ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගංවතුරක් නොදුටු දියණියක් නිවසක කොටු වී සිටි 'නේවි මාමා' බේරාගත් මෙහෙයුම
අවිස්සාවේල්ල, වග පදිංචි චරිත්මා ජිනේද්‍රි මායිටිපේ, ගංවතුරට කොටු වී සිටි වැඩිහිටියන් දෙදෙනෙකුගේ දිවි බේරාගත් දිරිය දියණියක් වන්නීය.
ජුනි දෙවැනි දා රාත්‍රියේ සිදු වූ ක්ෂණික ජල ගැලීමක් නිසා ඇගේ නිවස මෙන්ම යාබද නිවාස ජලයෙන් යට විය.
එහිදී විදුලිය ද විසන්ධි වී පරිසරය අන්ධකාරයේ පැවති රාත්‍රියක ඇය පිහිනා ගොස් ජීවිත දෙකක් බේරා ගැනීමට සමත් වූවාය.
''මම නාවික හමුදාවේ අවුරුදු 22ක් සේවය කරලා විශ්‍රාම ගිහින් ඉන්නේ. මගේ උසටත් වැඩියි වතුර පාර. මමයි බිරිඳයි ගෙදර උලුවස්සේ එල්ලිලා ඉන්නකොට තමයි චරිත්මා දුව ඇවිත් අපිව බේර ගත්තේ.'' යනුවෙන් ජී.ඩී මධුරංග BBC සිංහල සේවයට පැවසුවේය.