ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නියැන්ඩර්තාල්වරුන් සමග පැවති ලිංගික සබඳතා අපව සදාකාලිකව වෙනස් කළ ආකාරය
ජීව විද්‍යාඥයින්ගේ වර්ගීකරණයට අනුව නූතන මානවයින් සහ නියැන්ඩර්තාල්වරුන් විශේෂ (species) දෙකකට අයත් වේ. 'ජීව විශේෂය' යන්න විද්‍යාත්මකව අර්ථ දක්වන ආකාරයට විශේෂ දෙකක් අතර ප්‍රජනනයෙන් 'සරු ජනිතයෙකු' බිහි කළ නොහැකිය. ඉන් අදහස් වන්නේ නව ජීවියෙකු බිහි වුව ද බිහිවන නව ජීවියාට තවත් පරම්පරාවක් ඇති කළ නොහැකි බවය.
එහෙත්, අපගේ මුතුන් මිත්තන් අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ, විශේෂ (species) පිළිබඳ අර්ථ දැක්වීම එතරම් පැහැදිලි නැති බවයි.
අප බොහෝ දෙනෙකුට නියැන්ඩර්තාල් DNA ඇති නිසා අපට ඒ පිළිබඳව අවබෝධයක් තිබේ.
වසර දහස් ගණනකට පෙර හෝමෝ සේපියන්ස්වරුන් හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස්වරුන් සමග සංසර්ගයේ යෙදීමෙන් නූතන මානවයාට ලැබුණු දේ මෙම වීඩියෝවෙන් අපි පැහැදිලි කරමු.