‘අපි ප්‍රීතියෙන් නැටුවා, පසුව මළවුන් අතර සැඟවුණා’: ඔක්තෝබර් 7 NOVA ප්‍රසංගයේදී දිවි ගලවා ගත්තවුන්

‘අපි ප්‍රීතියෙන් නැටුවා, පසුව මළවුන් අතර සැඟවුණා’: ඔක්තෝබර් 7 NOVA ප්‍රසංගයේදී දිවි ගලවා ගත්තවුන්

අවවාදයයි: මෙම වීඩියෝවේ අතිශය සංවේදී දර්ශන ඇතුළත් වේ

BBC Storyvilleහි නව වාර්තා චිත්‍රපටය හරහා 2023 ඔක්තෝබර් 7 වන දින සිය ගණනක් මිනිසුන් මරා දැමූ ඊශ්‍රායලයේ Nova සංගීත සාදයට සහභාගී වූවන්ට එල්ල කළ හමාස් ප්‍රහාරය පිළිබඳ අතිශය ඛේදජනක දර්ශන පෙන්වයි.

හමාස් සංවිධානය මිනීමැරීම් සිදු කරමින්, නර්තන සාදයක් ව්‍යාකූලත්වයෙන් භීතියට සහ අවුල්සහගතභාවයට පත් කළ ආකාරය දිවි ගලවා ගත් අයගේ සාක්ෂි, ජංගම දුරකථන දර්ශන සහ හමාස් සංවිධානයේ දර්ශන භාවිත කරමින් ඉදිරිපත් කොට තිබේ.

හමාස් තුවක්කුකරුවන් විසින් ගාසා තීරයේ සිට දේශසීමා තරණය කරමින් ස්ථාන ගණනකට ප්‍රහාර එල්ල කරමින් මිනිසුන් 1,200ක් ඝාතනය කළ අතර තවත් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගන්නා ලදී.

එදා පටන් ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදු කළ මිලිටරි මෙහෙයුම් හේතුවෙන් පලස්තීනුවන් 41,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලක සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.