති බව යි.

විජේ සේතුපතිට එරෙහිව චෝදනා එල්ල කරමින් පළකර තිබු එම X පණිවිඩය පැය කිහිපයකට පසුව ඉවත් කර ගෙන තිබු අතර පසුව එම ගිණුම ද අක්‍රීය කර තිබිණි.

අදාළ ගිණුම විසින් කාන්තාව රංගන ශිල්පී විජේ සේතුපතිට චෝදනා කර සිටියේ ඔහු විසින් සමාජ මාධ්‍යවල සාන්තුවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදලට කාන්තාවක් ලිංගිකව සුරාකෑමට ලක් කර ඇති බව යි.

ඡායාරූප මූලාශ්‍රය, Screenshot

විජේ සේතුපති ගේ ප්‍රතිචාරය කුමක් ද ?

ඩෙකෑන් ක්‍රොනිකල් නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විජේ සේතුපති සඳහන් කර ඇත්තේ තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සහ ඒවා "පදනම් විරහිත" බව යි.

"මාව දුරස්ථව දන්නා ඕනෑම කෙනෙකු මේකට හිනා වෙනවා. මමත් මාව ම දන්නවා. මේ වගේ අපිරිසිදු චෝදනාවකින් මාව කලබල කරන්න බැහැ. මගේ පවුලේ අය සහ සමීප මිතුරන් කලබල වෙලා, නමුත් මම එයාලට කියනවා, 'ඒකට යන්න ඉඩ දෙන්න. මේ කාන්තාව පැහැදිලිව ම එය කරන්නේ අවධානයට ලක් වෙන්න. ඇයට මිනිත්තු කිහිපයකට ජනප්‍රියතාවයක් ලැබිලා තියෙනවා, ඇයට ඒක භුක්ති විඳින්න ඉඩ දෙන්න." ඔහු ඩෙකෑන් ක්‍රොනිකල් වෙබ් අඩවියට පවසා තිබිණි.

විජේ තවදුරටත් පැවසුවේ තමන් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනාවක් සිදුකළ X සමාජ වේදිකාව භාවිත කරන අදාළ ගිණුමට එරෙහිව සයිබර් අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව සහ එවැනි මඩ ප්‍රචාරණ ව්‍යාපාරවලින් තමාට බලපෑමක් එල්ල නොවන බව යි.

"මම අවුරුදු හතක් තිස්සේ මේ ආකාරයේ සියලු කටකතා වලට මුහුණ දී ඉන්නවා. එවැනි දේවල් වලින් මාව ඉලක්ක කලත් ඒවා මේ දක්වා මට බලපාලා නැහැ. ඒ වගේ ම කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ." විජේ සේතුපති අදාළ සම්මුඛ සාකච්ඡා පවසා තිබේ.

විජේ සේතුපති සහ ෂාරුක් ඛාන් සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

විජේ සේතුපති යන කවුද ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1978 වසරේ ජනවාරි මස 16 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩු හිදී උපත ලබන විජේ ගුරුනාත් සේතුපති, වාණිජ්‍යය පිළිබඳ උපාධියක් ලබා ඇත. කොලිවුඩයේ ප්‍රසිද්ධියට පත්වීමට පෙර ඔහු ඩුබායි හි ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කළේය.

2003 වසරේදී ඩුබායි සිට ඉන්දියාව බලා පැමිණෙන ඔහු විවාහ වූ අතර පසුව ඔහු කෙටි කලකට මිතුරන් සමඟ ගෘහ අලංකරණ ව්‍යාපාරයකට පිවිසි අතර පසුව මුළුතැන්ගෙයි අලෙවිකරණ සමාගමකට සම්බන්ධ විය.

කෙසේ වෙතත්, රංගනය කෙරෙහි ඔහුට තිබූ දැඩි ආශාව නිසා චෙන්නායි හි පිහිටි නාට්‍ය කණ්ඩායමක් වන කූතුපත්තරයි හි ගණකාධිකාරීවරයෙකු ලෙස රැකියාවක් ලබා ගැනීමට ඔහුට හැකි විය. මෙම භූමිකාව ඔහුට නාට්‍ය ලෝකයේ ගිලී යාමට ඉඩ සැලසූ අතර, එහිදී ඔහුට නළු නිළියන් සමීපව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණු අතර, රංගනය හැදෑරීමට ඇති ඔහුගේ ආශාව තවදුරටත් ඉස්මතු කරන ලදී.

අතියායම්, නීර්, තුරු, ටෝක් ටෝක්, පෙත්තලිතු වැනි කෙටි චිත්‍රපටවල සුළු සහය චරිත නිරූපණය කරමින් කටයුතු කළ විජේ සේතුපති, කොලිවුඩ් සිනමාවේ චිත්‍රපට වන එම්. කුමාරන් සන් ඔෆ් මහාලක්ෂ්මී, පුදුපෙට්ටායි, ලී, වෙන්නිලා කබඩි කුලු, නාන් මහන් ඉල්ල වැනි චිත්‍රපටවල පසුබිම් නළුවකු ලෙස චිත්‍රපට ක්ෂේත්‍රයේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

69, රවුඩි ලවර්, මාස්ටර්, ධර්මා දුරෙයි, නානුම් රවුඩි තාන්, වික්‍රම් වේදා, කාවාන්, සේදුපති වැනි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට පන පොවමින් විජේ සේතුපති චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.