ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් එය අපට බලපාන්නේ කෙසේ ද?
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් එය අපට බලපාන්නේ කෙසේ ද?
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් මිය ගොස් ඇති අතර, එය දශක ගණනාවකින් කලාපය දුටු බරපතළ ම ක්‍රියාකාරකම්වලින් එකකි.
ඉරානය "අතිශය විනාශකාරී" ප්‍රතිචාරයක් ලබා දෙන බවට ප්‍රතිඥා කර ඇති අතර, එය දැනටමත් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපය පුරා ඇති ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කරමින් සිටී.
දැන් ලෝකයේ අවධානය මෙම ප්‍රහාර සහ ඉහළ යන ආතතිය කෙරෙහි මෙන් ම ගෝලීය බලපෑමක් ඇති එක් පටු ජල ප්‍රදේශයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය කෙරෙහි ද යොමු වෙමින් පවතී.