ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාලදිවයින් හිටපු ජනපති යමීන්ට වසර 11ක සිරදඬුවමක් කෙරුණේ ඇයි?
දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවන්ට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරට අපරාධ අධිකරණය (දෙසැම්බර් 25 වැනිදා) වසර 11ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කරනු ලැබීය.
පෞද්ගලික සමාගමකින් නීතිවිරෝධීව මුදල් ලබා ගැනීම ඇතුලු චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.කෙසේ වෙතත් යමීන් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
හිටපු ජනපති යමීන්ට 2018 දී බලය අහිමි වූ නමුත් 2023 දී පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා ඔහු මාලදිවයින් ප්‍රගතිශීලී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
අබ්දුල්ලා යමීන් මාලදිවයින් හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ අඩ සහෝදරයෙකි.
2019 දී ද ඔහුට වසර පහක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කෙරුණු අතර නිවාඩු නිකේතන සංවර්ධන අයිතීන් බදු දීමෙන් රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එම චෝදනා එල්ලවී තිබුණි.
දඬුවම් කිරීමෙන් පසු, යමීන් 2020 දී නිවාස අඩස්සියේ තබා මාස කිහිපයකට පසු නිදහස් කරන ලදී.
නිදහස් වූ දා සිට, යමින් මාලදිවයිනේ ඉන්දියානු බලපෑමට එරෙහි ව්‍යාපාරයක් සමඟ නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේය.
ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික නාවික මංතීරුවලට ආසන්නව පිහිටා ඇති මාලදිවයින, කලාපය තුළ බලපෑම සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර බල තරගයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙයි.