ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී ඇමෙරිකාව යොදාගෙන ඇති අවි ආයුධ මොනවා ද?
ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පසුගිය පෙබරවාරි මස 28 වැනි දා ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කළේය.
ප්‍රහාරයේ ආරම්භයේදී ඊශ්‍රායල් ගුවන් හමුදාවේ F-15, F-22 සහ F-35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා ඉරානයේ ඉලක්ක වෙත බෝම්බ හෙළු අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන මෙහෙයුමට සම්බන්ධ වූයේ ටොමෝහෝක් වර්ගයේ මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කරමිනි.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව යුදමය ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සුදානම් වූයේ මෙම වසරේ ජනවාරි මාසයේ සිටය.
අවම වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය ප්‍රහාරක ජෙට් යානා සහ උඩු ගුවනේදී ඉන්ධන හුවමාරු කිරීමේ හැකියාව සහිත ගුවන් යානා 300 කට අධික සංඛ්‍යාවක් මැදපෙරදිග කලාපය වෙත රැගෙන ආ බවට ගුවන් යානා දත්ත වාර්තාවලින් හෙළි වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගෙන ඇති අවි ආයුධ සහ ඒවායේ යුද හැකියාවන් පිළිබඳ විශ්ලේෂණයක් බීබීසී සිංහල ගෙනෙන මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
පිටපත: දිනුක් හේවාවිතාරණ
දෘශ්‍ය සජීවීකරණය, සංස්කරණය සහ නිෂ්පාදනය: සිදේශ් අනුරංග